‘මට එන ආදර යෝජනා දිහා මම බලන්නේවත් නෑ’ k. සුජීවාගේ දියණිය අංජලී කියන කතාව

මේ වනවිට ලංකාවේ ඉන්න ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පිනිය කවුද කියලා ඇහුවොත් හැමෝගෙම පිළිතුර වෙන්නේ k. සුජීවා කියන නම. ඉතින් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුජීවාගේ වැඩිමහල් දියණිය තමයි අංජලී රාජ්කුමාර් කියන්නේ. අංජලී කියන විදියට ඇය කුඩා කාලයේ ඉඳන්ම හීන දැක්කේ අම්මා වගේ වෙන්නලු. ඉතින් ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”පොඩිකාලේ ඉඳන් මම දැක්කේ මගේ අම්මා. ඉතින් මගේ ජීවිතේ මම දැකපු පරමාදර්ශය තමයි ඇය. පොඩිකාලේ මම ගායිකාවක් වෙනවා කියලා හිතාගෙන හිටියේ නෑ දැනට ටික කාලෙකට කලින් ඉඳලා තමයි මට ගායිකාවක් වෙන්න හිතුනේ.” කියලයි.

මේ වනවිය අංජලී නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා ඇය පෞද්ගලික රුපවාහිනි චැනල් එකක ෆන් ටයිම් කියන වැඩසටහන ඉදිරිපත් කරනව, ඒ වගේම එම වැඩසටහනට ගොඩක් ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා කියලත් අංජලී අපිට කිවුවා. අංජලී කියන්නේ ගොඩක් සුන්දර තරුණියක් ඉතින් ඇයට ආදර යෝජනා ගලාගෙන එනවලු ඉතින් ඇය ඒ සම්බන්දයෙන් කියන්නේ මේ වගේ කතාවක් ” අපොයි ගොඩක් ආදර යෝජනා එනව. මං ඒවා දැක්කෙ නෑ වගේ ඉන්නව. මට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා මම ඒ ගැන පස්සේ කියන්නම්”

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.