‘මට ආදර යෝජනා ආවත් දැන්ම මම විවාහ වෙන්නේ නෑ’ ජනප්‍රිය නිලි ත්‍රිෂාලා නතාෂි කියන කතාව

කළා ලෝකයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන එක එතරම් පහසු නෑ, විශේෂයෙන්ම කළා ලෝකෙට පිවිසිලා කෙටිකාලයකින් ප්‍රධාන චරිතයක් ලබා ගන්න එකත් ගොඩක් අමාරු වැඩක්, ඉතින් ඒ විදියට ලංකාවේ ප්‍රේක්ෂක ආදරේ දිනාගෙන කළා ලෝකයේ නැගී එන රංගන ශිල්පිනියක් තමයි ත්‍රිෂාලා නතාෂි කියන්නේ. නතාෂි කළා ලෝකයට පිවිසෙන්නේ නර්තන ශිල්පිනියක් විදියට ඒ වගේම ඇය වෙළඳ දැන්වීම් සහ ගීත රූප රචනා සඳහා සහභාගී වෙලා තියෙන්නේ වයස අවුරුදු දහයේ සිටන්මයි. ඒ වගේම පසුගිය කාලයේ ස්වර්ණවාහිනියේ විකාශනය වුන ”හදවතේ කතාව’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට පන පොවන්නෙත් ඇය විසින්.

කොහොම වුනත් නතාෂි ජනප්‍රිය වෙන්නේ ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ මධුකා ගේ චරිතයෙන් පස්සේ. ඒක ටිකක් නපුරු චරිතයක්, දෙවැනි ඉනිම මධුකාගෙන් පස්සේ නතාශි ‘සිද්ධාර්ථ ගෞතම’ ටෙලිනාට්‍යයේ නන්දා කුමරියගේ චරිතය රඟපෑවා ඊටත් පස්සේ තමයි ඇය හදවතේ කතාවේ ‘‘ශාක්‍යා’’ චරිතයට පන පොවන්නේ. දැන් ගොඩක් රංගන ශිල්පිනියන්ගේ වෘත්තිය වෙලා තියෙන්නෙත් රන්ගනයම තමයි ඉතින් එපිලිබන්ද නාතාශි කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මම රංගන මගේ වෘත්තිය කරගන්නේ නෑ, මම දැනට පෙර පාසල් පාඨමාලාවක් හදාරනවා. එය මගේ අනාගත වෘත්තිය බවට පත්වේවී. ඒ වගේම මම නර්තන ශිල්පිනියක්” කියලයි, ඉතින් නතාෂි කියන්නේ ගොඩක් සුන්දර තරුණියක් ඒ වගේම කළා ක්‍ෂේත්‍රයේ ජනප්‍රියත්වය නිසාම ඇයට ගොඩක් ආරාධනා ලැබෙනවා ඇති, ඒ පිලිබඳ කියන්නේ මේ වගේ කතාව ”ආදර යෝජනානම් නිතරම එනවා, නමුත් මම තවම පෙම්වතියක් නෙවෙයි ඒ වගේම මම තවම විවාහ පිලිබඳ හිතලා නෑ, මට තාම විසි දෙකයිනේ ඒ නිසා දැම්ම විවාහ වෙන්න අදහසක් නෑ” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ත්‍රිෂාලා නතාෂි ගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.