‘මට අවුරුදු 50දී මම අවුරුදු 20ක කෙල්ලෙක් දාගෙන හිටියා’ වික්ටර්ට නොදෙවෙනි සැනට් දික්කුඹුර කියන කතාව

ලංකාවේ ගොඩක් ජනප්‍රිය වන්නේ තරුණ නළු නිලියන්. ඒ ඔවුන්ගේ සුන්දරත්වය නිසා, නමුත් තරුණ නොවුනත් කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ජනප්‍රියත්වයේ ඉහලම තැනක ඉන්න වයසින් මුහුකුරා ගිය පිරිසකුත් ඉන්නවා ඒ අතරින් හැමෝගෙම මතකයේ රැඳෙන සුන්දර චරිතයක් තමයි සැනට් දික්කුඹුර කියන්නේ. නමුත් ඒ නමින් වඩා හැමෝම ඔහුව හඳුනන්නේ ‘පෝලෝ සීයා’ කියලා. ‘ගමිපෙරලිය නෙමෙ පෙමිපෙරලිය’ මේ වචන ටික ඇහුන ගමන් අපි ටීවී එක ඉස්සරහට දුවගෙන එන්නේ ‘පෝලෝ සීයා’ගේ බල්ටි බලන්න.

මේ දවසල රටේ පවතින තත්වයත් එක්ක සැනට් අංකල් ගතකරන්නේ ටිකක් අමාරු කාලයක්ලු ඔහු ඒ පිලිබඳ අපිට කිවුවේ මෙහෙමයි ”මේ ප්‍රශ්න නිසා එළියට යන්න බෑ. මම අන්තිමට රඟපෑවේ අකුරු මැකී නෑ ටෙලි නාට්‍යයේ, පසුගිය කාලේ කරපු සමහර වැඩවලට තාම සල්ලි ලැබුණෙත් නැහැ. මේ දවස්වල මගේ අසල්වැසි හිතවතුන් තමයි මගේ කෑම බීම ගැනත් හොයලා බලන්නෙ. ඉතින් මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නෙ ඔහොම තමයි.” කියලයි. සැනට් අංකල් තවම තනිකඩයි ඉතින් අපේ සැනට් අංකල් තනිකඩව ඉන්න හේතුව පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”අපේ දේපල ගැන ආරවුල් ගොඩක් තියෙනවා. එහෙම නොවුණා නම් අද මම කසාද බැඳලා.ගෑනියෙක් ගෙනැල්ලා එයාවත් මේ ප්‍රශ්නවලට ඇදලා දාන්න මම කැමැති නැහැ. පවුල්ක් ඇතුළෙ රණ්ඩු වෙවී ජීවත්වෙන්න ඕනෙම ගෑනියෙක් කැමති නැහැනෙ. අපේ තාත්තා හදිසියේ නැතිවුණාට පස්සෙ තමයි අපට මේ තත්ත්වය උදාවුණේ. නැත්තන් අපි ගොඩක් හොඳින් හිටියා.” කියලයි. විවාහයක් කරගත්තේ නැතිවුනාට සැනට් අංකල්ට ප්‍රේම වන්තියෝ ගොඩක් ඉඳලා තියෙනවා ඉතින් ඒ සුන්දර මතකයන් අපිත් එක්ක අවදි කලේ මෙහෙමයි ”කෙල්ලොනම් ඕනෑතරම් හිටියා මම ඉස්කෝලෙ යන කාලෙ තමයි මුල්ම ප්‍රේම සම්බන්ධය පටන්ගත්තෙ. එයත් අද කලාවට සම්බන්ධ කටයුතු කරගෙන යනවා. එයා අන්තිමේදී බැන්දෙ මගේ හොදම යාලුවෙක්. මට අවුරුදු පනස් ගණන්වලදීත් මගේ ආදර සම්බන්ධයක් තිබුණා ඒ අවුරැදු විසි ගානක කෙල්ලෙක් එක්ක. ආදරයට වයසක් බලපාන්නෙ නැහැ කියලා විශ්වාස කරන කෙනෙක් මම. හැබැයි ආදරය කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ආදරේදී පොඩ්ඩක්වත් ආත්මාර්ථකාමී වෙන්නත් බැහැ. මගේ ඒ සම්බන්දෙත් නතර කරන්න සිද්දවුනා. දෛවය අනුව තමයි ජීවිතේ හැමදේම තීරණය වෙන්නෙ.” කියලයි. ඒ වගේම බෙනට් අංකල් කවදාහරි විවාහ වෙනවා කියලත් කියනවා. ඔහු කවදාහරි විවාහ වෙන්නේ ”හොඳ කටකාර ගැහැනියක්.” එක්කලු ඉතින් අපේ සැනට් අංකල්ගේ ඒ හීනය සැබෑ වෙන්නකියලා අපි හදවතින්ම සුබ පතනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.