‘මට සද්දේ දාන අයට ගහන්නමයි හිතෙන්නේ’ පාරදිගේ නාට්‍යයේ ආන්‍යා කියන කතාව

දේශානි නෙහාරා නමින් කියුවත් බොහෝ දෙනෙක් නොදන්න චරිතයක් වුනත් පාරේ දිගේ ‘ආන්‍යා’ බොහෝ දෙනෙක් දන්න චරිතයක්. ඉතින් සුන්දර මේ යුවතිය ගැන කතා කරන්නයි අපි අද අපේ කාලය වෙන් කරගන්නේ. කෑගල්ල ප්‍රදේශයේ උපත ලබන දේශානි පවුලේ දෙවනියා. අවුරුදු විස්සක් සම්පුර්ණ කරන ඇය කලාවට සම්බන්ධ වෙන්නේ කවුරුත් නොසිතු ලෙසට.

ඉතින් ඒ නිසාම අපිට ඇය ගැන, ඇයගෙන්ම අහන්න හිතුවා, “මම දේශානි නෙහාරා. මම පාසල් කාලේ ඉදන්ම රංගනයට, නර්ථනයට, නිරූපණයට කැමතියි. හැබැයි මම අධ්‍යාපනය කලේ රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වෙන්න මොකද මගේ අක්කාත් වෘත්තීයෙන් ගුවන් සේවිකාවක්. මගේ අම්මා කැමති වුනා මම රංගනයට යොමු වෙනවට. ඉතින් ඒ නිසාම මම පාසලේ පවා මගේ දස්කම් පෙන්නුවා. මට මේ කතාවට සම්බන්ධ වෙන්න පුළුවන් වුනේ ජාන්වි අක්කා නිසා. ඒ ආවත් ශිවගුරුනාදන් සර් සද්ධාමංගල සර් ඇතුළු පාර දිගේ කණ්ඩායම මට මගේ තැන හදාගන්න ලොකු උදව්වක් දෙනවා. මගේ අඩුපාඩු කියලා දෙනවා..”

දේශානි කලින් රංගනයට දායක වෙලා තියෙනවද? “ඇත්තටම පාර දිගේ කියන්නේ මගේ පළවෙනි නිර්මාණය. මම සම්බන්ධ වෙන පළවෙනි ටෙලි නාට්‍ය. පාසලේ රංගන කටයුතු කලා මිස මම ටෙලිනාට්‍ය රගපාලා නෑ. ඉතින් ජානු අක්කා නිසා ලැබුන අවස්ථාව මම භාරගත්තා.”

දේශානිගේ වයස අවුරුදු විස්සක් නිසාම සුන්දර පාසල් කාලේ ගැන අහන්න හිතුනා.. “මගේ ජිවිතේ අමතක නොවෙන මතක තියෙන්නේ පාසල් කාලේ.ඒ කාලේ මම ගොඩක් දඟ කෙල්ලෙක්. වෙලාවට ගහ ගහන්වා අපි. එහෙමයි රංඩු වෙන්නේ. මම පාසල් කාලේ ක්‍රිඩාවට කරාටේ කලා. ඉතින් ඒ නිසා මම වෙලාවට වලි වලදි ගහනවා. වලියක් දැක්ක තැන මට ගහගන්නමයි හිතෙන්නේ.” කියලයි. ඉතින් මේ වනවිට ලංකාවේම ආදරේ දිනාගෙන ඉන්න ඇය තවත් නිර්මාණ හරහා දැකගන්න ලැබෙන්න වගේම කළා ලෝකයේ ඉහලම තැනකට යන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.