මදුරුවන් අපේ කන අසලට ඇවිත් ශබ්ද කරන්නේ ඇයි?

ඔබේ කන් කලාඳුරු වලට මදුරුවන් ආකර්ෂණය වේ පර්යේෂණයකින්  හෙලි වි ඇති ආකාරයට මදුරුවන් මිනිස් සිරුරේ ගඳ සුවඳ වහනය වන ස්ථාන වලට ආකර්ෂණය වේ.අප නිදන අවස්ථාවේදී බොහෝ විට අපේ මුහුණ හැර මුලු සිරුරම පොරෝනාවකින් ආවරණය කරගන්නවා. සිරුරේ වැඩියෙන්ම අපවිත්‍ර වන ශරීර කොටසක් ලෙස කන හැඳින්විය හැකියි. ඒ හේතුව නිසා මදුරුවන් කන අසල ගැවසීමට ප්‍රිය කරන බව ඔවුන්ගේ අදහසයි.

එම ශබ්දය නැගෙන්නේ ඔවුන්ගේ ත‍ටු වලිනි

කන අසලට වී අමිහිරි ලෙස කෑ ගසනවා කියා ඔබ සිතුවත් ඇත්තෙන්ම ඒ ශබ්දය නිකුත් වන්නේ මදුරුවන්ගේ වේගයෙන් සැලෙන ත‍ටු වලිනි. තත්පරයකට චලන 250 ක් තරම් අධික වේගයකින් ඒවා සැලෙන බව පැවසේ. කරුණු වල  සඳහන් පරිදි මදුරුවන් එකිනෙකා අතර සන්නිවේදනය කරන්නේ ශබ්ද නැගීමෙන් බවයි.

සිරුරේ තාපය ද මදුරුවන්ව ඇදගනියි.

බිත්තර වල වර්ධනය සඳහා ආහාර සොයමින් සිටින ගැහැණු මදුරුවන්  ශරීර තාපය සහ දහදිය ඔස්සේ මිනිසුන්ව සොයායයි. අප ප්‍රාශ්වාස කරන කාබන්ඩයොක්සයිඩ් වායුව මදුරුවන්ව අපේ හිස දෙසට ආකර්ෂණය වීමට තවත් හේතුවකි. මේ හේතුව නිසා කන අසල අමිහිරි ලෙස මදුරුවන් ශබ්ද කිරීම ඇසෙන්නට පටන්ගනියි.

මදුරුවන්ගේ කරදරය නැතිව සුවපහසු සාමකාමී නින්දක් ලබන්නේ කොහොමද?

  • නින්දට යන විට ලා පැහැති ඇඳුම් ඇඳුමක් අඳින්න. මදුරුවන් තද වර්ණ වලට ආකර්ෂණය වන බව අසන්නට ලැබේ.
  • දහදිය ඉවත්වන සේ නින්දට පෙර ඇඟ සෝදා පිරිසිදුවන්න.
  • බියර් පානය කිරීමෙන් වළකින්න.
  • වේගයෙන් කැරකෙන විදුලි පංකාවක් යට නිදාගන්න.
  • ස්වභාවික මදුරු විකර්ෂක වන ලැවෙන්ඩර්, රෝස්මර්ය් සහ කුප්පමේනියා ශාක බඳුනක් ඔබේ කාමරයේ තබාගන්න.