‘මට විවාහය විතරයි නොලැබුණේ අනිත් හැමදේම ලැබුනා’ හැමෝගෙම ආදරේ දිනාගත් පුෂ්පා මෙනවිය කියන කතාව

ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන ජනප්‍රිය චරිතයක් තමයි පුෂ්පා රම්‍යාණි සොයිසා මෙනවිය කියන්නේ. ඇය ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රයට කරන සේවය වචනයෙන් විස්තර කරන්න අපහසුයි. කොළඹ හෙදි විදුහලේ හෙදි පුහුණුව ලබා 1987 වසරේ හෙදියක ලෙස පළමු පත්වීම කොළඹ ජාතික රෝහලට ලැබූ පුෂ්පා මෙනවිය වසර විස්සකට අධික කාලයක් ඇය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබාදුන් දී. මේ වනවිට ජාතික පුහුණුකිරීමේ නිලධාරිනියක ලෙස ඇය කටයුතු කරනවා.

ඉතින් ලංකාවේ හැමෝගෙම ආදරය ගෞරවය දිනාගෙන ඉන්න ඇය තවමත් තනිකඩයි. ඉතින් ඇය තනියම ඉන්න හේතුව ලෙස කියන්නේ මේ වගේ කතාවක් ” මෙහෙමයි මගේ අම්මා බලාගත්තේ මම, මගේ අක්කගෙනුත් ලොකු සහයෝගයක් ලැබුනා, එකදිගට වැඩ කරලා මහන්සි වෙලා එන්නේ, ඒත් මම මගේ අම්මට සැලකුවේ ගොඩක් ආදරෙන්. එයා වසර 10ට කලින් අපිව දාලා යන්නම ගියා. කොහොම හරි ඒ කාලේ මාව කසාද බඳින්න කැමැත්තෙන් දෙන්නෙක් තුන්දෙනෙක් හිටියා. ඒ හැමෝම කිවුවේ මට රැකියාවෙන් ඉවත්වෙන්න කියලා, හෙදි වෘත්තියට මම ගොඩක් ආදරේ කරනවා, ඒ වගේම ගරු කරනවා. මට පුළුවන් නම් මේ වෘත්තියෙන් කාගේ හරි ජීවිතයක් බේරගන්න, කවුරුන් හෝ සුවකරන්න එය තමයි මගේ සතුට, ඉතින් මම තීරණය කළා විවාහ නොවී ඉන්න මට නැතිවුනේ විවාහය විතරයි, අනිත් හැමදේම මට ලැබුනා. පවුලේ ආදරය නොඅඩුවම ලැබුනා මගේ සතුට තියෙන්නේ ඒ තැන්වල, ඒ වගේම මම ගොඩක් රෝගීන්ට අවශ්‍ය කිහිලිකරු, රෝද පුටු වගේ දේවල් පිටරට ඉන්න යාළුවන් සහ හිතවතුන් හරහා අරන් දීලා තියෙනවා, ඒ වගේම මම කියලා තියෙන්නේ කවදහරි නැතිවුණ දවසක මම නැතිවුනාම උත්සව මොකුත් තියන්න එපා. පාංශු කූලය දීලා කිසිම කෙනෙකුට නොකියා කෙළින්ම අස් කරන්න කියලා. මේ ජීවිත කාලයේ මම කරගෙන ඉතියෙන දේවල් මට ඇති, ” කියලයි. ඉතින් රෝහල් තුලදී විතරක් නෙවෙයි තමන්ට හැකි සෑම ආකාරයකින්ම රෝගීන් වෙනුවෙන් අසරයින් වෙනුවෙන් කැපවුන පුෂ්පා මෙනවියගේ අපූරු පින්තුර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.