‘මට අම්මා වෙනුවෙන් සතයක්වත් වියදම් කරන්න බැරි උනා’ දෙවෙනි ඉනිමට අලුතෙන් ආව පියුමාලි කියන කතාව

පුංචි තිරයේ මෙන්ම දැන්විම් වලින් හමු වන ඇය නමින් පියුමාලි තිළිණිකා. ඇය ගැනයි මේ කතාව. කොත්මලේ ප්‍රදේශයේ උපත ලබන පියුමාලි සිය පියා හා වැඩිමල් සහෝදරයින් දෙදෙනෙකු සමඟ ජිවත් වන අතර ඇය ගුවන් සේවිකාවක් ලෙස සිටියදි කලාවට එක් වෙනවා. ඉතින් අපි හිතුවා පියුමි කලාවට සම්බන්ද වුන ආකාරය පිලිබඳ ඇයගෙන්ම අහන්න.

ඉතින් ඒ පිලිබඳ ඇය අපිට දුන්නේ මේ වගේ පිළිතුරක් “හරි අහම්බෙන් තමා මට කලාවට එන්න පුළුවන් වෙන්වේ. 2018 තමා දුවිලි අහස ටෙලිනාට්‍යයෙන් මම රංගනයට එන්නේ. ඊට පස්සේ මට ආරාධනා බොහොමයක් ලැබුනා. හදවතේ කතාව, කුඹි, අග්නි පියාපත්, දෙවනි ඉනිම, රේස්, මායාවි වගේ ටෙලි කතා වලට මගේ රංගනය ලබා දුන්නා. මගේ වෘත්තීය එක්ක ඉඩක් ලද අවස්ථාවක අනිවාර්යයෙන් රංගනයට මම සහභාගි වෙනවා. මම රංගනයට ආව ගමන වගේම මම යන ගමන බොහොම හෙමින් යන්නේ. මොන දේ වුනත් මම මුල් තැන දෙන්නේ මගේ රැකියාවට.” කියලයි.

පියුමාලි කියන්නේ ගොඩක් සුන්දර තරුණියක් ඉතින් අපි ඇයගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න හිතුවා. පියුමාලි මේ වෙද්දි ඔබ ආදරවන්තියක්ද? “මෙහෙමයි මම ආදරේ කරලා බැදිම් ඇතිකරගෙන තියෙනවා. හැබැයි මේ මොහොකේ මම ආදරවන්තියක් නෙවෙයි. මොකද මම ආදරය කියන මාතෘකාව ටිකකට අමතක කරලා ඉන්⁣නේ. මම මේ තනිකමට ආස නිසාම තව කාලයක් මෙහෙම ඉන්න කැමතියි. මම ප්‍රශ්න වලට අකමැති නිසාම මම හු⁣දකලාවට ගොඩක් ආදරෙයි. ඒ නිසා කාලයට ඉඩදිලා බලමු.” කියලයි.

පියුමාලි ආසම පොත් කියවන්න කියලා ආරංචි “ඔව් මම තනියම ඉන්න නිසා විවේකිව ඉද්දි කැමති පොතක් කියවන්න. නැත්නම් අලුත් දෙයක් ඉගෙන ගන්න. මම ආසම ස්වර්ණ පුස්තක සම්මානයට පත්වුන පොත් කියවන්න. තව කවි පොත් එහෙමත්.”

පියුමාලි ජිවිතේ අසරණම වුන අවස්ථා තියෙනවද? “මගේ ජිවි⁣තේ මම ආපසු බැලුවොත් මම අසරණ වුන දවස මගේ අම්මා නැති වුන දවස. මමයි අම්මායි ගොඩක් එකට ලංවෙලා ජිවත් වෙලා නෑ. අම්මා, මම දෙන්නම රැකියාවන් තුළ කාර්ය බහුල වුනා. අම්මා රැකියාවෙන් අයින් වෙනකොටම එයා නැති වුනා. ඇත්තටම මගේ පළවෙනි සැලරි එක ගද්දි අම්මා මම ළග නෑ. ඉතින් මට අම්මා වෙනුවෙන් සතයක්වත් වියදම් කරන්න බැරි උනා. මට මගේ අම්මා වෙනුවෙන් කිසි දෙයක් කරන්න ලැබුනේ නෑ.

අදටත් මාසේ ගෙවිලා මගේඅතට සැලරිය එද්දි මට මුලින්ම මතක් වෙන්නේ මගේ අම්මා. එදා මට අම්මා වෙනුවෙන් දෙයක් කරන්න සල්ලි නැති වෙද්දි අද මම සල්ලි තිබුනත් එයා වෙනුවෙන් දෙයක් කරන්න එයා මම ළග නෑ. ජිව්තේ ඒ තැන මතක් වෙද්දි දුක එක්ක මට ලොකු අසරණකම දැනෙනවා. ජිවිතේ ඒ දේ මට කවදාවත් අමතක කරන්න බැරි වෙයි. හැමදාටම ඒ සිද්ධිය මට මතක් වෙයි”

පියුමාලි අනාගතය දකින්නේ කොහොමද? “මගේ රැකියාව එක්ක හොද නිර්මාණ වලට සමබන්ධ වෙන්නයි මම කැමතියි.මොකද ජිවිතේ ගොඩක් බලාපොරොත්තු තියාගන්න මම ආස නෑ.මම මේ විදිහට හෙමින් තමා හැමදාම මගේ ගමන යන්නේ.” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන පියුමාලිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.