‘මගේ සුන්දරත්වය වැඩිවෙන්න ප්‍රදාන හේතුව සැමියා’ මාධවී ඇන්තනී කියන කතාව

ජැක්සන් ඇන්තනි කියන්නේ බොහෝ ප්‍රවිණ රංගන ශිල්පින් අතරේ ඉහළ නමක් රඳවගත් සුන්දර කලාකරුවෙක්. අද අපි කතා කරන්නේ ඔහුගේ ආදරණීය දියණිය ගැන. ඇය මාධවි වත්සලා ඇන්තනි. අද අපේ කතාවට එකතු වෙන්නේ ඇයයි. මාධවි කියනනේ සුන්දර චරිතයක්, හැබැයි ඔබ විවාහයෙන් පස්සේ තවත් සුන්දර වෙලා කියලයි හිතෙන්නේ, “ඇත්ත⁣ටම ගොඩක් අය මට කියනවා විවාහයෙන් පස්සේ මම ලස්සන වෙලා කියලා. ඒ සම්බන්ධව ස්තුතිය හිමි වෙන්න ඕනි මිලාන්ට. මොකද එයා මගේ ජිවිතේට ආවත් එක්ක මගේ ජිවිතේ හිතපු නැති විදිහට ලස්සන වෙන්න ගත්තා. ආදරය, සෙනෙහස, රැකවරණය එක්ක මම ජිවත් වෙද්දි මම තවත් සුන්දර කෙනෙක් වෙන්න පටන් ගත්තා.”

ඔබ හිතන්නේ කාත්තාවකට සුන්දර කියන අත්‍යවශ්‍ය දෙයක්ද, “කාන්තාවකට විතරක් නෙවෙයි පිරිමියෙකුට වුනත් සුන්දරත්වය කියන දේ ගොඩක් වැදගත්. ඒ විතරක් නෙවෙයි ගහකොළ සතා සිව්පා ආදි ඕනිම දේකට සුන්දරත්වය කියන දේ තියෙන්න ඕනි. මොකද එතකොටයි ඒ දේ පැවැත්මක් තියෙන්නේ. මම හිතන්නේ සුන්දරත්වය කියන්නේ කාන්තාවකට ආභරණයක්. තමන් ගැන ආත්ම විශ්වාසය දකින්න පුළුවන් දෙයක්. ඉතින් අපි කාටවත් වරදක් නොකර ජිවත් වෙනවනම් අපි ඇත්තටම හදවතින් ලස්සනම් අපි බාහිරින් ලස්සන වෙනවා හිතන්න බැරි විදහට,

මාධවි සුන්දරත්වය රැකගන්න මොනාද කරන්නේ, “මම ආස මගේ සම නිදහසේ තියන්න. හැබැයි රාජකාරි වැඩ එක්ක මට මේකප් කරන්න සිද්ධ වෙනවා. කොහොම වුනත් ලස්සන කියන්නේ කෙනෙකුගේ ජිවිතේ තියෙන නිරෝගිකම. ඉතින් ඒ නිසාම නිරෝගි ඕනිම කෙනෙක්ට ලස්සනට ජිවත් වෙන්න පුළුවන්. මම ආහාර වලදි එළවළු පළා වර්ග වගේම පළතුරු ආහාරයට ගන්නවා හොදට. සමේ වියළි බව නැති කරලා තෙතමය තියාගන්න මම ගොඩක් උත්සහ කරනවා. නිතරම ජලය පානය කරනවා. මොන දේ නැතත් මම නිරෝගිව ඉන්න ව්‍යායාමනම් අනිවාර්යයෙන් කරනවා.”