මදුරුවන් පළවාහැරීමට උපකාරී වන ස්වභාවික ක්‍රම 11 ක්

පායන කාලවල් වලදී මැසි මදුරු කරදරය අධිකයි. විශේෂයෙන්ම මදුරුවන් කියන්නේ ඩෙංගු, මැලේරියා,  බරවා භයානක ලෙඩ රෝග ඇති කරවන කෘමි විශේෂයක් නිසා ඔබේත් ඔබේ නිවැසියන්ගේත් සෞඛ්‍යාරක්ෂාව සලසා ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට මදුරු විකර්ෂක භාවිතා කිරීම අද කාලයේ බොහෝ ප්‍රචලිත භාවිතාවක් වෙලා. කෘතිම ක්‍රම වලට වඩා ස්වභාවික ක්‍රම භාවිතා කිරීමට යොමුවීමෙන් සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් ඔබේ සෞඛ්‍යයට හානි ඇතිවීම වළක්වාගනිමින් මදුරුවන් පළවාහැරීමේ හැකියාව ඔබට ලැබෙනවා. මදුරු විකර්ෂක සුවඳ වර්ග 11 ක් ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ.

01. වැනිලා පවුඩර්

වැනිලා පවුඩර් සහ බේබි ලෝෂන් 1: 10 අනුපාතයෙන් ගෙන මිශ්‍රකරගන්න. මෙම ආලේපය ඔබේ සිරුරේ නිරාවරණය වන සම මත ආලේප කරගන්න. වැනිලින් ජලයේ මිශ්‍ර කරමින් ස්ප්‍රේ බෝතලයකට දමා ඔබේ ඇඳුම් වලට  සහ සමට ස්ප්‍රේ කරගන්න.

02. අසමෝදගම්, කරාබු නැටි, බැසිල් සහ කපුරු එසෙන්ෂියල් ඔයිල් වර්ග

මේවා ප්‍රබල මදුරු විකර්ෂක ගන්ධයන් වේ. ජලය වීදුරුවකට තෙල් බිංදු 5-10 ක් පමණ දමා කවම් කර ස්ප්‍රේ බෝතලයකට දමා උණුසුම් ගිනි උඳුනට  ඉසින්න. නැතිනම් උණුසුම් කල තැටියකට හෝ ඇරෝමා ලාම්පුවකට ඉසින්න. තෙල් වල පෙඟවූ පුළුන් කැබලි ජනෙල් පඩි මත තැබීමත් තවත් එක් සාර්ථක ක්‍රමයකි.

03. එල්ඩර්බෙරි රිකිලි

නැවුම් එල්ඩර්බෙරි රිකිලි කාමරය තුල තැබීමෙන් මදුරුවන් පළවාහැරිය හැකියි. නමුත් මේවායේ ප්‍රබල සුගන්ධය පුද්ගලයාගේ නින්දට බාධාකාරී විය හැකි නිසා රාත්‍රි කාලයේදී නිදන කාමරය තුල මේවා තබා නොගැනීමට සැලකිලිමත් වන්න.

04. කරාබු නැටි

බඳුනකට වතුර වීදුරුවක් සහ කරාබු නැටි 5 ක් පමණ මිනිත්තු 15 ක් පමණ  තම්බාගන්න. තම්බා පෙරාගත් මේ මිශ්‍රණයෙන් බිංදු 10 ක් පමණ ඕනෑම කොලෝන් වර්ගයකින් මේස හැන්දක් සමඟ මිශ්‍ර කර සිරුරේ පිටතට නිරාවරණය වී ඇති තැන් වල ආලේප කරගන්න. මේ ක්‍රමය භාවිතා කරමින් ඔබට මදුරුවන් පිරුණු හැන්දෑවක වුණත් එලිමහණේ පැය 2 ක් පමණ කිසිඳු ගැටලුවක් නැතුව ඉන්න පුලුවන්.

05. ජුනිපර් අතු

එලිමහනේ ඉන්න විට ජුනිපර් ගසේ අතු වලින් ගිනි මැලයක් ගැසුවොත් මදුරුවන්ගේ දෂ්ට කිරීම් වලින් බේරිලා ඉන්න එක අමාරු දෙයක් නෙවෙයි.

06. දේවදාර තෙල් (සීඩර් ඔයිල්)

දේවදාර තෙල් වල සුවඳ මදුරුවන්ව විතරක් නෙවේ මැස්සන්ව වගේම කැරපොත්තන් ද පළවා හරින ප්‍රබල විකර්ෂකයකි.

