‘මගේ දික්කසාදේ ගැන කියන දේවල් ඇත්ත නෙවෙයි’ තවමත් දඟකාර නිලි මේධා ජයරත්න කියන කතාව

මෑත කාලයේ හැමෝම අතර කතාබහට ලක්වෙන සුන්දර රංගන ශිල්පිනියක් තමයි මේධා ජයරත්න කියන්නේ. මේධා කළා ක්‍ෂේත්‍රයට පැමිණෙන්නේ නිවේදිකාවක ලෙස නමුත් පසුව ඇය රංගනයට යොමුවෙනවා. ඉතින් රංගනය නිසා මේධා ලංකාවේ ප්‍රේක්‍ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වනවා. ඒ ජනප‍්‍රියත්වය නිසාම ඇය කරන කියන හැම දෙයක් ගැනම ජනතාවගේ අවදානයට ලක්වීම නිසා, මේ දවස්වල මේධාගේ කලා කටයුතු වගේම පුද්ගලික ජීවීයේ සමහර සිදුවීම් කිහිපයකුත් ප්‍රේක්‍ෂක අවධනයට පාත‍්‍ර වි තිබෙනවා.

මේධා පසුගිය කාලයේ තමන්ගේ විවාහ දිවියට සමු දුන්නා මේ කතාව ඇයගේ ප්‍රේක්‍ෂකයන් අතරේ ගින්නක් වගේ පතිරගියා. ඉතින් මේ දික්කසාද වීම පිලිබඳ මේධා කිවුවේ මේ වගේ කතාවක්. ”මීට ටික කාලෙකට කලින් අපි දෙන්නා දික්කසාද වුණා. අපි දෙන්නම කතාකරලා ගත්ත තීරණයක් ඒක. ඒක අපේ පුද්ගලික කාරණයක්. ඔය ගැන කියැවෙන සමහර දේවල් ඇත්ත නෙවෙයි. මං තනියම ජීවත් වෙනවා. මම මගේ අම්මත් එක්ක හිටියා. මගේ නංගි ඉන්නවා කොට්ටාවේ. මම නංගි ළගත් ඉන්නවා. මගේ වැඩ වලට යන්න පහසුව නිසා මම ඇනෙක්ස් එක්ක අරගෙන ඉන්නවා. දැන් මට මගේ ජීවිතයෙ ලොකු ලොකු බලාපොරොත්තු නැහැ” කියලයි. කොහොම වුනත් දැන් මේධා ගොඩක් සුන්දරයි ඒ වගේම ඇයට තරුණ පෙනුමක් ඇවිල්ලා ඒකට හේතුව තමයි මේධා දැන් ජිම් යනවා ඉතින් ඇය ජිම් යන්නේ ලස්සන වෙන්න හිතාගෙන නෙවෙයිලු ඉතින් ඇය ජිම් යන්න හේතුව අපිට කිවුවේ මෙහෙමයි ”අවංකවම කියනවනම්. ඇත්තටම මම ජිම් එකට යන්න පටන් ගත්තෙ මගේ ඇඟ හදාගන්න නෙවෙයි මගේ ඔළුව හදාගන්න. පහුගිය කාලයේ මගේ දික්සාදයත් එක්ක මට මගේ දරුවන්ගෙන් ගොඩක් දුරස් වෙන්න සිද්ධ වුණා. දරුවන්ගෙන් ඈත්වෙලා ඉන්න ඒක මට ලේසි නැහැ. දරුවො එක්ක සමීපව ඉඳල මේ දුරස්වීම දරාගන්න මට සෑහෙන්න අමාරු වුණා. ඉතින් ඒ වේදනාවට තමයි මම ජිම් ගියේ” කියලයි, ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න මේධාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.