‘මමත් හොඳ බුට්‌ එකක් කෑවා, හැබැයි දැන් ඒ ගැන ලොකු දුකක් නෑ’ සචින්තනි කියන කතාව

තුන්කොන් ආදර කතාවක් කොහොම ඉවර වෙයිද, දුක සතුට සැනසිම කාට හිමි වෙයිද, මේ දිනවල ජනප්‍රිය ටෙලිකතාව ‘කියාදෙන්න ආදරේ තරම්’ කතාව තුළ දකින සෑම චරිතයක්ම හරි අපූරූයි. ඉතින් අද අපි අපේ කාලය වෙන් කරගත්තේ ‘දිගැසිට’ පණ පොනව සචින්තනි කෞශල්‍යා එක්ක කතාකරන්න. අහිංසක මෙන්ම සුන්දර යුවතියක් වෙන සචින්තනි මේ වන විට නිතිවේදි උපාධිය හදාරන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්.

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ලබන ඇය කලාවට යොමු විම ගැන අපි අහපු ප්‍රශ්නය ඇය පිළිතුරු යොමු කලේ මෙහෙමයි “මම පාසලේදි ඇත්තටම හැම අංශයකටම දස්කම් පෙන්නපු කෙනෙක්. නර්ථනය රංගනයට ඕනිම දෙකට. දවසක් අපේ පාසලේ වැඩ සටහනකට සහන් රන්වල මහතා ඇවිත් හිටියා. එදා මගේ නර්ථන හැකියාව නිසාම මට සහන් බලකායට බැදෙන්න පුළුවන් වෙනවා. 2017 ජාතික රූපවාහිනි අවුරුදු කුමාරි තරඟාවලියේ අවසන් දොළොස් දෙනා අතරට මම එනවා. එතනින් වෙළඳ දැන්විම් හරහා කලාවට සම්බන්ධ වෙනවා.”

සචින්තනිට කොහොමද දිගැසි මුණ ගැහුනේ “ඇත්තටම ඒක පුදුමයක්. මොකද මේ කතාවේ අධ්‍යක්ෂක ධනුෂ්ක රත්නායක අයියා මගේ යාළුවෙක් වුනාට කවදාවත් රංගනයකට ආරාධනා කරලා නෑ. හැබැයි ඒ අවස්ථා එදා මට හිමි වුනා. ඉතින් පිටපතේ ඉදන් මම දිගැසිගේ චරිතයට ආස වුනා. ඒ විදිහට තමා මම දිගැසි වුනේ.”

ආදරයක හිමිවිම අහිමිවිම දෙකක් තියෙනවා. ඉතින් ඒක තිරණය කරන්න අපි කාටවත් බෑ. එහෙම බලද්දි සැබෑ ජිවිතේ දිගැසිලා ඉන්න පුළුවන්ද , “ඇත්තටම ඔව්. තුන්කොන් ප්‍රේම කතා ඕනි තරම් තියෙන්න පුළුවන්. මම වුනත් විරහව හොදටම විදලා තියෙනවා. සරලවම කියනවනම් බූට් කාලා තියෙනවා ඉතින් ඒ සමහර අත්දැකිම් මට මේ චරිතය සාර්ථක කරගන්න උදව් වෙනවා.”

කතාව තුළ සචින්තනි දිගැසිට සාධාරණයක් කරනවද? “ඇත්තටම මම මගේ උපරිමය කරනවා. කතාව තුළ ශලනි තාරකා වැනි දක්ෂ නිළියන් ඉන්නවා. ඉතින් මට සතුටුයි. මොකද මට හැමෝම උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි මට ප්‍රෙක්ෂක ප්‍රතිචාර ද බොහෝමයක් ලැබෙනවා. ගොඩක් අය දිගැසි ආදරයෙන් වැළදගෙන තියෙනවා. ඉතින් මම සාර්ථකයි කියන්න ඒ ප්‍රතිචාර ගොඩක් වටිනවා.” ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන සචින්තනි කෞශල්‍යාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.