‘මගේ ආච්චි තමයි මාව ෂූටින් එක්කයන්නේ’ ජනප්‍රිය ළමා නිලි සහේලි කියන කතාව

ලංකාවේ මේ දවස්වල හැමෝම ගොඩක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි ‘සකූගේ කතාව’ කියන්නේ. තින් මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වන ‘සකූ’ගේ චරිතයට පන පොවන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ළමා රංගන ශිල්පිනියක් වන සහේලි සදිත්මා සතරසිංහ විසින්. දැන් ඇයට හැමෝම කියන්නේ සකූ කියලලු. ‘සුජාතා’ ටෙලිනාට්‍යයෙන් රංඟනයට පිවිසි පුංචි කෙල්ල සිග්නීස් සම්මාන උළලේදී ම්මානනීය නිළියක් බවටත් පත් වුණා. ඒ වගේම ලංකාවේ අංක එකට ජනප්‍රිය වුන සිනමාපටයක් වන ‘බන්ධනය’ සිනමාපටයේත් ඇය විශිෂ්ඨ රංගනයක නියැලුනා.

අපේ ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් වන ධනංජි තාරුකා කියන්නේ සහේලිගේ පුංචි අම්මා. සුජාතා ටෙලිනාට්‍යයේ ඇය රඟපාන්නේ ධනංජි සමග, සහේලි කියන විදියට එයා ආසම පුංචි එක්ක රඟපාන්නලු. ඒ වගේම ඇයගේ රංගනයේ අඩුපාඩු පෙන්නලා දෙන්නෙත් ධනංජි පුංචි කියලයි ඇය කියන්නේ, ඒ වගේම සහේලි වැඩිපුරම ෂූටින් යන්නේ ඇයගේ ආච්චි අම්මා එක්කලු. ඉතින් දහෙලි තවමත් ඉන්නේ ඉගන ගන්නා වයසේ ඉතින් ඉස්කෝලෙ වැඩ අතපසු කරගන්නෙ නැතිව රඟපාන විදිය පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාව ” එහෙම පාඩම් වැඩ අතපසු වෙන්නෙ නෑ. අම්මයි තාත්තයි පරෙස්සමින් තමයි මට රඟපාන්න අවස්ථා තෝරලා දෙනවා. මම නිතරම මුලිකත්වය දෙන්නේ මගේ ඉගනීමට. ගුරුවරු වගේම මගෙ යාළුවොත් මට උදවු කරනවා කියලයි” ඉතින් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සහේලිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.