භාණ්ඩ පාවිච්චියේදී අප විසින් සිදුකරන වැරදි දේවල් 11 ක්

එදිනෙදා කටයුතු අතරේදි පහසුවෙන්ම කරගන්න පුලුවන් දේවල් සඳහා වැඩි කාලයක් ගතකිරීමට අපි හුරු වී සිටින්නෙමු. සරල ක්‍රම තිබෙද්දීත් දුක් විඳින්න අවශ්යයය නැහැ නේද? එහෙනම් එදිනෙදා ජීවිතයේ අපි සිදුකරන මේ අත්වැරදි කිහිපය නිවැරදි කරගනිමු!

1 කොකා-කෝලා බටයකින් පානය කරමු

බීම කෑන් විවෘත කරගන්නා විට ඒවා උතුරා යෑම හෝ හැලිම සිදුවිය හැකියි. පහසුම හා සරලම ක්‍රමය තමයි බීම බටයක් භාවිතා කිරීම. පියන මත සිදුරක් සහිත ‘ටැබ්’ එක තියෙන්නේ මේ ප්‍රයෝජනයට බව ඔබ දන්නවාද?

2 බිත්තරයක් හොඳින් බැදගන්නේ කොහොමද?

විශේෂ උපකරණ භාවිතා නොකර ලස්සනට හොඳින් බිත්තරයක් බැදගන්න මේ සරල ක්‍රමයෙන් ඔබට හැකියි. අවශ්‍යය වෙන්නේ ලූණු ගෙඩියක රවුම් කිහිපයක් කපාගැනිම විතරයි. දැන්, පෑන් එකමත එවා තබා ඒ මැදට බිත්තරය එක්කර හොඳ හැඩයකින් යුත් ඔම්ලට් සකස් කරගන්න.

3 වයර් එකිනෙක සම්බන්ධ කරන ක්‍රමය

වයර් එහාමෙහා කිරීමේදී ඒවා විසන්ධි වීම හෝ ඇදීයාම වළක්වාගැනීමට, ඒවා මැද්දේ වයර් සම්බන්ධ වන ස්ථානය අසල මේ ආකාරයේ ගැටයක් සාදාගන්න.

4 සූදුලූණු නිවැරදිව සුද්ධ කරගනිමු

සුදුලූණු බිකි විදුරු බෝතලයකට දමා පියන වසා හොඳින් සොලවාගන්න. පොතු පහසුවෙන් ගැලවී යාවි.

5 නිය ආලේපන හරියට ආලේප කරගන්නේ මෙහෙමයි

පින්තූරයේ සඳහන් පියවර අනුව නිය ආලේපන ගල්වාගන්න. අවසානයේදි ඒවාට හොඳ නිමාවක් ලැබේවි.

6 ඉක්මනින් බීමක් සිසිල් කරගන්න අවශ්යගයයිද?

හදිසියේම සීතල බීම එකක් බොන්න හිතුනොත් මෙන්න මේ ක්‍රමය අත්හදා බලන්න. ඉක්මනින් බීම බෝතලයක් සිසිල් කරගැනීමට තෙත ටිෂු කඩදාසි එය වටා ඔතාගන්න.ඉන්පසුව, ශීතකරණයේ තබන්න. මිනිත්තු 15 ක් වැනි කෙටි කාලයකින් බෝතලය හොඳින් සිසිල් වී තිබේවි.

7 සපත්තු ලේස් ගැටගසන්න අලුත් ක්‍රමයක්

ලේසියෙන් ගැලවෙන්නේ නැති ආකාරයකින් සපත්තු ගැටගසාගන්න මේ පියවර අනුගමනය කරන්න.

8 අයිස්ක්‍රීම් සැන්ඩ්විච් එකක් හදමුද?

අයිස් ක්‍රීම් ටබ් එකක් පින්තූරයේ දැක්වෙන පරිදි කපා ,එම අයිස් ක්‍රීම් කුට්ටිය කුකී දෙකක් අතරේ තබා ඉක්මන් සැන්ඩ්විච් එකක් හදාගන්න පුලුවන්.

9 ප්ලාස්ටික් ඇසුරුමක් ලේසියෙන් විවෘත කරගන්න හැටි

කතුරකින් විවෘත කරගන්න බැරි තරම් ඝනකමින් යුත් ප්ලාස්ටික් ඇසුරුමක් කෑන් කටර් එකකින් ලේසියෙන්ම විවෘත කරගන්න .

10 වැසිකිළි භාවිතාවේදී සුදුසු ජලයද? වැසිකිළි කඩදාසි ද?

වැසිකිළි භාවිතාවෙන් පසු පිරිසිදුකරගැනීම සඳහා ජලය භාවිතා කිරිම වැසිකිළි කඩදාසි භාවිතයට වඩා සනීපාරක්ෂාවෙන් වැඩි බව පිලිගෙන ඇත.
‘බිඩෙට්’ වර්ගයේ වැසිකිළි පෝච්චි වර්ගය ඉනටියෙන් පහළ සැත්කම් වලට භාජනය වූ සහා දරුවන් ප්‍රසූත කල මවුවරුන් සඳහා වඩාත් පහසුවෙන් භාවිතා කල හැකි ලෙස සැකසූ ඒවාය.