මගේ වයිෆ්ටනම් කිසිම කෑමක් රසට හදන්න බෑ හැබැයි අපේ අම්මට නම් රසට උයන්න පුළුවන්

දෙවෙනි ඉනිමේ මයික් ගැන ආයේ ඉතින් අමුතුවෙන් හැඳින්වීමක් කරන්න ඕනෑ නෑ නේ. මොකද ඒ තරමටම හැමෝම වගේ දන්න, හැමෝම ආදරේ කරන චරිතයක් දෙනුවන් සේනාධී හෙවත් දෙවැනි ඉනිමේ මයික් කිව්වාම රටම දන්නා සුපිරි කොල්ලෙක්. ඉතින් අද අපේ කතා බහා දිග හැරෙන්නේ දෙනුවන් සේනාධීර එක්ක

දෙනුවන් දෙවැනි ඉනිම ගෙවෙන කාලයේදී මුහුණ දුන් රසමුසු සිදුවීම් බොහෝ ඇති.

දැන් ඉතින් වුරුදු ගානක් තිස්සේ මේ නාට්‍ය ටීවී දෙරණ ඔස්සේ විකාශය වෙනවනෙ මේ නාට්‍යය පුරාවටම තියෙන්නේ ගොඩක් රස කතාවක් නාට්‍ය වගේම අපි ඒ අවස්ථාවලට මුහුණ දීමත් ඇත්තෙන්ම ගොඩක් රසවත් ඉතින් කතාවේ ආරම්භයට ගියොත් මුලින්ම මට චබියා (කණිෂ්ක ප්‍රසාද්) හමු වුණේ ක්‍රිකට් පිටියෙදියි. ඒ කියන්නෙ දෙවැනි ඉනිමේ අපි ක්‍රිකට් ගහපු දර්ශන තිබුණු දිනවල. ඇත්තම කිව්වොත් ෂූටින් වලට වඩා අපි කළේ ක්‍රිකට් ගහපු එක. ඇත්තටම ඒක හරිම සුන්දර අත්දැකීමක් ඊටපස්සේ පාසල් නිල ඇඳුම ආයෙත් අඳින්න ලැබුණා පාසල් ජීවිතයට සමුදීලා සෑහෙන කාලයකට පස්සේ නැවතත් පාසල් නිල ඇඳුම ඇඳීමට ලැබීම එක අතකට ලොකු වාසනාවක් අතීතෙට ගියා වගේ.

ගොඩක් වෙලාවට චරිත සංකලනයේදී නිතරම එකට රඟපාන්නෙ ඔබ චබී සමගයි. දෙන්නා චරිතයට ප්‍රවේශ වෙන්නෙ පිටපතේ තියෙන විදිහටමද?

ඒක මෙහෙමයි ඇත්තම කිව්වොත් සමන් එදිරිමුනි ලියන දෙයින් පිට අපට අමුතුවෙන් කියල කරන්න දෙයක් නැති තරම්. ඒ තරමටම ඒ දෙබස් හරි රහයි සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයට ඒ සියල්ල මුසු වුණාම වැඩේ ලස්සනටම යනවා අපිට අමුතුවෙන් කරන්න දෙයක් නෑ

ඇත්ත ජීවිතෙදීත් ඔබ සහ චබී හොඳ යාළුවොද?

ටෙලි නාට්‍යයේ විදිහටම අපට සැබෑ ජීවිතයෙ වැඩ කරන්න ලැබෙන්නෙ නැහැ. ඒත් අපි ගොඩක් හොඳ යාළුවෝ. අපි ප්‍රසංග වෙනුවෙන් එකට සංචාර ගියා ඔව් හොඳ මිත්‍රත්වයක් අපට තියෙනවා.

ඇත්ත ජීවිතෙදීත් ඔබ මයික් වගේද?

ඇත්ත ජීවිතයේදී මට ඒ චරිතයේ කිසිම සමානකමක් නැහැ. මොකද චරිත ලක්ෂණ ගත්තාම හාත්පසින්ම වෙනස් මම මයික් වගේ කලබලකාරී චරිතයක් නෙවෙයි. විනෝදකාමී ඒත් සැබෑ ජීවිතයේදී මම මගේ පාඩුවේ ඉන්න සාමකාමී චරිතයක්

දෙනුවන්ට ජීවිතය දැනෙන්නෙ මොන විදියටද?

මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ඇත්තටම ගොඩක් දුර්ලභ අවස්ථාවක්. සෑහෙන්න කලාතුරකින් තමයි අපට ඒ විදිහට මනුෂ්‍යත්වය ලැබෙන්නෙ එහිදී බෞද්ධයකු ලෙස ඉපදීම ඊටත් වඩා භාග්‍යයක් ඒ විදිහට බෞද්ධයකු ලෙස උපන්න ජීවිතයේදී මට හොඳ දෙමව්පියන් දෙපළක් ලැබුණා. සහෝදරයින් සහ හොඳ බිරිඳක්, දියණියක් ලැබුණා. ඒ වගේම ගොඩක් හොඳ රසික පිරිසක් ලැබුණා. ඒ ගැන ගොඩක් තෘප්තිමත් වෙනවා.

දෙනුවන්ගෙ ආදරණීය බිරිඳ ගැන කිව්වොත්?

එයාගෙ නම තිළිණි ඩිලුෂිකා ධනපාල. හරියට නම දුන්නා. වැරදුණොත් මම ඉඳලා ඉවරයි ඇය ඉතාම බුද්ධිමත් හොඳ හදවතක් තියෙන අහිංසක චරිතයක් හිටපු ගමන් මට අණ දෙනවා. මුලින්ම ආදරයෙන් කියල ඊට පස්සේ එකපාරටම විධාන දෙනවා. බබාගේ රෙදි ටික ගන්න, සෙල්ලම් බඩු ටික පෙට්ටියට දාන්න ඒ වගේ එක එක ජොබ් පවරනවා. මමත් ගොඩක් සතුටින් ඒවා කරන්නේ හැබැයි උයන එකනම් එයාට බෑ පුතෝ. ඒකට අපෙ අම්මා. ශා… අපේ අම්මට නම් රසට උයන්න පුළුවනි අපේ නෝනා ඉතින් නූඩ්ලස් වගේ දේ තමයි හදන්න දන්නේ වෙනදේවල් රසට හදන්න බෑ