‘මම අප්පච්චි වගේ පේනවනම් ඒක ජානමය කාරනාවක්’ ජනප්‍රිය නළු සජිත ඇන්තනී කියන කතාව

අපේ කළා ලෝකයේ හැමෝගෙම වගේ ආදරේ දිනාගෙන ඉන්න පවුලක් තමයි ඇන්තනී පවුල කියන්නේ. ජැක්ෂන් ඇන්තනී මහතා ප්‍රමුක මේ පවුලේ හැමෝම රංගන ශිල්පිනියන්. ඒ වගේම මේ පුංචි කැදැල්ලේ අද වන විට ජනප්‍රියම චරිතය තමයි සජිත් ඇන්තනී කියන්නේ ඒ තවම විකාශනය වන ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍ය නිසා. ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයේ සරා කියන චරිතයට පන පොවන්නේ සජිත ඇන්තනී විසින්, රසබර කතා තේමාවක් රැගත් මෙම ටෙලිනාට්‍ය අද වනවිට ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් අපි හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සජිත මේ දවස්වල ජීවිතේ ගෙවෙන ආකාරය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”ඇත්තටම මේ දවස් වැඩිය සුබ දායක නෑ, ගෝලීය අර්බුධකාරී තත්වය එක්ක කළාකරුවන්ට ගොඩක් අසීරු කාලයක් මේක. ඉතින් මේ පරිසරයට හැඩගැසෙමින් කාලය ගෙවනවා” කියලයි.

කොහොම වුනත් ගොඩක් අය කියන කතාවක් තමයි සජිත ඇන්තනී, ජැක්ෂන් ඇන්තනී ෆලෝ කරනවා කියලා, ඉතින් ඒ කතාවට සජිත දුන්නේ මේ වගේ පිළිතුරක් ”මෙහෙමයි මම චරිත නිරුපනය කරනකොට පිටපත කියවලා එකේ අන්තගතවෙලා තියෙන දේවල් තුලින් පරිකල්පනය කරලා ඒ චරිතය තුල තමයි මම ජීවත් වෙන්නේ, කවුරු හරි කෙනෙක්ට මම රඟපානකොට මගේ අප්පච්චි වගේ පේනවනම් ඒක ජානමය කාරනාවක්, හැබැයි අපේ කළා ක්‍ෂේත්‍රයේ ගොඩක් අයත් කියනවා මම තාත්තා වගේ කියලා” ඉතින් මේ දවස්වල සරා විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සජිත්ගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.