‘මට දැන්ම පෙම්වතියක් වෙන්න ඕන නෑ’ චන්දන වික‍්‍රමසිංහගේ සුරූපී දියණිය කියන කතාව

අපේ කළා ලෝකයේ ඉන්න ගොඩක් දක්ෂ නර්තන ශිල්පයෙක් තමයි චන්දන වික‍්‍රමසිංහ කියන්නේ. ඔහු විවාහ වෙන්නේ නර්තන ශිල්පිනියක වන දිල්හානි වික‍්‍රමසිංහ සමග මේ දෙදෙනාගේ කුලුඳුල් දියණිය තමයි. දෙවංගි නවෝද්‍යා වික‍්‍රමසිංහ කියන්නේ. ඇය මේ වනවිට වැඩිදුර අධ්‍යාපනය ලබන්නට ඔස්ට්‍රේලියාවට ගිහින් ඉන්නේ. ඉතින් ඇයගේ මේ දවස්වල ජීවිතයේ ගෙවෙන විදිය පිලිබඳ කිවුවේ මෙහෙමයි ”මම දැන් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර, අපේ බාප්පලාගේ ගෙදර. කලින් හිටියේ සිඩ්නිවල පාසේ ආයේ මෙල්බන් නුවරට ආවා. මොකද මගේ උපාධි උත්සවය තිබ්බේ සිඩ්නිවල. ලංකාවෙන් ගිහින් දැනට අවුරුදු හතරක් වෙනවා, හැබැයි මට නිවාඩු ලැබෙන හැම වෙලාවේම මම ලංකාවට ආවා. දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා ලංකාවට එන්න බැරිව.” කියලයි

දෙවංගි කියන්නේ ගොඩක් සුන්දර තරුණියක් ඉතින් ඇයට ආදර යෝජනා ගලාගෙන එනවලු නමුත් තවම ඇය පෙම්වතියක් නෙවෙයි ඉතින් ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”ආදර යෝජනා ගොඩක් එනවා, ඒත් ඒකටත් මට ඉතින් තාත්තාගේ අනුමැතිය ඕනේ. හැබැයි මමට අදහසක් ඇති වුනොත් මුලින්ම එහෙම දෙයක් ගැන කියන්නේ නම් අම්මට. හැබැයි මම කැමති නැහැ දැන්ම ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න. මොකද මට දැන් වයස 21යි. මම හිතන්නේ මේ කාලය සැහැල්ලුවෙන් නිදහසේ ස්වාධීනව ඉන්න ඕනේ” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන චන්දන වික‍්‍රමසිංහගේ සුරූපී දියණිය තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.