‘මට තවම පෙම්වතෙක් නෑ, හොඳ කෙනෙක් ලැබුනොත් විවාහ වෙනවා’ ජනප්‍රිය නිලි මධුශානි කියන කතාව

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කුකුල් පවුල කවුරුත් ආදරේ කරන පවුලක්. නවක රංගන ශිප්පිනියක් වන මධුෂානි මේ පවුලේ ජානු නොහොත් කුකුල් මුදලාලිගේ එකම දුව. මධුෂානිගේ ජනප්‍රියතාවය නිසාම අපි ඇය හා කතා කරන්න හිතුවා. පුංචි තිරයට තවම කෝඩුකාර මධුෂානිගේ රංගන ගමනේ ආරම්භය කොහොමද? “මම පොඩි කාලේ ඉදන් රඟපානවා කියන අදහසේ හිටියේ නෑ. කාලයත් එක්න ඒ ගැන හිතුවා. මගේ පළමු වන නිර්මාණය රාවණා. ඒක ⁣⁣ඓතිහාසික චරිතයක්. හිතාගන්න අමාරු වුනා ඒ බිසවගේ චරිතය කරන විදිහ, ඒක මට ලොකු අභියෝගයක්. හැබැයි මම මන්දෝදරි බිසවගේ චරිතය මට පුළුවන් උපරිම කළා. ඉතින් ඒ ආරම්භ නාඩගම්කාරයෝ එක්කත් බැදුනා. මට ලැබෙන ප්‍රතිචාර ගැන ඇත්තටම සතුටුයි.”

මේ දිනවල නාඩගම්කාරයෝ කවුරුත් අතරේ ජනප්‍රියයි. ඉතින් ජානු චරිතය ගැන මධුෂානි හිතන්නේ කොහොමද? “ඇත්තටම ජානු කියන චරිතය වෙනස්. ගමක ඉපදුනත් සම්ප්‍රධායට පටහැනිව යුවතියක්. දඟකාර හිතුවක්කාර ජානු නිළියක් වෙන්න ඕනිම කැප කිරිමක් කරන්න ලෑස්ති.”

මධුෂානි කලාවට අලුත් නිසා පවුලේ අය ගැන වගේම එයාලාගෙ සහයෝගය ගැන කතා කලොත්, “අපි පදිංචි කොට්ටාවේ. මම අම්මා තාත්තා අයියා පවුලේ ඉන්නේ ඇත්තටම මම රංගනයට එනවට මුලින් ගෙදරින් කැමති වුනේ නෑ. විශේෂයෙන් තාත්තා. හැබැයි අද මට මගේ ගමනට හැමෝම උදව් කරනවා. කිසි දෙයක් එපා කියලා නෑ. හරි දේ තෝරගෙන හරි දේ කරන්න එයාලා මගෙත් එක්ක ඉන්නවා. මම වුනත් එහෙමයි ඉතින්”

ජානු කියන්නෙත් ⁣තාම පෙම්වන්තියක් නෙවෙයි. එතකොට මධුෂානි කියන්නේ, “මධුෂානි කියන්නෙත් තාම පෙම්වන්තියක් නෙවෙයි. අනික මම ඒ දේවල් හිතන්නේ නෑ තාම. හරිම දේ තෝරගන්න වගේම හරිම කෙනා තෝරගන්නත් අපිට අවස්ථාවක් එනවා. ඉතින් ඒ අවස්ථාව දවසක මගේ ජිවිතේටත් එනවා. ඒ නිසා මම බලන් ඉන්නවා. අනික මම කැමති ම⁣ගේ ගමනට උදව් කරන කෙනෙකුට බලමු කාලයත් එක්ක. කොහොම වුනත් මම කැමතියි ආදරේ කරලා විවාහ වෙන්න.” කියලයි.