‘මගේ කොන්ඩේ යන්නේ මට අවුරුදු 27න් මගේ පෙනුම වෙනස් උනාට එයාගේ ආදරේ අඩු උනේ නෑ’ – ගිරිරාජ්

ගිරිරාජ් කෞශල්‍ය නැත්නම් ආදරණිය ගිරා ⁣ටෙලි කතා සිනමාවේ සුවිශේෂි චරිතයක්. මේ දිනවල බොහෝ දෙනෙක් හදුනන්නේ කුකුල මුදලාලි ලෙසින්. ඉතින් සොදුරු හදවතක අයිතිකරුවෙක් වු ගිරිරාජ් සමඟයි අද අපේ කතා බහ. අහම්බෙන් කලාවට පිවිසෙන ගිරිරාජ් වාසනාව අත තියාගෙන පැමිණි පුද්ගලයෙක්. ඉතින් අපි හිතුවා ඔහු කළා ලෝකයට පිවිසුන ආකාරය පිලිබඳ දැනගන්න

ගිරිරාජ් කලාවට පැමිණියේ කොහොමද? “මම පොඩි කාලේ ඉදන් රංගනයට ඇලුන කෙනෙක්. ඉතින් ඒ දවස් වල නළුවෙක් කියන්නේ කවුද කියන්කවත් නොදැන අහම්බෙන් දකින සමහර චරිත මම ගෙදර රගපානවා. පාසල් කාලේත් මම රංගනය උපරිම දායක වුනා. මගේ ජිවිතේ වාසනාව කියන්නේ පුදුම දෙයක්. මොකද වේදිකාවක රඟපාන්න හිටපු නළුවා ආවේ නැති වුනහම මම ඒ චරිතය රගපෑවා. අද ගිරා කියලා චරිතයක් බිහි වුනේ අන්න එතනින්”

සුන්දර හිතක් සුන්දර හිනාවක් ඒ මුහුණේ හැමදාම දකින බවට සැකයක් නැත. ගිරිරාජ් ආදරේ ගැන හිතන්නේ කොහොමද, ඔබ ආදරේ කරන්නේ කොහොමද ? “තමන්ගේ විතරයි කියන හැගිම තමා ආදරේ කියන්නේ. මගේ ආදරේ මට හමුවෙන්නේ රංගනයට එහා ගිය තැනකින්. ඉතින් ඒ පටන් ගත්ත ආදරය අපි විවාහයක් දක්වා අරගෙන යනවා ජිවිතේ කොතනකවත් එයා මට රංගනයට බාධා කරලා නෑ.

අඩුම අරයා මෙයා එක්ක රඟපාන්න එපා කියලවත්නෑ. අනික මගේ පෙර වැරදි නැති නිසා පවුල් ජිවිතේට කොතනකවත් බය වුනේ නෑ. අනික එයත් මට ගොඩක් උදව් කළා මගේ ගමන එන්න. මගේ පෙනුම කොහොම වුනත් එයා මම ලග හිටියා. මොකද මගේ කොණ්ඩේ ගියේ මට අවුරුදු විසි හතෙන්. හැබැයි ඒ වෙද්දි අපිට දුව හම්බවෙලා. ඉතින් ආදරේ කියන්නේ තේරුම් ගැනිම වෙන්න ඕනි.” ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ගිරිරාජ්