‘මට තාම පෙම්වතෙක් නෑ හොඳ කෙනෙක් නොලැබුනොත් ළමයෙක් අරන් හදාගන්නවා’ – චුලක්ෂි

2014 මිස් ශ්‍රි ලංකා කිරුළ හිමිකරගත් ඇය 2017 වසරේදි ලොව හොදම නිරූපිකාවට හිමි කිරුළ හිමි කරගන්නවා. නමින් ඇය චූලක්ෂි රණතුරංග. මේ කතාබහ ඇය සමඟයි. නිරූපිකාවක් ලෙසට චුලක්ෂි රංගනයට එකතු වෙන්නේ දේදුණු ආකාසේ සිනමා කෘතය හරහා. එතනින් සිය රංගන ජිවිතයට පා තැබු චුලක්ෂි මේ වන විට දක්ෂ රංගන ශිල්පිනියක් කිවොත් නිවැරදියි. ඇත්තටම චුලක්ෂි කැමති ජනප්‍රිය නිළියක් වෙන්නද හොදම නිළිය වෙන්නද, “ජනප්‍රිය වෙන්න කවුරු වුනත් කැමතියි. හැබැයි මම කැමතියි හොදම නිළියක් වෙන්න. අපි ජනප්‍රිය වුනාට වැඩක් නෑ අපේ ගමන පැහැදිලි වෙන්න අපි අනිවාර්යයෙන් දක්ෂ විය යුතුයි. දක්ෂතාවයට ජනප්‍රිය වුනොත් දවසක ඒ පැවැත්ම සදාකාලිකයි.”

ඔබ ඔබේ සෞඛ්‍ය ගැන හිතනවා. මොකද නිරූපණ කේෂ්ත්‍රයේ ඉහළින්ම ඔබ ඉන්න නිසා. ඉතින් ඔබේ සෞඛ්‍ය පවත්වගන්න ඔබ කරන්නේ මොනාද, “මම කරන විශේෂම දේ තමා ජිම් යන එක. අනින මම ගන්න කෑම බිම ගැන පවා මම හිතනවා. කොච්චර ආස වුනත් සමහර කෑම මම ගන්නේ නෑ මගේ සෞඛ්‍ය ගැන හිතලා. ජිම් යන්නේ නැති දවසට වුනත් ගෙදර ඉදන් ව්‍යායාම් කරනවා මම.”

ඔබ රංගනයේදි චරිත තෝර බේර ගැනිමක් සිදු කරනවද? “ඔව් මම මට ලැබෙන හැම චරිතයම භාරගන්නේ නෑ. චරිතය හොදනම් ලොකුද පොඩ්ද කියලා මට අදාලත්වයක් නෑ මම රංගනයට එකතු වෙනවා. කොහොමත් මම ඒකාකාරි චරිත වලට කැමති කෙනෙක් නෙවෙයි.”

චූලක්ෂි ආදරය ගැන හිතන්නේ, “තමන්ට අයිති ආදරය කවදා කොහොම හරි කාටහරි ලැබෙනවා. මට වුනත් එහෙමයි. විවාහ වෙන්න වයසක් කියලා කිවාට ඇත්තටම වයස කියන්නේ ඉලක්කමක් ඉතින් කාලයට ඉඩ දිලා බලන් ඉන්නවා මමත්. හැබැයි ජිවිතේ මම හරි ආසයි අම්මා කෙනෙක් වෙන්න. ඒකට මගේ දරුවෙක් වෙන්නම ඕනි නෑ. මම කැමතියි දරුවෙක් අරන් හදාගන්න වුනත්.”

චුලක්ෂි කටකතා ගැන මොකද හිතන්නේ “කලාවට එකතු වෙන කාටද කටකතා හැදෙන්නේ නැත්තේ. ලංකාවේ සමහර අය හිතන පතන විදිහ වෙනස් කරන්න අපි කාටවත් බෑ. අපේ මිනිස්සු හොද කියන්න දන්නේ බොහොම අඩුවෙන්. හැබැයි පුංචි හරි වැරැද්දක් වුනොත් ඒක නිරන්තරයෙන් කියා පානවා. ඒක තමා මේ රටේ හැටි. ඇත්තටම මම කටකතා වලට බයනම් මේ කේෂ්ත්‍රයට එන්නේනෑ.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන චුලක්ෂිගේ සුන්දර පින්තූර කිහිපයක තමයි මේ.