‘මට ආදරේ ලැබෙනවා ඒත් මට ආයේ විවාහයක් එපා’ පළමු විවාහයට සමුදුන් වොල්ගා කියන කතාව

මේ දිනවල සුවිශේෂි චරිතයක් හරහා ජනතාව අතරට එන වොල්ගා ගැන කතා කරන්නයි මේ සුදානම. එකිනෙකට වෙනස් වු චරිත ඔස්සේ ජනතාවගේ ආදරයට ලක්වෙන වොල්ගා මාස හයක් පමණ නිහඩතාවයකින් නැවතත් කලාවට එන්නේ විශේෂ කතාවක් හරහා. ඒ ගැන අපි ඇයගෙන්ම අහන්න හිතුවා ” ජිවිතේ සමහර තීන්දු තීරණ අපේ ජිවිත වෙනස් කරනවා. මමත් මාස හයක් විතර කලාවෙන් අයින් වෙලා හිටියා. මාව බිහිකරපු කලාවට වොල්ගා කියන නම ගෙනාපු ශිවගුරුනාදන් මහත්මයා සහ චාමර සමරවික්‍රම මහත්මයා නිසාම ආයේ මට අලුත් විදිහකට අලුත් චරිතයක් එක්ක ජනතාව ලගට එන්න පුළුවන් වෙනවා.

ඒ මේ දවස් වල පාර දිගේ ටෙලිනාට්‍යයේ ටුටුගේ චරිතය එක්ක. ඇත්තටම ‘ටුටු’ කියන්නේ මට වෙනස්ම චරිතයක්. ජිවිතේ මම රඟපාපු චරිත එක්ක වෙනස්ම ඇත්දැකිමක්. ටුටු කියන චරිතයට පණ දෙන්න මට වෙනස් ඇදුම් පැලදුම් වලට පවා හුරු වෙන්න උනා. රස්නා විලාසය ගැන මට අලුතින්ම ඉගෙන ගන්න වුනා. මේ වෙද්දි ශිවගුරුනාදන් මහතා මටමේ චරිතය පොවලා කිවොත් හරි. මගේ සැබෑ ජිවි⁣තයේ වගේම හිතුවක්කාර චරිතයක් තමා ටුටු කියන්නේ. ඉතින් මම මේ චරිත එක්ක මගේ ගමන යනවා.” කියලයි.

වොල්ගා යනු කලකට ඉහත බොහෝ දෙනාගේ කතාවට ලක් වු තරුණියක්. එයට හේතුව ඇය විවාහ වෙලා හිටපු හර්ෂණගෙන් ඇය වෙන් වු කාරණාව. ඉතින් ඒ පිලිබඳ සමාජ ජාලාවල විවිද කට කතා පැතිරුනා ඉතින් ඒ කට කතා ගැන මෙන්ම ඉදිරියේදි ඇය පෙම්වන්තියක් වෙන්න බලාපොරොත්තු වෙනවාද යන්න අපි ඇයගෙන්ම ඇසුවා.

අපේ පැනයට වොල්ගා දුන්නේ මේ වගේ පිළිතුරක් “විවාහය කියන්නේ ඇත්තටම කඩදාසියකින් මනින්න පුළුවන් දෙයක් නෙවෙයි. මමයි හර්ෂණයි ඇත්තටම කතා බහ කරලා කිසි තරහක් නැතුවයි වෙන් වුනේ. අනික ආදරේ කියන්නේ තමන් ආදරේ කරන කොහේ හරි සතුටින් ඉන්නවා බලලා සතුටු වෙන්න පුළුවන් එකට. ආදරේ කියව හැගිම කොලේකින් මනින්න පුළුවන් කියලා වගේම කොලේකට සිමා කරන්න බෑ කියලත් මම හිතනවා. අනික කාලයක් මගේ ලගින් හිටපු අය පවා මාව ඈත් කලා. කට කතා ගෙතුවා. ඒ වෙලාවේ මගේ පවුලේ අය තමා මට හයියක් වුනේ.

අපි කවුරුත් ආදරේ බලාපොරොත්තු වෙනවා. හැබැයි ආයේ විවාහයක් ගැන මම හිතන්නේ නෑ. ඇත්තටම ආදරේ කියන්නේ කසාදය කියන බැම්ම නෙවෙයි. කවුරු මොන කතා ගෙතුවත් මම ගැන දන්නේ මම. මම ආදරේ දකින විදිම විදින විදහ වෙනස්.” කියලයි, සිනමාවට අඩුවෙන් දායක වන වොල්ගා ඉදිරියේදි තවත් අලුත් ටෙලි නිර්මාණ කිහිපයක් තුළින් ප්‍රේක්ෂකයන් හමු වන්න බලාපොරොත්තු වෙනවා කියකත් ඇය අපි සමග පැවසුවා ඉතින් ඇයගේ ඉදිරි දිවිය ගොඩක් සුන්දර වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා