‘මධුමාධව දුවට මාසෙකට පන්දාහක් දෙන්න හැදුවා මම එපා කිවුවා’ නිල්මිණි කියන කතාව

අපේ කළා ලෝකයේ රංගන ශිල්පිනියන් බහුලව හිටියත් තමන්ට ලැබෙන චරිතයට උපරිම සාදාරණයක් ඉටුකරන්න වගේම තමන්ට ලැබෙන චරිතය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න පුළුවන් රංගන ශිල්පිනියන් ඉන්නේ බොහොම සුළු පිරිසක් පමණයි. ඉතින් ඒ වගේ මෙතෙක් කල් තමන්ට ලැබුන සෑම චරිතයක්ම දක්ෂ ලෙස ඉදිරිපත් කල චරිතාංග රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ. 1965 වසරේ ජනවාරි මස 23වන දින උපන් නිල්මිණි සිය අධ්‍යාපන කටයුතු හදාරන්නේ ‘වේල්ස් කුමරි’ විදුහලෙන්. ඇයගේ පියා ලංකාවේ නමගිය ව්‍යාපාරිකයෙක් වන අතර නිල්මිනීට වයස අවුරුදු 13ක් පමණ වෙද්දී ඔහු මෙලොව හැරයනවා.

1980 වසරේදී පමණ වේදිකාවට පිවිසෙන ඇය වජිරා චිත්‍රසේන මහත්මිය යටතේ නර්තනය හදාරනවා. ඉන්පසු ඇය මොරටුවෙදී ගුවන්විදුලි ශීල්පිණි චිත්‍රා කුමාරි කළුබෝවිල යටතේ ‘පහත රට’ සහ’උඩරට’ නැටුම් පුහුණුව ලබාගන්නවා. සිංහල සිනමාවෙහි ‘කඳුලු බිංදුව’ ලෙසින් හඳුන්වන නිල්මිනී විවාහ වෙන්නෙ ලංකාවේ ජනප්‍රිය චරිතයක් වන මධුමාධව අරවින්ද සමග, ඒ 1996 වසරේදී. කොහොම වුනත් එම විවාහය සාර්ථක වෙන්නේ නෑ. නිල්මිනී ඇයගේ දියණිය වන ශ්වෙතා මන්දාකිණි සමග තනි වෙනවා. ඒ වගේම ඇය නැවත විවාහ වෙන්නේ නෑ. නමුත් මධුමාධව නැවත විවාහ කිහිපයක්ම සිදුකරගන්නවා.

මාධවගෙන් වෙන් වුන නිල්මිනී ඒ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මම පාන්දර 04.30ට තමයි මගේ දුව අරගෙන ඒ ගෙදරින් එලියට බැස්සේ. ඒ වගේ තීරණයක් ගන්න වුනේ ඒ වෙලාවෙත් අපි අතර ප්‍රශ්න. අපි එළිවෙනකන් බහින් බස් වුනා. ඒ වෙද්දී මගේ දුවට වයස අවුරුදු දෙකයි මාස දෙකක් වගේ. මම ඇඳගෙන හිටපු ඇඳුම පිටින් දුවත් අරන් පාරට ආවා. මම කෙලින්ම ගියේ අම්මගේ ගෙදර. ඊටපස්සේ මම මධුමාධවගෙන් වෙන් වුනා. දරුවෙක් තනියම හදාගන්නවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. හැබැයි මම මගේ දරුවට මට පුළුවන් උපරිමෙන්ම සැලකුවා. ඒ වෙද්දී මධුමාධාවට නියෝග කරලා තිබ්බේ දරුවා වෙනුවෙන් මාසෙකට රුපියල් පන්දහක් ගෙවන්න. ඒත් මම ඒක ප්‍රතිෂේප කළා. මම මගේ දරුවා සල්ලි වලට විකුනන්නේ නෑ කියලා ඒක එපා කිවුවා. දැන් මගේ දුව ලොකුයි. අපි දෙන්නා යාළුවො වගේ ජීවත් වෙන්නේ. ඇත්තටම අපි දැන් සතුටින් ඉන්නවා” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන නිල්මිනීගේ සහ ස්වෙතාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.