‘මගේ ළමයි දෙන්නත් කියනවා ඔච්චර නපුරු වෙන්න එපා කියලා’ ඉස්කෝලේ කතාවේ නන්දනී කියන කතාව

ලංකාවේ මේ වනවිට හැමෝම ගොඩක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි ‘ස්කොලේ’ කියන්නේ. ලස්සන ආදර කතා කිහිපයක් එක්ක අපේ සමාජයේ කිසිවකු නොදකින පැත්තක් පිලිබඳ අපූරුවට පෙන්වාදෙන මේ නාට්‍ය ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. ඉතින් ඒ වගේම තමයි මේ නාට්‍යයේ ඉන්න රංගන ශිල්පිනියන්ට වගේම ශිල්පිනියන්ටත් අපේ ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරෙයි. ඉතින් මේ නාටයේ ඉන්න නපුරු චරිතයකට පන පොවන දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් පිලිබඳ තමයි අද කතා බහ. ඇය තමයි ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ ‘නන්දනී’, මේ නන්දනී කියන චරිතයට පන පොවන්නේ රෝමා රෝෂි ජයකොඩි විසින්. ඉතාම දීර්ග නිහැඬියාවක පස්සේ තමයි ඇය රංගනයට පිවිසිලා තියෙන්නේ.

‘ගෞතම්’ ‘වසූදා’ වැනි නාට්‍ය හරහා ලංකාවේ ජනප්‍රිය වුන ඇය, කාලයක් රංගනයෙන් තරමන් ඈත්ව සිටිනවා. ඉතින් දැන් රෝමා නැවතත් රංගනයේ නියැලෙනවා. මේ දිනවල පවතින තත්වයත් එක්ක රූපගත කිරීම්වලට යෑමට බයක් නැද්ද කියලා ඇසු පැනයට ඇය දුන්නේ මේවගේ පිළිතුරක් ”මෙහෙමයි අපි ගොඩක් පරිස්සමින් තමයි රූගතකිරීම් වලට යන්නේ. නිර්මාණවලින් ආරාධනා ලැබුණත් මම දැන් ඒ කිසිවක් බාර ගන්නේ නැහැ ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ විතරයි මම රංගනයේ නියැලෙන්නේ. ඇත්තම කියනවනම් ඒ නාට්‍යයේ නිෂ්පාදන කණ්ඩායම අපිව පුදුම විදියට ආරක්ෂා කරනවා” කියලයි.

රෝමා ඉස්කෝලේ නාට්‍යයේ රඟපාන්නේ නපුරු චරිතයක් ඉතින් මේ නපුරුකම්වලට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”ඇත්තටම ප්‍රේක්ෂ ප්‍රතිචාර ගැන කියනවනම් මගේ රංගන සාර්ථකයි කියලා තේරෙනවා මොකද නපුරු චරිතයක් රඟපාන රංගන ශිල්පිනියෙක්ට හෝ රංගන ශිල්පියෙක්ට බනිනවා කියන්නේ ඒ රංගනය සාර්ථකයි කියන එක. කොහොම වුනත් දැන් මගේ දුවයි, පුතයි කියනවා ඇයි අම්මා ඔච්චර නපුරු, ඔහොම නපුරු වෙන්න එපා කියලා ඉතින් මම එයාලට තේරුම් කරලා දෙනවා මේක චරිතයක් විතරයි ඒ ඉන්නේ ඇත්ත අම්මා නෙවෙයි කියලා ඉතින් ඒ වෙලාවට එයාලා අහනවා චරිතය මාරු කරගන්න බැරිද කියලා” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ‘ඉස්කෝලේ’ කතාවේ නන්දනීගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.