‘මට ඉස්සර ඕන උනේ නිවේදිකාවක් වෙන්න දැන් ඕන නිලියක් වෙන්න’ ආලෝකා ධනංජනි කියන කතාව

නීල පබළු, හදවතේ කතව, අහස් මාළිගා ආදි කතා ගනනාවකින් ඔබේ ආලින්දයට පැමිණි ඇය නමින් ආලෝකා ධනංජනි. අද අපි කතා කරන්නේ ඇය සමඟයි. කළු සුදු ඕනිම චරිතයකට රංගනයෙන් දායක වෙන ආලෝකා සිරස ෆිල්ම් ස්ටාර් හරහා රංගන ජිවිතයට පළමු පියවර තබනවා. ඉතින් ඇයගේ මේ රංගන හැකියාව නිසාම අපි ඇයගෙන් මේ වගේ ප්‍රශනයක් ඇහුවා,

ආලෝකා කුඩා කාලයේ පටන් රංගනයට ආසද, “ඇත්තටම ඔව් මම මට තේරෙන වයසේ ඉදන් කැමති නිවේදිකාවක් වෙන්න. රූපවාහි⁣නියේ සමහර ටෙලිනාට්‍ය වල මම ආස චරිත මතකේ තියාගෙන මම ඒ දේවල් කණ්ණාඩිය ඉස්සරහ රඟපානවා. ඉතින් එහෙම බලද්දි මම පොඩි කාලේ ඉදන්ම රංගනයට ආසයි.”

ඒ කියන්නේ ආලෝකා පොඩ් කාලේ බලාපොරොත්තු වුනේ රංගන ශිල්පිනියක් වෙන්නද, “ඇත්තටම නෑ. මම පොඩ් කාලේ ආස වුනේ වෛද්‍යවරියක් වෙන්න. හැබැයි මම සංගිතය වගේ දේවල් එකක් පාසලේ සාහිත්‍ය වැඩ ගොඩක් කලා. ඉතින් කලාවටත් ඒ නිසාම ආස වුනා මම.”

නවක රංගන ශිල්පිනියක් විදිහට ආලෝකා කැමති මේ කේෂ්ත්‍රයේ කොයි විදිහට ජිවත් වෙන්නද,? “මම දැන් වැඩියෙන්ම ආස රංගනයට. ඉතින් ඒ නිසාම රංගන කටයුතු කරගෙන ඉදිරියට යන්න තමා මම බලාපොරොත්තු වෙන්නේ. දැනටමත් මම සිනමාවට වුනත් එකතු වෙලා තියෙනවා. ඉදිරියේදි මට ලැබෙන ඕනිම චරිතයකට සාධාරණය ඉෂ්ඨ කරන්න මම බලාපොරොත්තු ⁣වෙනවා.”

ආලෝකා මේ වෙද්දි පෙම්වන්තියක් ද? “ඔව් ආදරේ කියන්නේ හරි සුන්දර හැගමක්. මම ඒ හැගිම විදිනවා. ඉතින් මගේ ආදරය මගේ බලාපොරොත්තු වලට යන්න ගොඩක් උදව් කරනවා. කිසිම වෙලාවකට නිති මැද මගේ හින අතර මග නතර කරන්න කියලා නෑ.”

ගමක හැදුන ආලෝකි කොළඹ ජිවිතේට හුරු වුනේ කොහොමද.? “මම ගමක හැදුන බොහොම අහිංසක නිහතමානි කෙනෙක්. ගෙදර අය මට ආදරේට හංසි කියද්දි ගමේ අයත් මට කතා කලේ හංසි කියලා. කොළඹ ජිවිතේ ගමේ ජිවිතේට වඩා හාත්පසින්ම වෙනස්. මොකද ගමේ විදින නිදහස ම⁣ට කොළඹ ජිවිතේ ලැබිලා නෑ. ඒ සුන්දරත්වය කොළඹ දැකලා නෑ. ඉතින් දෙයාකාර ජිවිතයක් මම දකින විදිහට ඒක.” ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ආලෝකිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.