‘මගේ ආදර කතාව ඉවරයි මම දැන් තනිකඩ කොල්ලෙක්’ ජනප්‍රිය නළු සංගීත් කියන කතාව

සංගීත් ප්‍රභූ සංඛ පත්ම රත්නායක නම කියු සැනින් ඔහු කවුද යන්න කාටත් මතක් වෙන තරමට ඔහු ඔහුගේ නම රංගන ක්ෂේත්‍රයේ ලියා අවසන්. බදුල්ල ප්‍රදේශයේ උපන් සංගීත් අධ්‍යාපනය ලබන කාලයේ අනුරාධපුරයට පදිංචියට යනවා. ඔහුගේ ළමා කාලයගතවෙන්නේ අනුරාධපුරයේදී. අදටත් සිය ගම ලෙසට ඔහු හදුන්වන්නේ අනුරාධපුරයයි. කුඩා කල පටන් දඩබ්බර චරිතයන් වු ප්‍රභූ ක්‍රිඩාවටද උපන් දක්ෂතා දක්වපු පුද්ගලයෙක්. සංගීත ගුරුවරියක් වු මවගේ ආභාෂයද සන්ගීත්ට උපතින්ම පිහිටා ඇති බවට හැගුනේ බොහෝ සංගිත භාණඩ ඔහුට හුරු නිසා.

අම්මාගේ මෙන්ම සංගිත්ගේ හිනය වුනෙත් නළුවෙක් වෙන එක. ඉතින් ඒ හීනය පිළිබඳ සංගීත් කිවුවේ මේ වගේ කතාවක් “මගේ අම්මා නිළියක් වෙන්න ආසාවෙන් හිටපු කෙනෙක්. ඒත් අම්මාට ඒ හීනයට යන්න බැරි වෙලා. ඒ නිසා මාව නළුවෙක් කරන්න අම්මා ඇයට කරන්න පුළුවන් හැමදේම කළා. ඉතින් ඒ කැප කිරිම් නිසාම පොඩි කාලේ ඉදන් මම ආස කලා නළුවෙක් වෙන්න. පාසල් කාලේ ඉදන් මම රංගනයට දක්ෂතා දැක්කුවා. ලද අවස්ථාවෙන් මම උපරිම ප්‍රයෝජන ගත්තා. ඉතින් පාසල් කාලේ ඉදන් මම ඒ හැමදේම කලේ දවසක ටිවි එකෙත් රඟපානවා කියන අදහසින් මේ වෙනවිට ඒ හීනේ සැබෑ වෙලා” කියලයි.

ජීවිතේ සාර්ථක වෙන්න ලොකු කැපකිරිමක් කරන්න ඕනි කියන කතාව සංගිත්ගේ ජීවිත කතාවෙන් මනාව පැහැදි වෙනවා. අනුරාධපුරයේ හැදුන ඔහු කොළඹට එන්නේ සිය රංගන ජිවිතයට මංපෙත් විවිර කරගන්න. ඒත් ඒ ආව ගමන සුන්දර ගමනක් නොවේ. කටුක වේදනා පිරි ගමනක්. රවින්ද්‍ර විජේරත්න ගුරුගේ සිනමා පාසලෙන් රංගන ජිවිතාය් පළමු පියවර තබන සංගීත් ‘කුටු කුටු මාමා’ නාට්‍යයෙන් පළමු වරට රංගන ගමනට පළමු පිටවර තබනවා.

ඔහුගේ රංගනය පළමු ජිවන වෘත්තීය නෙවෙයි ඉතින් මේ දක්වා පැමිණි ගමන පිලිබඳ සංගීත් කිවුවේ මේ වගේ කතාවක්. “ඇත්තටම රඟපෑම මගේ මුල්ම රස්සාව නෙවෙයි. මම ජිවිතේ කාටවත් බරක් නොවේ ඉන්න රස්සා කිපයක් කලා. මගේ වයසේ ගොඩක් අය ජිවිතේ විදින කාලේ මම සෑහෙන ලොකු කැපකිරිමක් කලා මගේ හීනයට යන්න. පාරවල් ගානේ ලීෆ්ලට්ස් පවා බෙදන්න මට සිද්ධ වුනා. මම රංගනයට පය තබන්නේ ‘කුටු කුටු මාමා’ නාට්‍යයෙන් ඒ නාට්‍යයෙන් පස්සේ මම සල් සපුනා නාට්‍යයට දායක වෙනවා. මට කිසි දෙයක් නැතුවයි කොළඹට අඩිය තිබ්බේ. හැබැයි අද මට බොහෝ දේවල් ලැබිලා තියෙනවා. ඉතින් තමන්ගේ ජිවිතේ හදාගන්න මොන තරම් කට්ටක් කන්න ඕනිද කියලා මම තේරුම් ගත්තා. හැබැයි මම කරපු රස්සාවල් ගැන මම දුක් වුනේ නෑ. කරන්න පුළුවන් දේ උපරිම කළා. ඒ නිසාම වෙන්න ඇති මට සාර්ථක වෙන්න හේතු වුනේ.” කියලයි.

සංගීත්ගේ ඉදිරි ගමන කොයි වගේ වෙයිද? “මම ආසයි මම කට්ටක් කාලා ඉගෙන ගත්ත දේ මේ සමාජයට නොමිලේ දෙන්න. මම අභිරූපණ කලාව ගැන ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. ඉතින් මම ආසයි මම ඉගෙන ගත්ත දේවල් සමාජ ගත කරන්න. මගේ රංගන හැකියාවෙන් ඉදිරියට යන්නද මම ආසයි. කාලයත් එක්ක මගේ දියුණුව මමම හදාගන්නයි කැමති.” කියලයි.

සංගීත් මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි. එයට හේතුව තමයි මේ දිනවල විකාශනය වන ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍ය. මේ ටෙලිනාට්‍යයේ ‘කවඩියා’ කියන චරිතයට තමයි සංගීත් පන පොවන්නේ. ඉතින් මේ ජනප්‍රියත්වය නිසාම ඔහුට තරුණියන්ගෙන් ආදර යෝජනා ගලාගෙන එනවා කියල අපිට දැනගන්න ලැබුනා. ඉතින් සංගීත් ඔහුගේ ආදරේ පිලිබඳ කිවුවේ මෙහෙමයි. ”ආදර යෝජනානාම් කිහිපයක්ම ආවා. හැබැයි ඒ තේරුම් අරන් එන ආදර යෝජනා නෙවෙයි. ජනප්‍රියත්වය නිසා එන යෝජනා. මම කලින් ආදර වන්තයෙක් වෙලා හිටියා පොඩි පොඩි ගැටළු කිහිපයක් නිසා ඒ සම්බන්දය අපි නතර කළා. දැන් මම ආදරවන්තයෙක් නෙවෙයි. මට උරුම ආදරේ ලැබෙනකන් මම බලන් ඉන්නවා” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන සංගීත් ගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.