‘මම අරූට කැමතියි කියන්න තරම් මම නිර්භීතයි’ හැමෝගෙම ආදරේ දිනාගත් නිලූ කියන කතාව

කාලයක් ලංකාවේ හැමෝම අතර විශාල කතාබහක් ඇතිකළ සීමිත කොටස් ගණනකින් සමන්විතවුන සති අන්ත ටෙලි කතා මාලාවක් තමයි ‘පොදු’ කියන්නේ. ඉතින් මේ කතාවේ හිටපු නිලුට හැමෝම වගේ ගොඩක් ආදරේ කළා. නිලුගේ චරිතයට පන පෙව්වේ නවක රංගන ශිල්පිනියක වන ලහිරුනී රශ්මිධාරා සල්වතුරයි. ඇයට මේ වගේ ලස්සන නමක් දාලා තියෙන්නේ ඇයගේ තාත්තා කියලයි ලහිරුනී අපිට කිවුවේ. පොදු කියන්නේ ඇයගේ පළමු රංගනය. නමුත් මීට පෙර ඇය වෙළඳ දැන්වීම් කිහිපයක රංගන දායකත්වය ලබාදීලා තිබුනා. එයින් ලැබුන අත්දැකීම නිසා ටෙලිනාට්‍යයේ රංගනය පහසුකරගන්න පුළුවන් වුනා කියලයි ඇය කියන්නේ.

ලහිරුනී කියන්නේ ගොඩක් නිර්භීත චර්හිතයක්ලු. ඉතින් ඇය ඒ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මම ඉගෙනගන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක. අපිට රැග් නැහැ. ඉතින් අපි උපරිම ෆන් එකේ කාලය ගත කරනවා. ඒ වගේම මම කාටවත් බය නෑ කොල්ලෙක් දැක්කොත් ”මම අරූට කැමතියි” කියන්න තරම් මම නිර්භීතයි. අපි කෙල්ලෝ අට දෙනා එකට ඉන්නකොට යකෙක්ටවත් බය නැහැ.” කියලයි. කොහොම වුනත් ලහිරුනී දැන් විවාහකයි ඇය විවාහ වෙලා ඉන්නේ ලහිරු විජේසිංහ සමග. ඔවුන් එකම ආයතනයේ සේවය කල දෙදෙනෙක්. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන ලහිරුනී රශ්මිධාරාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.