07. තම්බා පෙරාගත් අග්ගිස් තණකොල ද්‍රාවණය (sage grass)

මෙම දියරයෙන් මුහුණ ඇග තෙමාගත්තොත් කිසිම කෘමියෙක්ගෙන් ඔබට හානියක් ඇතිවෙන්නේ නැහැ කියලයි කියන්නේ.මේ සඳහා මෙම ගස් වල මුල් භාවිතා වේ. මුල් හොඳින් තලා වතුර බඳුනකට දමා මිනිත්තු 30 ක් පමණ හොඳින් තැම්බෙන්නට ඉඩහැරිය යුතුයි.

08. පයිරිත්‍රම් (pyrethrum)

පයිරෙත්‍රම් ඩේසි නැතිනම් Dalmatian chrisanthemum ලෙස හඳුන්වන මේවා කෘමිනාශක සඳහා භාවිතා වන මල් විශේෂයකි. මෙය ඉතා පැරණි මදුරුවන් පළවා හැරීමේ ක්‍රමයක් ලෙස ද භාවිතා කර තිබෙනවා. මෙම ශාකයේ වියළි මල්, දඬු සහ පත්‍ර වියළා කුඩු කරමින් භාවිතයට ගනියි. මේවා මඟින් කෘමීන්ගේ ස්නායු සෛල වලට හානි ඇතිකරවයි. මෙම මල් වර්ගයේ කුඩා අතු කිහිපයක් නිවස වටා ඔබේ කාමරයෙන් පිටත රෝපණය අරන්න.

09. තම්බා පෙරාගත් තිරිඟු දළු

මදුරුවන් ඇතුලු ලේ උරාබොන වෙනත් කෘමී සතුන් පළවා හැරීමට අතීත කාලයේ මිනිසුන් තිරිඟු දළු සහ මුල් තම්බාගත් දියර භාවිතා කර තිබෙනවා. තිරිඟු දළු මුල් ප්‍රමාණයක් ගෙන හොඳින් තලා වතුර බඳුනකට දමා මිශ්‍රණය ලා කහ පැහැයට හැරෙන් අතුරු වරින් වර තෙවරක් පමණ තම්බාගන්න. මෙම දියරයෙන් ඔබේ මුහුණ , අත් සහ කකුල් තෙමාගන්න. මදුරුවන්ගේ දෂ්ට කිරීම් වලින් ආරක්ෂා වීමට මෙය ඉතා හොඳ ක්‍රමයක් සේ සඳහන් වේ.

10. බැසිල් කොළ

බැසිල් ශාකයේ නැවුම් දළු කොළ සහ මල් තලා ඒවා ඔබ සිටින කාමරය තුල තබන්න. බැසිල් කොළ මෙම මිශ්‍රණය නිරාවරණය වී ඇති සම මත ආලේප කරගන්නත් ඔබට පුලුවන්.

11. කුකිං ඔයිල්, ෂැම්පූ සහ විනාකිරි වලින් ද්‍රාවණයක්

නිවසේදීම හොඳ මදුරු විකර්ෂක ද්‍රාවණයක් සකසාගැනීමට මේ අමුද්‍රව්‍ය 3 සූදානම් කරගන්න: ලාභ කුකිං ඔයිල්, ෂැම්පු වර්ගයක් සහ විනාකිරි.

මේවා සමාන ප්‍රමාණ වලින් ගෙන බඳුනකට දමා සුදු පෙණ නගින තුරු හොඳින් කලවම් කරගන්න.මෙම මිශ්‍රණය ඔබේ සිරුරේ ආලේප කරගැනීම හෝ බඳුකට වත්කර විවෘත කර තැබීමෙන් මදුරුවන්ගේ දෂ්ට කිරීම් වලින් ආරක්ෂා වි සිටීමට ඔබට හැකි වේවි.

මෙම මිශ්‍රණයේ අඩංගු විනාකිරි මඟින් කෘමී සතුන් පළවා හරියි. ෂැම්පු මඟින් ප්‍රබල ගන්ධය මගහරවයි. කුකිං ඔයිල් භාවිතය නිසා මෙම මිශ්‍රණය ලෝෂන් එකක් ලෙස භාවිතා කිරීමට හැකියාව ලැබේ. කුඩා දරුවන්ට වුණත් මින් හොඳ ආරක්ෂාවක් ලැබෙනවා වගේම සෞඛ්‍යාරක්ෂිතයි.