‘මගේ සීරියස්ම ලව් එක සති දෙකයි” තවමත් තනිකඩ කොල්ලා වගේ ඉන්න මනෝජ් පීරිස් කියන කතාව

ලංකාවේ රූපවාහිනියට නැතුවම බැරි චරිතයක් තමයි මනෝජ් පීරිස් කියන්නේ, ලංකාවේ ඉන්න රංගන ශිල්පිනියන්ගේ ආදරේට පාත්‍රවුණ සුන්දර චරිතයක්. මනෝජ් පීරිස් වැඩිපුරම ජනප්‍රිය වුනේ දෙරණ චැම්පියන් ස්ටාර් වැඩසටහන නිසා. මේ වැඩසටහනට එන තරුණ රංගන ශිල්පිනියන්ට කාගෙන් බේරුනත් පේෂලගෙන් නම් කාටවත් බේරෙන්න බෑ මොකද ලස්සන කෙල්ලෙක් ආව ගමන් මනෝජ් පීරිස්ගේ උපන්දිනය එදාට යෙදෙනවා, ඉතින් හැම තරුණියක්ම මනෝජ් පීරිස් එක්ක පොටෝ එකක් ගන්න වෙනවා. මේ නාඩගම් නිසාම චැම්පියන් ස්ටාර් වැඩසටහන ලංකාවේ ගොඩක් ජනප්‍රියයි.

ඉතින් මේ විදිට තරුණියන්ගේ ආදරය දිනාගෙන ඉන්න මනෝජ් පීරිස් තවම තනිකඩයි. ඉතින් ඔහු තනිකඩ වීමේ හේතුව විදියට කියන්නේ මේවගේ කතාවක් ”මගේ යාළුවොනම් කාලෙන් කාලෙට මාව කවුරුහරි කෙල්ලෙක් එක්ක හරි ජෝඩු කරනවා. මට මගේ ජීවිතේ පුද්ගලිකව සමීප යෙහෙළියෝ කීප දෙනෙක්ම ඉන්නවා මං වෙනුවෙන්, ඇත්තටම මම මේ දක්වා හම්බකරලා තියෙන්නේ ආදරණීය මිනිස්සු විතරයි. ඒ ආදරය තමයි මාව ජීවත් කරවන්නේ. ඒ තමයි මගේ සතුට. සමහරු හිතනවා මනෝජ් පීරිස් කියන්නේ කොච්චර වාසනාවන්ත මිනිහෙක්ද කියලා. ඒත් ඒ අය දන්නෙ නෑ මම ඒ වෙනුවෙන් කරලා තියෙන කැපවීම් ටික. ඒවා විස්තර කරන්න වචන මදි.” කියලයි. ඒ වගේම මනෝජ් පීරිස් පීරිස් කියන්නේ ගොඩක් ප්‍රේම සම්බන්දතා තිබුණු පුද්ගලයෙක් ඉතින් ඔහු ඒ පෙම් සබඳතා පිලිබඳ අපිට කිවුවේ මේ වගේ කතාවක් ” ඒ කාලේ මට ගණන් කරන්න බැරි තරම් ප්‍රේම සම්බන්ධතා තිබුණා. හැබැයි ඒවා ගොඩක් කල් පැවතුනේ නෑ ඒ ඔක්කොම කෙටිකාලීන ඒවා. මට දවසේ දෙකේ පෙම් කතන්දරත් තිබුණා. ඒ කාලේ මට ලස්සන මෝටර් සයිකලයක් තිබුණා. ඒ නිසාද කොහෙද ගෑනු ළමයි හරිම ආසා වුණා මාත් එක්ක සෙට් වෙන්න. ඉතින් මම කෙල්ලො එක්ක යාළු වෙනවා. යාලු උනාට වඩා ඉක්මනින් ඉක්මනින් අයින් වෙනවා. ඇත්තටම ආදරේ කියන්නේ මොකද්ද කියලා මට ඒ කාලේ ලොකු තේරුමක් තිබුණෙත් නැහැ. විශ්වාස කරන්න මගේ දිගම ආදර සබඳතාවය සති දෙකක් විතර ඇදුණා. එතකොට අනිත් ඒවා ගැන අහන්න දෙයක් නෑ නේ. ගොඩක් ළමයි මාත් එක්ක යාළු වෙන්න පෝලිමේ හිටිය නිසා එහෙම වෙලා ඇති.” කියලයි. ඒ වගේම මනෝජ් පීරිස් කවදාවත් විවාහ වෙන්නේ නෑලු ඒ වගේම තනිකඩයෙක් විදියට දිවි ගමන නිමා කරන්නලු මනෝජ් පීරිස් කැමති, ඉතින් මධුර සප්ත ස්වරයෙන් ඔබෙත් මගෙත් මනදොළ පිනවන මනෝජ් පීරිස්ගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.