‘මට පෙම්වතෙක් හිටියා හැබැයි එයාව විවාහ කරගන්න හිතුනේ නෑ’ තවමත් තනිකඩ නිරෝෂා කියන කතාව

අමුතු කෙට්ටු ශරිර රූ සපුවකට හිමිකම් කියන භාෂා ගනනාවක් ලියන්න කියන්න හැකියාවෙන් යුතු ඇය නිවේදිකාවක්, නිළියක්, ඒ වගේම දක්ෂ නිරූප ශිල්පිනියක් ඇය තමයි නිරෝෂා පෙරේරා. ජිවිතේ තනියම විදින ඇයගෙන් අපි මුලින්ම ඇහුවේ තනිකඩ ජිවිතේ ගැන. “ඇත්තටම මම මගේ තනිකඩ ජිවිතේ ගැන සෑහීමකට පත් වෙනවා. කවුරු කොහොම දැක්කත් මම මගේ වගකිම අරගෙන ජිවත් වෙනවා. මට මම වෙනුවෙන් කාලය වෙන් කරන්න කාලය තියෙනවා. අනික මම කාවවත් බැදලා තියන්න බෑ. මම බැදිලා ඉන්න කැමති කෙනෙක් නෙවෙයි. මාව නිති රිති මැද තියාගන්න කාටවත් බෑ. මම මගේ නිදහසට වගේම අනිත් අයගේ නිදහසටත් බාධා කර කෙනෙක් නෙවෙයි. මම තනිකඩයි කියන එක කාටවත් ප්‍රශ්නයක් කියලා මම හිතන්නේ නෑ. ඇත්තටම මම විවාහ ⁣නොවි සිටිමට විශේෂ හේතුවක් නෑ. මම විවාහයට උනන්දු කෙනෙක් නෙවෙයි. ඇත්තම කිවොත් මම විවාහ වෙන්න මම බිරිඳක් වෙන්න සුදානම් නෑ. මට හැමදේම තියෙනවා අද. ඒ නිසා මම ජිවිතේ විදිනවා. මම දවසින් දවස මගේ මේ තිරණය ගැන සතුටු වෙනවා. මම ජිවත් වෙන්නේ අද දවසේ. මම හිතන්නේ අද දවස ගැන .මගේ ජිවිතේ මේ විදිහට ගෙවද්දි ඇත්තටම ඒක ආරක්ෂිතයි.” කියලයි.

තනිකම ඇතුලේ ජිවිතේ විදින නිරෝෂා සැබවින්ම හිතන පතන විදිහ වෙනස්. ඇය දැන් තනිකමට හුරුව අවසන්. තනිකම ඇතුලේ කවදාවත් තනිකමක් දැනුනේ නැද්ද, ඇය තනිකඩව ඉන්න හේතුව ප්‍රේමයක්මද යන්න අපි අහපු ප්‍රශ්නයට ඇය දුන්නේ මෙහෙම පිළිතුරක්. “මට ඇත්තටම තනිකම දැනිලා නෑ. මොකද මට හොද පවුලක් හොද යාළුවෝ පිරිසක් ඉන්නවා. ඉතින් මම එයාලා එක්ක මගේ දුක සැප බෙදාගන්නවා. මම ප්‍රේමය කරපු කෙනෙක්. මටත් ප්‍රේමයක් තිබුනා. හැබැයි හරියට එයාමයි ඕනි කියන හැගිම මට තිබුනේ නෑ. මම එයා ගැන හෙව්වේ නෑ. අඩුම කාලා බිලාද ඉන්න තැන ගැනවත්. ඒ මගේ හැටි. හැබැයි මම තනිකඩව ඉන්න හේතුව ප්‍රේමයක් නෙවෙයි. මම කැමති මේ නිදහසට. මම මාව විස්වාස කරගෙන ගමනක් යන කෙනෙක්. මට කවුරුත් බලපෑමක් කරන්නේ නෑ. ඉතින් මම ඒ නිසා මේ විදිහට ජිවත් වෙනවා.” කියලයි ඉතින් කාලයක් ඔයාලා හැමෝම ආදරේ කල නිරෝෂා දැන් ගෙවන ජීවිතය තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.