‘මට අයියෙක් නැති අඩුව පුරවන්නේ සංගීත් අයියා’ හින්දි නිලියක් වගේ සුන්දර චමීෂා කියන කතාව

කාලෙන් කාලෙට අපේ කළා ලෝකෙට අලුත් අලුත් රංගන ශිල්පිනියන් එනවා. ඉතින් ඒ වගේ මේ කාලයේ තරුනන්ගේ සිත් සොරා අරන් ඉන්න සුන්දර රංගන ශිල්පිනියක් තමයි චමිෂා දිසානායක කියන්නේ. ‘රැස්’ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත් ඇය කුඩා කාලයේ ඉඳලම ගොඩක් ජනප්‍රියයි. චමීෂා වෙළඳ දැන්වීම් කලාවට පිවිසෙද්දී ඇයගේ වයස අවුරුදු 12යි. ඉතින් මේ වනවිට චමීෂා වෙළඳ දැන්වීම් 50කට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදීලා තියෙනවා. ඒ වගේම ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන ‘අපි අපේ’ ටෙලි නාට්‍යයේ තරූගේ චරිතයට පණ පොවන්නේ චමීෂා විසින්. චමීශා ගොඩක්ම රඟපාලා තියෙන්නේ වෙළඳ දැන්වීම් ඉතින් ඇය මුලින්ම ටෙලිනාට්‍යක රංගනයට ගියාම ඒ දෙක අතර තියෙන වෙනස දැනුන ආකාරය පිලිබඳ අපි සමග කිවුවේ මේ වගේ කතාවක් ”අම්මෝ ඒ දෙක ගොඩක්ම වෙනස් මට වෙනස හොඳින්ම දැනුනා. තත්පර ගානක වෙළඳ දැන්වීමක් කරන්න එක දිගට දවස් දෙකතුනක් මහන්සි වෙනවා. ඒ වගේම කාලයත් එක්ක ලොකු සටනක් කරන නිසා දෙබස් ඉක්මනට කියන්න ඕන. රියැක්ෂන් හරි ඉක්මනට දෙන්න ඕන. ටෙලිනාට්‍ය වල ඕන තරම් වෙලාව තියෙනවා නේ. මම පලවෙනි වතාවට ටෙලිනාට්‍යක් රූගත කරද්දී කෝච්චිය වගේ දෙබස් කිව්වෙ. රියැක්ෂන් වුණත් එච්චරයි. අකිල අයියා තරහා ගන්නේ නැතිව මාව නිවැරදි කළා ප්‍රවීණයෝ ගොඩක් මට ආදරෙන් හොඳ සහයක් ලබා දුන්නා. ඇත්තට එහෙම නොවුණා නම් පළවෙනි දවසෙම මම ගෙදර” කියලයි.

චමීෂා කියන්නේ තවම ලාබාල තරුණියන් ඉතින් ඇයගේ පාසල් ගමන පිලිබඳ ඇසුපැනයට ඇය දුන්නේ මේ වගේ පිළිතුරක් ”දැන් මම පාසල් යන්නේ නෑ. මොකද මගේ පාසල දැඩි විනය නීති තියන පාසලක්, මම කලා නිර්මාණ වලට සහභාගී වෙනවාට කැමැති වුණේ නැහැ. ඒ නිසා සාමාන්‍ය පෙළෙන් පස්සේ මම ඒ පාසලෙන් අයින් වුණා. මම මේ ක්ෂේත්‍රයට ගොඩක් කැමතියි මගේ අම්මා ජාත්‍යන්තර පාසලක විදුහල්පතිනියක්. ඉතින් අම්මා කිවුවා උසස්පෙළ ප්‍රයිවර් කරන්න කියලා. මේ දවස්වල ඔන්ලයින් පන්ති” කියලයි.

චමීෂා දැන් රටම දන්නා ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඉතින් ඇය මේ තැනට එන්න උදවුකරපු කෙනෙක් පිලිබඳ අය කිවුවේ මේ වගේ කතාවක් ”ඇත්තම කියනවනම් මට රංගන ශිල්පිනියක් වෙන්න ගොඩක් උදවු කලේ මේ දවස්වල කවඩියා විදියට ජනප්‍රිය වෙලා ඉන්න සංගීත් ප්‍රභු අයියා. යාලුවෙක්ට වඩා මට හොඳ අයියා කෙනෙක් එයා. ඒ තරමට උපදෙස් දෙනවා. කරන්න ඕන දේ එපා දේ පෙන්නලා දෙනවා. ඇත්තටම මට අයියෙක් නැති අඩුව පුරවන්නේ එයා” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන චමීෂාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.