‘මගේ අම්මටවත් බෑ මාව වෙනස් කරන්න’ කෝටිපතියෙක් සමග විවාහ වුන බුවිණි කියන කතාව

යොවුන් පරපුරේ දක්ෂ රංගන ශිල්පිනයක වන ඇය මෑත කාලයේ දකින්න නොලැබුනත් කලකට ඉහත බොහෝ සිත් වසඟ කරගත් සොදුරු දඟකාර ශිල්පිනියක්. ඇය නමින් බුවිනි චාපා දියලගොඩ. මේ සොදුරු කතා බහ ඇය ගැනයි. අවුරුදු හතරකට පමණ අධික කාලයක් කලා ලෝකයේ දකින්නට නොලැබුන බුවිනි මේ ළගදි ඇගේ විවාහ සංවත්සරය සමරන්න වුනා.කොහොම වුනත් බුවිණි විවාහයෙන් පස්සේ වැඩිය කළා ලෝකය තුල දකින්න ලැබුනේ නෑ. ඇය විවාහ ගිවිස ගත් පසු රංගනයෙන් ඉවත් වුවාද නැතිනම් ඉවත් වෙන්න සිද්ධ වුනාද යන්න අපි ඇයගෙන්ම ඇසුවා. ඉතින් ඇය පැවසුවේ මේ වගේ කතාව “ඇත්තටම කලාවෙන් අයින් වෙන එක කාට වුනත් ලේසි දෙයක් නෙවෙයි. ඉතින් මටත් එහෙමයි. ඒත් කලාවත් එක්ක මගේ සැමියාගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වෙනවටයි එයාගේ පවුලේ සියළු දෙනාම කැමති වුනේ. ඒ නිසා මට වැඩි කාලයක් ඒකට යොදවන්න වුනා. මොකද මට මුලින් මේ විෂය එකම විකාරයක්. හැබැයි කාලයත් එක්ක දේවල් වලට නැඹුරු වෙද්දි මම ඔහුගේ ව්‍යාපාර වලට උදව් කරන්න සමත් වුනා. ඉතින් මම දැන් ඔහුගේ ව්‍යාපාර වලට උදව් කරගෙන ඉන්නවා. හැබැයි මම කලාවෙන් අයින් වෙලා නෑ. මට හොද චරිතයක් ලැබුනොත් හොද අවස්ථාවක් ලැබුනොත් මම අනිවාර්යයෙන් කලාවට නැවත සම්බන්ධ වෙනවා” කියලයි.

අවසාන වතාවට ඇයව ප්‍රේක්ෂකයා දැක්කේ අයි.ටි.එන්.එකේ ‘පිනි’ නාට්‍ය තුළින්. බුවිනි, කියන්නේ අසාධාරණයක් දැක්ක තැන කතා කරන්න දෙපාරක් නොසිතන කෙනෙක්. මොකද ඇය කෙනෙක්ට ගෞරවය දී කතා කරන නිසාම ඇය කිසිවෙකුගේ ගෞරවයට හානි කරනවට කැමති නෑ. ඒ පිලිබද කලා ලෝකයේ හැමෝම දන්නවා. කළා ලෝකයේ රංගන ශිල්පිනියන්ට විවිද කට කතා හැදෙනවා නමුත් මේවන තුරුත් බුවිනිට කට කතාවක් ගෙතුනේ නැති නිසාම ඇයගෙන් අපි ඒ ගැනද විමසුවා. ඉතින් ඇය අපිට එයට හේතුව විදියට පැවසුවේ මේ වගේ කතාවක් “මෙහෙමයි අපි හොදට හිටියත් නැතත් අපිට කට කතා හැදෙනවා. ඒක කාටත් පොදු දෙයක් දෙයක්. ඒක වලක්වන්න කාටවත් බෑ. හැබැයි අනිවාර්යයෙන් ඒ හැදෙන හැම කට කතාවකට තමන්ගේ හැසිරිමත් තරමක්දුරට බලපානවා. සමහරු මට කියන්නේ මම නපුරු, සැර නිසාම මට කටකතා හැදුනේ නෑ කියලා. එහෙම වෙන්න බෑ මොකද මට වඩා නපුරු සැර එංගන ශිල්පිනියන්ටත් කටකතා හැදිලා තියෙනවා” කියලයි.

බුවිණි කියන්නේ ගොඩක් සුන්දර තරුණියක්. ඒ වගේම විශාල පිරිසක් ආදරේ කරන දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් බුවිණි කියන්නේ ඇත්තටම කවුද කියලා අපි බුවිනිගෙන්ම ඇහුවා. එයට ඇය දුන්නේ මේ වගේ පිළිතුරක්. “ඇත්තටම මම ඉස්සර බුවිනිම තමා. මාව වෙනස් කරන්න කාටවත් බෑ. මගේ අම්මාට වුනත් මාව වෙනස් කරන්න බෑ. මම ජිවත් වෙන්නේ හරියට නිසා මාව දන්න අය දන්නවා මම කවුද කියන්න. ඉතින් මම සැමියාගේ කටයුතු වලට උදව් කරගෙන හැමෝම එක්ක සහයෝගයෙන් වැඩ කරගෙන යනවා. ඇත්තටම ඉදිරියේදි නාට්‍ය නිෂ්පාදිකාවක් වෙන්න පුංචි ආසාවක් තියෙනවා. බලමු කාලයත් එක්ක ඒ දේවල් එන විදිහකට මුහුණ දෙනවා. හැබැයි දැනට මම මගේ පවු⁣ල් ජිවිතේ එක්ක ඉතාමත් සතුටින් ජිවත් වෙනවා. ඇත්තටම මම මගේ විවාහ ජිවිතය ගැන සියයට සියක් තෘප්තිමත් වෙනවා. ඉතින් බුවින් කියන්නේ හැමදාම නොවෙනස් වන චරිතයක් කිවොත් මම හරියටම හරි.” කියලයි.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.