‘මට ආදරේ නැති අයට මම චුට්ටක් වසයි’ ඉන්දියාවේ දීපිකාටත් වඩා සුන්දර ටාෂි කාලිදාස කියන කතාව

ඇය නව පරපුරේ නවක රංගන ශිල්පිනයක්. අහම්බෙන් රංගන ජිවිතයට එළඹෙන ඇය නමින් ටාෂි කාලිදාස. මේ කතා බහ ඇය සමඟයි. ටාෂිගේ පළමු නිර්මාණයෙන්ම ප්‍රක්ෂේක හදවත් ආකර්ෂණය කරගන්න සමත් වුනු ඇය. මෙතෙක් පැමිණි ගමන කෙසේ වෙතත් ඇයට කලා ලෝකයේ යා යුතු ගමන බොහෝ දිගුයි බවට සැකයක් නැත. ‘ඉන්ටනැසනල්’ සහ ‘දාම්’ ටෙලිනාට්‍ය තුළින් ප්‍රක්ෂේකයන් අතරට එන ටාෂිගේ මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන ‘චලෝ’ ටෙලිනාට්‍යට රංගන දායකත්වය ලබාදෙනවා. ඉතින් ඇයගේ රංගන ජිවිතය ගැන අපි ඇයගෙන්ම ඇසුවා. “ඇත්තටම මම මුලින් දායක වුවේ වෙළද දැන්විම් කිහිපයකට. රංගනයට එකකු විම හරිම අහම්බයක්. ඉතින් කාලයත් එක්ක මට ටෙලි නාට්‍ය දෙක තුනක රංගනයෙන් දායක වෙන්න පුළුවන් වෙනවා. අද බොහෝ දෙනෙක් මව දන්නවා. මග තොටක වුනත් මට ආදරේ කරන පිරිසක් ඉන්නවා. අනික ම⁣ට මගේ පවුලෙන් ලොකු සහයෝගයක් ලැ⁣බෙනවා මගේ ගමනට. ඉතින් මම මේ ගමන කල්පනාවෙන් යන්න බලාපොරොත්තු වෙනවා.” කියලයි.

ටාෂි කියන්නේ බටහිර ආභාෂායක් සහිත කාන්තාවක්. නමුත් ඇය වැඩිපුරම රංගනයට කැමති ගැමි චරිත වලට බව ඇය අපි සමග කියා සිටියා. කුඩා කල ගුවන් සේවිකාවක් වෙන්න හීන දුටු ටාෂි දැන් රංගනය අත් නොහරිනද බව කිවේ මේ දිනවල ඇයට ලැබෙන ප්‍රතිචාරත් සමඟ. ආධුනික රංගන ශිල්පිනයක් වුවත් ඇය කිසි විටෙක රංගනය තුළ ආධුනිකත්වයක් පෙන්වන්නේ නෑ. ඇය නිවසට වඩා එළිමහනේදි දැඩි නිහඩ චරිතයක්. ඇය රංගනයට අදින ඇදුම ගැන පවා සැලකිලිමත් බවයි ඇය කියා සිටියේ. ඉතින් ටාශිගේ අනාගත බලාපොරොත්තු මොනවද කියලා අපි අසු පැනයට ඇය දුන්නේ මේ වගේ පිළිතුරක් “ගොඩක් බලාපොරොත්තු නෑ. හැබැයි මගේ අඩු පාඩු ⁣හදාගෙන ගුණාත්මක විදිහට හරිම දේ කරලා රංගනයෙන් ඉදිරියට යන්න මම කැමතියි. ඒ විදිහ කව චුටි චුටි බලාපොරොත්තු ටිකක් තියෙනවා. ඒවා ඉතින් මෙහෙම කියන්න බෑ” කියලයි.

අවසාන වශයෙන් ඔබ ඔබ ගැන හිතන විදිහ මොනවගේද කියලා අපි අසු පැනයට ටාශි දුන්නේ මේ වගේ පිළිතුරක්. “ඇත්තටම මම රංගන ජිවිතයට වඩා සැබෑ ජීවිතයේදී ගොඩක්ම වෙනස් කෙනෙක්. ඇයි දන්නේ නෑ මට ඉක්මනින් කේන්ති යනවා. හැබැයි මම හිතේ තරහ තියාගෙන පැසව පැසව ඉන්නේ නෑ. මම දුකකදි දුක් වෙනවා සතුටෙදි සතුටු වෙනවා. මේ හැමදේම එක්ක හැමෝම එක්ක මම සතුටින් කාලය ගත කරනවා. ඉතින් මම කැමති මම මම කැමති විදිහට ජිවත් වෙන්න. ඒ වගේම තමයි මට ආදරේ අයට මම ගොඩක් ආදරෙයි එහෙම නැති යටනම් මම චුට්ටක් විතර වසයි” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ටාශි කාලිදාසගේ සිත් වශීවෙන සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.