මගේ කෑම කන්න හැමෝම ආසයි – ගයාත්‍රී ඩයස්

සුරූපී රංගන ශිල්පිනියක්, දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක්, ව්‍යාපාරිකාවක්, නිවේදිකාවක් ලෙස පමණක් නොව මවක්, ආදරණීය බිරිඳක් ලෙස ජීවන ගමනේ විවිධ චරිතයන්ට පණ පොවන ඇය ගයාත්‍රී ඩයස්, අපේ අද කතාබහ ඇය සමගයි,

ගයාත්‍රී ඔච්චර ලස්සන වෙන්න විශේෂ කෑම බීම එහෙම ගන්නවද ද?

අනේ නැහැ. මම එහෙම ලස්සන වෙන්න කියලා හිතලා නම් මොකුත් කන්නෑ. ඒත් කන එක නම් ටිකක් හිතලාම අඩු කරලා තියෙන්නේ මහත්වෙන නිසා. ඊට අමතරව ඉතින් තෙල්, මිරිස්, ලුණු කෑමවලට ටිකක් අඩුවෙන් යොදන්න පුරුදු වෙලා ඉන්නවා. ඇඟට විශේෂ දේවල් කියලා මොකවත් කන්නේ නෑ

කුස්සියේ වැඩ කරද්දි උදව්වට කවුරු එනවාට ද කැමැති නැත්තන් තනියම වැඩ කරන්නද කැමති..?

ඇත්තම කියනම් හැබැයි කිව්වට විශ්වාස කරයි ද දන්නෑ උයන වෙලාවට කුස්සියට කවුරුත් එනවාට මම පොඩ්ඩක්වත් කැමැති නැහැ. එතකොට මට හිතෙනවා මට ඕන විදිහට වැඩ කරගන්න බැරි විදිහක්. ඒ එක්කම ඉඩත් ඇහිරෙන ගතියක් දැනෙනවා. ඒ නිසා මම ආස නෑ ඒකට”

ගයාත්‍රිට රසටම හදන්න පුළුවන් කෑම මොකද්ඩ්..?

එහෙම විශේෂයක් නැ, ඕන කෑම වර්ගයක් රසට හදන්න හොඳ හැකියාවක් මට තියෙනවා. ගොඩක් අය කියනවා මගේ කෑම රසයි කියලා

වීඩියෝ හරි කාගෙන් අහගෙන ද රසට කෑම හදන්නේ?

අපෝ නෑ. මගේ අම්මාට, ලොකු අම්මාට වගේම අපේ පවුලේ හැමෝටම හොඳට කෑම හදන්න පුළුවන්. මම හිතන්නේ ඒක උපතින්ම ලැබුණ දෙයක් ඒක. ඒ හැරෙන්න පුංචි පුංචි අත්හදා බැලීම් කරලා කෑම වර්ග හරියටම හදාගන්න පුරුදු වුණ වෙලාවලුත් තියෙනවා. මේ ඊයේ පෙරේදා කේක් වර්ගයක් එහෙම හැදුවා. අන්තිමට ඒක හරි ගියා මාරම රසයි ඒක

ඔබ ගොඩක් කාර්යබහුල නිසා කුස්සියේ වැඩ කරද්දී Facial එකක්, Pack එකක් එහෙම දාගෙන වැඩ කරන්න පුරුදු වෙලා ඉන්නවා ද?

“නැහැ. රූපලාවන්‍ය ශිල්පිනියක් නිසා මම දන්නවා කුස්සියේ වැඩ කරන වෙලාවට මුහුණට මෙනවා හරි දාන එක මොන තරම් අහිතකර ද කියලා. තෙල්, කුණු, දහඩිය නිතරම අප ශරීරයෙන් පිටවෙන වෙලාවක ශරීරයට හිතකර දෙයක් ඒ වෙලාවේ කිරීම සුදුසු නැහැ. මම නම් කවදාවත් එහෙම කරලත් නැහැ. කවුරු හරි එහෙම කරනවා නම් කරන්නත් එපා කියන පණිවිඩය තමයි මේ වෙලාවෙදි දෙන්න තියෙන්නේ. Pack එකක් හෝ මොනයම් දෙයක් මුහුණට කරනවා නම් ඇත්තටම කරන්න ඕනේ මුළු ශරීරයම නිදහස්ව තියෙන වෙලාවක. වැඩ රාජකාරිවලින් බැහැර වෙලාවක.”

ඇඟ ගැන හිතලා මොනවා ද කරන්නේ?

ගොඩක් වතුර බොන එක නම් කරනවා. වැඩ ඉවර වෙනකම්ම ෆ්‍රිජ් එකෙන් අයිස් වතුර අරන් අරන් බොන එක මගේ පුරුද්දක් වතුර බොන එක කොහොමත් ඇඟට හොදයි නේ

නිවසේ සියලු දෙනාම ඔබ අතින් පිළියෙළ කෙරෙන කෑම බීම නේද කන්න කැමැති?

ඇත්තටම ඔව්. වෘත්තීය මට්ටමෙන් මම කොපමණ ඉහළට ගියත් නිවසේදී මම බිරිඳක්, මවක්. අනිත් දේ තමයි අම්මා කෙනෙකුගේ අතින් දවසේ කටයුතු මුළුතැන්ගෙයින් ආරම්භ වෙලා රාත්‍රියේදී පිරිසුදුව පිළිවෙළට කුස්සියක් තියනවා කියන්නේ ඒ දේ නිවසටත් ආශිර්වාදයක්.

හැමෝම ආදරේ කරන ගයාත්‍රී ඩයස්ගේ චායාරූප කිහිපයක් මෙන්න