‘මම අසනීප වුනාම පන වගේ ආදරේ කල බිරිඳ මාව දාලා ගියා’ ජනප්‍රිය ගායක සචිත් කියන කතාව

සචිත් පීරිස් නම කියු සැනින් අදුරගන්න චරිතයක්. රූපය මෙන්ම කටහඩින්ද ඔහු කවුරුන්ද යන්න සංගීත ලෝකයේ ඉන්න කවුරුත් අදුරනවා. පහුගිය කා⁣ලයේ සැගව ගිය ඔහු නැවතත් කරලියට ඇවිත්. ඉතින් අපි ඔහුගෙන්ම මේ පිලිබඳ කතා කරන්න හිතුවා. සචිත් නිහඩබව බිදලා අලුත් නිර්මාණයකින්ම ජනතාව අතරට ආවා නේද. “ඔව් ඇත්තටම සමහර දේවල් එක්ක කාලයක් නිහඩ වුනත් මට ආයේ ජනතාව අතරට එන්න පුළුවන් වෙනවා. නාඩගම් ගිතයත් හිතපු නැති විදිහට ජනතාව වැලගත්තා. හැබැයි වෛරස් කාලය එක්ක මට සිංදුවක් කරන්න තරම් අවස්ථාවක ලැබෙන්නේ නෑ. ඒත් සමිතා මුදුන්කොටුව එක්ක මට මගේ අලුත් ගීතය දෙව්ලියේ එළියට දෙන්න පුළුවන්⁣ වෙනවා. ඉතින් කාලයක් දන්න සමිතා එක්කම මේ ගීතය කරද්දි නොහිතපු විදිහට මට රසික ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම ඒ දේවල් අහද්දි ම⁣ට ගොඩක් සතුටුයි.” කියලයි.

සචිත් කාලයක් ගොඩක් දුක්බර ජීවිතයක් ගත කළා ඒ ඔහුට වැළඳුන රෝගයක් නිසා. ඉතින් අපි සචිත්ගෙන් මෙගේම අහන්න හිතුවා. වසර ගානක් ඔබ පිළිකා රෝගය එක්ක පීඩි වින්දා. ඒ දේවල් එක්ක මේ ලැබෙන්නේ රසික ආදරය අනුකම්පාවක්ද? “මම කොහොමත් අනුකම්පාව ගන්න වැඩ කරන කෙනෙක් නෙවෙයි. මම මාර්කට් කලේ මගේ දක්ෂතාවය. නැතුව මගේ අසනිපය නෙවෙයි.

2012 ඉදන් මට පිළිකා රෝගය වැළදෙනවා. අද වෙද්දි මට ගොඩක් සුවයි. හැමදේටම ප්‍රතිකාරයක් තමා මනස නිදහස්ව තියාගන්න එක. මම අද මේ මොහොතේ ජිවත් වෙන්න තිරණය කලා. මොකද අතිතට අනාගතය වැඩක් නෑ. මම මගේ ජිවිතේ අතාරින්න හිතපු අවස්ථා තිබුනා. හැබැයි මම දරාගත්තා ගොඩක් දේවල්. අපි කාටත් හොද නරක කාල දෙකක් උදා වෙනවා.” කියලයි.

අහිමිව් ගැන කිවොත් අසනිප කා⁣ලයේ ඔබේ බිරිඳ ඔබව හැර යනවා. “ඔව් අසනිපය එක්ක මගේ විවාහ ජිවිතේට තිත වැටෙනවා. මිනිස්සු එහෙම තමයි. පන දෙන්න වගේ හිටියත් ඒ අය තත්පරෙන් වෙනස් වෙනවා. ආයේ දවසක ඇය මගේ ලගට ආවත් මට ඇයව එපා. මොකද මට ඇයව පිළිගන්න ඕනි කමක් නෑ. මට ඇයව ඕනිම කාලේ ඇය මාව දාලා ගියා.

මම ඇත්තටම ඒ අතීතය ඒ පුද්ගලයා ගැන කතා කරන්න කැමති නෑ. අද මම මගේ කලාවට මුල් තැන දෙන කෙනෙක්. ඒ නිසා ආයේ විවාහයක් ආදරයක් ගැන හිතන්න වෙලා නෑ. ඒ වගේම මගේ අසනිපය එක්ක මගේ ලගම හිටියේ අම්මා තාත්තා වගේම සහෝදරයෝ. ඉතින් ඒ තමා මගේ හයිය. යන අයව නතර කරන්න කොයිම වෙලාවකවත් මේ සචිත් වැට බැන්දේ නෑ.” ඉතින් ඔබත් මමත් හැමෝම ආදරේ කරන සචිත්ට නිදුක් නිරෝගී දිවියක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.