‘මගේ නංගි තමයි හොඳටම කරන්නේ’ ජනප්‍රිය නිලි අමන්දා සිල්වා කියන කතාව

මේ දිනවල රියැලිටි වැඩසටහන් කියන්නේ රැල්ලක් කිවොත් නිවැරදියි. මොකද හැම තැනකම රියැලිටි කලාව දකින්න ලැබෙනවා. ඉතින් මේ ගෙවෙන කාලයේ හිරු ටිවි තුළින් බොහෝ ජනතාවක් වැළදගත් රියැලිටි වැඩසටහනක් බවට හිරු මෙගා ස්ටාර් පත් වෙනවා. ඉතින් එහි සිටින දක්ෂ සුපිරි තරුවක් ගැන කතාකරන්නයි මේ සූදානම. නමින් ඇය අමන්දා සිල්වා. මේ ඇය ගැන කතාවයි.

මනා රූ සපුවකට සුන්දරත්වයකට හිමිකම් කියන අමන්දා⁣ගේ කුළුදුල් සිනමා කෘතිය වුයේ ‘ෂෙලිනා’. කුතුහලය කතාව පුරාවටම ගැබ් වෙද්දි කොරෝනා කාලය තුළද ෂෙලිනා සාර්ථක ලෙස ජනතාව අතට පත් වුනා. ⁣අමන්දා කියන්නේ රංගනයට මෙන්ම නර්ථනයටද උපන් හැකියාවකින් හෙබි කාන්තාවක්.

අමන්දා මේ දිනවල හිරු මෙගා ස්ටාර් වේදිකාව දෙවනත් කරනවා. ඉතින් ඒ පිලිබඳ ඇය කිවුවේ මේ වගේ කතාවක් “ඇත්තටම කිවොත් මම ගොඩක් සතුටු වෙනවා අද මම ඉන්න තැන ගැන. මොකද නර්ථනය කියන දේ මම පොඩි කාලේ ඉදන් ඉගෙන ගත්ත දෙයක්. හැබැයි කාලයත් එක්ක මම නර්ථනයෙන් ඈත් වුනා. ඒත් මම කපිල පලිහවඩන ගුරුතුමාගෙන් බැලේ නර්ථන කලාවද කුලසිරි බුදවත්ත ගුරුතුමා ය⁣ටතේ උඩරට නර්ථන කලාවද ඉගෙන ගත්තා. සමහර විට ඒ ඉගෙන ගැනිම මට හිරු මෙගා ස්ටාර් ගමනට උදව්වක් වුනා කිවොත් හරි. ඒ වගේම ගරු විනිශ්චය මණ්ඩලයෙන් මට විශේෂ පැසසුම් හිමි වෙනවා එහෙම බලද්දි ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි. මොකද නිරූපිකාවක් වුන මම සිනමාව ආවා. අද සිනමාවෙන් නර්ථනය ඇවිත් තියෙනවා. මම මටම අභියෝගයක් කරගෙන තමා ජිවත් වෙන්නේ. මොකද මම විස්වාස කරනවා තමන්⁣ට තමන් අභියෝගයක් වෙද්දි තමන්ට තමන් ගැන ආත්ම විශ්වාසය ගොඩ නැගෙනවා කියලා.” කියලයි.

හොද නිර්මාණ ලැබුනොත් අමන්දා ඉදිරියේදි නර්ථන කටයුතු වලට මෙන්න රංගන කටයුතු වලටද ප්‍රමුඛ තැනක් ලබා දෙන බවයි ඇය පැවසුවේ. විවාහ වුනත් තමන්ගේ ගමන යන්න බාධාවක් නොකරන අමන්දාගේ සැමියා ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු විදේශ ගතව සිටින අයෙක්.

වර්තමානයේ දි අමන්දාගේ නංගිත් කලා ලෝකයට එකතු වෙලා නේද? “ඔව් මගේ නංගි උදාරි සෞභාග්‍යා. එයා ඇත්තටම ගොඩක් දක්ෂ කෙනෙක්. මටත් වඩා දක්ෂ කෙනෙක්. නංගි දකින හැම අවස්ථාවකම එයාගේ සාර්ථකත්වය මට ආඩම්බරයක් ගේනවා. මොකද ඇත්තටම එයා ඉන්න තැන ගැන මට සතුටුයි. කලාවේදි තමන්ගේ ගමන යන්නේ කොහොම ද කියලා හොද නරක හැමදේම මම මගේ නංගිට කියලා දෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා දවසක මටත් වඩා තැනක මගේ නංගි දකින්න පුළුවන් වෙයි කියලා. ඇත්තම මාත් එක්ක බලද්දී මගේ නැඟී තමා හොදටම කරන්නේ” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන අමන්දාගේ සුන්දර පින්තුර කිහිපයක් තමයි මේ.