‘මට අනම් මනම් කියලා ගුටි කන්න තමා වෙන්නේ’ ජනප්‍රිය නිලි ඩිෂ්නි රාජපක්ෂ කියන කතාව

කළා ලෝකයේ ඉන්න සුන්දර රංගන ශිල්පිනියන් අතරින් සුන්දරත්වය අතින් ඉහලින්ම සිටින රංගන ශිල්පිනියක් තමයි ඩිෂ්නි රාජපක්ෂ කියන්නේ. පසුගිය කාලයේ ලංකාවේ විකාශනය වුන ‘සත්‍යා’ ටෙලිනාට්‍ය හරහා ඇය ප්‍රේක්ෂක ආදරේ වැඩිපුර දිනාගන්න සමත්වුනා. කොහම වුනත් මේ දිනවල රටේ පවතින ගැටළු නිසා ඇය නිදහසේ ඉන්නවලු. ඒ වගේම මේ දවස්වල ඇයගේ දවස් ගෙවෙන ආකාරය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මේ දවස්වල වැඩ මුකුත් බාරගත්තේ නෑ. මොකද රටේ තත්වේ දැන් එන්න එන්න නරක අතට යන්නේ. අපි කාටවත් වැරදි කියන්නේ නැතිව අපි ප්‍රවේසම් වෙන්න ඕන. මොකද ඒ වගකීම තියෙන්නේ අපේ අතේ. මම කුරුනෑගල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක් පවත්වාගෙන යනවා ඒ වගේම මම ඒ පාසලේ ගුරුවරියක විදියටත් වැඩ කළා. නමුත් මේ ප්‍රශ්න නිසා මම ඒ සේරම තාවකාලිකව නතර කලරා තියෙන්නේ. හැබැයි ඔන්ලයින් පන්ති කරගෙන යනවා.” කියලයි.

ඩිශ්නි කියන්නේ ගොඩක් සුන්දර යුවතියක්, ඉතින් ඇයට මේ වනවිට ආදර යෝජනා ගලාගෙන එනවලු. ඉතින් ඇය ආදරේ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මම ආදරේ නිසා ඕන තරම් විඳවලා තියෙනවා. ආදරේ කරද්දී සතුට වගේම දුක, කඳුළු, සේරම ලැබෙනවා නේ. මටත් ඒ දේවල් හිමිවෙලා තියෙනවා. ඒ වෙලාවේ මට දැනුන හැගීම් මම මගේ රංගනයට යොදාගත්තා. මම ගොඩක් වෙලාවට කියන දේ මූණට කියන කෙනෙක් මගේ පෙම්වතාට උනත් එච්චරයි ”ඩිස්නිට අනම් මනම් කියලා අපිට ගුටි කන්න තමා වෙන්නේ” කියලත් මගේ යාළුවො ගොඩක් කියනවා. මගේ දැන් පෙම්වතා මාව ගොඩක් තේරුම් අරන් ඉන්නේ. මම පොඩිකාලේ ඉඳලම හීන දැක්කේ රංගන ශිල්පිනියක් වෙන්න. එයා ඒ හීනේ සාර්ථක කරගන්න ගොඩක් උදවු වෙනවා” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ඩිෂ්නි රාජපක්ෂගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.