‘මට රෙද්දක් ඇඳන් ඒ වැඩේ කරන්න බෑ’ ක්‍රිකට් වලට සමු දුන් ලසිත් මාලිංග කියන කතාව

ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන රන් නාමය, නොමැකෙන තරුව, මෙන්ම කැරළි කොණ්ඩය සමඟ ප්‍රබල පිතිකරුවන් පවා දන ගැස්සු යෝකර් පන්දුව, ඔව් මේ සියල්ලටම හිමකරු ඔහුයි. නමින් ලසිත් මාලිංග. රත්ගම වැල්ලෙන් ක්‍රිකට් ජිවිතය අරඹන ලසිත් 2004 වර්ෂයේ ඕස්ට්‍රේලියාවට එරහි තරඟය සමඟ ජාතික කණ්ඩායමට දොර විවර කරගන්නවා. තම මංගල පන්දුවාරයෙන්ම ඔහු වික්‍රකට් දෙකක් ලබා ගන්න අතර ඔහුගේ ක්‍රිකට් ජිවිතේ හැරවුම බවට පත් වෙන්නේ 2007 වර්ෂයේ ලෝක කුසලාන තරඟයේ දකුණු අප්‍රිකාව හා පැවති තරඟයයි. එදා තරඟය බොහෝ දෙනෙක් සිතුවේ දකුණු අප්‍රිකවට ජය හිමි වන බවයි. එයට හේතුව ලේසි ජයක් දකුණු අප්‍රිකාව වෙත තිබු නිසා.

එහෙත් එවක ශ්‍රි ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ලසිත් මාලංග වෙත බෝලය ලබා දුන්නේ “පුළුවන් දෙයක් කරන්න” යනුවෙන් පවසමින්. 45/47 පන්දු වාර දෙකෙ⁣හි වික්‍රකට් හතරක් ලබාගන්න ලසිත්ට පුළුවන් වෙනවා. එතනින් පටන් ගත් ඔහුගේ ක්‍රිකට් ජිවිතේ රන් අකුරින් ලියවෙන්න ගත්තේ ඒ කැරළි කොණ්ඩය බොහෝ රටවල් අතර ජනප්‍රිය චරිතයක් වෙද්දි. යෝකර්, බවුන්සර් පන්දු හමුවේ ප්‍රබල පිතිකරුවන් දන නමද්දි විදේශ කණ්ඩායම් සඳහාද ලසිත්ට ආරාධනා ගලා එන්න විය.

එහෙත් ශ්‍රි ලංකා කණ්ඩායමේ සියළු බර කර⁣ට ගෙව 2014 පැවති T 20 තරඟය ඉන්දියාව හා ගෙනියන්නේ ප්‍රබල පිතිකරුවන් පිඩාවට පත් කරමින්. එම තරඟයේ ඉතාම උපක්‍රම ශිලි ලෙස පන්දුවාර 18/20 ඔහු යැව්වේ ඉන්දියා කණ්ඩායම මානසිකව පවා වට්ටමින්. නිරන්තරයෙන් දනහිස් ආබාධයෙන් පෙලුන ලසිත් මාලිංග එක දිගට වික්‍රකට් ත්‍රිත්වයක් ලබාගත් ලොව පළමු වැන්නා ඔහුයි.

ක්‍රිකට් ඉතිහාසය රනින් ලියු ලසිත් මාලිග මෑතකදි වඩාත් කතා බහට ලක් වුයේ මෙවර ශ්‍රි ලංකා T 20 සංචිතයට ඔහුගේ නම ඇතුළත් නොවිම සමඟයි. නැවත ඔහු සංචිතයට නම් කලොත් ඔහු ඒ ආරාධනව භාරගන්නවාද යන්න අපි ඔහුගේ අසා සිටියා. ඉතින් මාලිංග අපට දුන්නේ මේ වගේ පිළිතුරක් “පිස්සුද මම රෙද්දක් ඇදගෙන කොහොමද ඒ වගේ ආරාධනාවක් බාර ගන්නේ. ඒ වගේ ආරාධනාවක් ලැබුනත් මම ඒක කීයටවත් බාරගන්නේ නෑ. අනික දැන් කටකතා කිහිපයක්ම යනවා මම ජාතික කණ්ඩායමේ පුහුණුකරුවෙක් වෙන්න යනවා කියලා. කවුරු ගෙතුවත් මට පුහුණුකරුවෙකු විදිහට කණ්ඩායමට ආරාධනා ලැබිලා නෑ. මගේ ප්‍රතිපත්තියත් තියෙනවා මම මොන දේ කළත් මම ඒ දේ අකුරටම කැපවිමෙන් කරන කෙනෙක්. මට යම් කිසි දේකට ආරාධනා ලැබුනත් මම ඒ ගැන හොයලා බලලා තමා කටයුතු කරන්නේ. ඒ මගේ හැටි.” කියලයි.

කියන්න තියෙන දේ මුණටම කියන ලසිත් එකල ක්‍රිකට් ක්‍රිඩාවට නැතුවම බැරි චරිතයක් කිවොත් හරි. ඉකුත් සැප්තැම්බර් 14 වනදා ඔහු සිය ෆේස් බුක් සටහනේ දක්වා තිබුනේ මෙවැනි සටහනක්, “වසර 17 ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක් තුල අවශ්‍යය වෙන එකක් නෑ. මොකද. මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුන අවසන් පුරුක, T20 ක්‍රිකට් වලටත් සමුදීමට මම අද තීරණය කළා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න, ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මහන්සිවෙන අපේ නවක ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා එක්ක මම හැමදාමත් ඉන්නවා. තෙරුවන් සරණයි! w w w w w o මේ වගේ over එකක් කවදා හරි දවසක දාන්නෙත් අපේම කොල්ලෙක් තමයි ! ” කියලා.

ඔහුගේ නිහතමානිකමත් ඒ රුවත් සදාකාලික ක්‍රිකට් ලෝකයේ නොමැකෙන අකුරකින් ලියවී අවසන්. ඉතින් නිල වශයෙන් ක්‍රිකට් වලට සමු දුන් ලසිත් මාලිංගගේ ඉදිරි දිවිය සුන්දර වෙන්න කියලා අපි හැමෝම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.