‘මට ලැබෙන්නෙම ප්‍රෙග්නට් චරිත’ ජනප්‍රිය හුරතල් නිලි ඉශානි විජේතුංග කියන කතාව

අවුරුදු තුනකට වැඩිකාලයක් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ අරුණිගේ චරිතයට පණ දෙන ඇය නමින් ඉෂානි විජේතුංග. අද අපි කතා කරන්නේ ඇය සමඟයි. ඉෂානි සිය රංගන ජිවිතය ආරම්භ කරන්නේ කොතනින්ද,? “රංගන ශිල්පිනියක් වෙන්න මගේ හිතේ බලාපොරොත්තුවක් තිබුනේ නෑ. හැබැයි 2017 දෙරණ අවුරුදු කුමරි තරඟයට මාව මගේ යාළුවෝ ඉදිරිපත් කළා. නොහිතපු විදිහට මට ඒකෙන් දෙවනි ස්ථානය හිමි විමත් එක්කම මගේ ජිවිතේ රංගනයට වෙනස් වෙන්න ගත්තා.”

ඒ කියන්නේ ඉෂානිගේ පළමු නිර්මාණය දෙවනි ඉනිම ටෙලිනාට්‍ය? “නෑ ඊට කලින් මම අඩෝ කියන ටෙලිනාට්‍යයට සහභාගි වෙනවා. හැබැයි දෙවනි ඉනිම ටෙලි නාට්‍යයට සම්බන්ධ විමත් එක්ක මම වෙන නිර්මාණ වලට සහභාගි වුනේ නෑ. ඒ වගේම මම ජනප්‍රිය වුනේ දෙවෙනි ඉනිම නාට්‍යය හරහා”

දෙවනි ඉනිම කතාංගය තුළ ඔබට රංගනය කරන්න වුනේ ගැබිනි මවක් ලෙසට ඒ වගේම දැන් ඔබ මවක් ඉතින් ඒ ගැන හිතන්නේ මොනවද, “ඒක හරි පුදුමයක්. මොකද මට රගපාන්න වුන කතා දෙකේම මට ලැබුන චරිත ගැබිනි චරිත. ඒක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. හැබැයි මම හරි ආසාවෙන් මගේ චරිත වලට සම්බන්ධ වුනා. අභියෝගයක් ජයගත්තා වගේ තමා.”

වෘත්තීයෙන් ඔබ රංගන ශිල්පිනියක්ද,”මේ වෙද්දි මම රංගනය කරනවා ඊට අමතරව නිය අලංකරණ කටයුතු වල නිරත වෙනවා. මම කේක් හදන්න ආසයි ⁣ඒ දේවල් කරනවා. ඒ වගේම මම බිත්ති සැරසිලි වගේ දේවල් කරනවා. මම ආසයි හැමදේම ඉගෙන ගන්න.”

ඉෂානි මේ වෙද්දි ප්‍රේමවන්තියක්ද,? “නෑ මට තාම අවුරුදු විසි දෙකයි. තාත්තා නැතුව මම අම්මා ළහ හැදුන නිසාම මගේ මුළු ලෝකේම අම්මා. ඒ නිසා මම තාම අම්මාගේ ආදරේ විදින කෙනෙක්. අම්මා වුනත මට කියලා තියෙන්නේ කොල්ලෙක් හොයාගන්න තව කල් තියෙනවා කියලා. ඉතින් ඉස්සරහට ආදරය ගැන හිතනවා. තාම හිතන්නේ නෑ.”