‘මගේ බිරිඳ මාව බලාගන්නේ අම්මෙක් වගේ’ ජනප්‍රිය නළු කෝකිල පවන් කියන කතාව

මේ දවස්වල ලංකාවේ හැමෝම ගොඩක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි ‘නාඩගම්කාරයෝ’ කියන්නේ. ඉතින් මේ ටෙලිනාට්‍යයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි මාලන් කියන්නේ හැමෝම ආදරේට කියන්නේ මන මාලන් කියලා. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න මාලන්ගේ චරිතයට පන පොවන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වන කෝකිල පවන් ජයසූරීය විසින්, කෝකිල කියන්නේ කුඩා කාලයේ ඉඳලම රංගනයට ගොඩක් දක්ෂ රංගන ශිල්පියෙක්, කෝකිල පවන් හැමෝගෙම ආදරේ දිනාගත්තේ ‘සිරි රජ සිරි’ සිනමා පටයේ කිරිඉබ්බන්දෙණියේ සිරිමල් විදියට. ඉන්පසු වසර ගණනාවක් ඔහු පේන්න හිටියේ නෑ. කොහොම හරි වසර ගණනාවට පස්සේ කෝකිල නැවතත් මාලන් විදියට හැමෝගෙම ආදරේ දිනාගන්නවා. ඉතින් කෝකිල මාලන් වුන විදිය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මට අකිල සපුමල් අයියා රචනාකල ‘තිරය ඇරපන්’ ටෙලිනාට්‍යයේ ශිවගුරුනාධාන් මාමා එක්ක වැඩකරන්න අවස්තාව ලැබෙනවා. ඒ නාට්‍ය තවම තිරගත්වුනේ නෑ. ඉතින් ඒ සම්බන්දයත් එක්ක තමයි මට මේ චරිතය ලැබුනේ,” කියලයි,

ඉතින් ලංකාවේ මේ දවසල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න කෝකිල විවාහකයි ඉතින් ඔහු ඔහුගේ ආදරණීය කැදැල්ල පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මගෙ ආදරණීය බිරිඳ නිමාලි ප්‍රනාන්දු, ඇය මේ වනවිට නීතිය පිලිබඳ හදාරනවා ඒ වගේම කළමනාකරණ අංශයේ රැකියාවක් කරනවා. ඇත්තටම මාව හොදින් තේරුම් අරන් අම්මා කෙනෙක් වගේ මාව බලාගන්නවා. සීයයි හිටියනම් එයා ආච්චිටත් ගොඩක් සතුටු වේවි ඒ ගැන. නමුත් ඔහු දැන් අපි අතරේ නෑ. මගේ ආච්චි මම ගැන ආඩම්බර වෙනවා. ඉතින් දැන් අපි ගොඩක් සුන්දර කැදැල්ලක් අපි ළඟ සතුට උතුරන්න තියෙනවා” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන කෝකිල පවන්ගේ අපූරු පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.