බොහෝ ප්‍රේම සබඳතා කෙටි කාලයකින් අවසන් වන්නේ මෙම කරුණු 11 නිසා බව ඔබ දන්නවද…?

  1. සූදානමක් නොමැතිකම

සම්බන්ධතාවයකදී හොඳ අවබෝධයක් ඇතිකරගැනීම සහා අනෙකා වෙනුවෙන් කැපකිරීම් සිදුකිරීම සබඳතාවය වඩාත් ශක්තිමත් වීමට ප්‍රධාන වශයෙන් මූලික වේ. නමුත්, වර්තමානයේ බොහෝ දෙනා එකිනෙකා කෙරෙහි අවබෝධයක් ඇතිකරගනිමින් ඊට අනුගතවීමට හෝ, පෙම්වතා/ පෙම්වතිය හෝ සහකරු/ සහකාරිය වෙනුවෙන් යම් කැපකිරීම් සිදුකිරිමට හෝ අසීමාන්තිකව ආදරය කිරීමට බැඳී සිටීමේ සූදානමක් නැති බව පෙනී යයි. සබඳතාවයේදී එකවර බොහෝ දේවල් අපේක්ෂා කිරීම සුදුසු නැත. සම්බන්ධතාවයකදී හැඟීම් වලට ලැබෙන්නේ විශේෂ වූ ස්ථානයකි. නමුත්, ප්‍රේමයේදී බැඳියාව වැඩි වීමට නම් හැඟීම් නිදහසේ වර්ධනය විමට යම් කාලයක් ලබාදිය යුතුයි. එකිනෙකා ගැන සිතීමට යම් කාලයක් වැය කිරිමත් බොහෝ වැදගත් වෙනවා. අනෙක් පුද්ගලයා කෙරෙහි අවංක හැඟීමක් හෝ සිතිවිල්ලක් නොමැති සම්බන්ධතා ඉතා ඉක්මනින් පළුදුවි යයි.

2. ප්‍රේමය සහා වෙනත් හැඟීම් පටලවාගැනීම

ඔබව තේරුම්ගනිමින් සැම විටම ඔබ සමඟ ‍රැඳීසිටිමින් ඔබේ දුකේදී සතුටේදි සහාය වන සහකාරිය/ සහකරුවා සමඟ කාලය ගත කිරීමට වඩා ඔබට නිතර හමුවන වෙනත් කාන්තාවක් හෝ පුරුෂයෙක් සමඟ කාලය ගතකිරීමට ඔබ වඩාත් පෙලඹී සිටිනවා විය හැකියි. ඊට හේතුව ඔබ විනෝදයෙන් ජිවිතය ගතකිරීමට කැමති පුද්ගලයෙකු වීම බව ඔබ පවසාවි. ඒකාකාරී ජීවන රටාවකට කවුරුත් අකමැතිය. එම නිසා නිතර විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කරන පුද්ගලයින් කෙරෙහි ආකර්ෂණය වීම ස්වභාවිකය. නමුත්, එය කොතරම් දුරට සාධාරණ වන්නේ දැයි ඔබම සිතාබලන්න. ජීවිතයේ සතුටේදි ලඟසිටින අයට වඩා දුකේදී ඔබ ලඟ සිටින පුද්ගලයින් වඩාත් වැදගත් අය වන බව මතක තබාගන්න. කෙසේ හෝ වේවා, අන් අය වෙනුවෙන් තමන්ව වෙනස් කරගැනීමට ඇති අකමැත්ත බොහෝ සබඳතා අවසන් වීමට හේතුවක් වී ඇත.

3. කාර්යබහුල කම

එදිනෙදා ජීවිතයේ අතිශය කාර්යබහුල ජීවන රටාවත් සමඟ මිනිස් සබඳතා යාන්ත්‍රික වී ඇති බව පෙනීයයි. ඒ නිසාම ප්‍රේමය හා සෙනෙහස වැනි හැඟීම් ඇතිවීමට සඳහා කාලයක් හෝ අවකාශයක් නොමැති තරම්ය. භෞතික සම්පත් හා මුදල් ‍රැස්කිරීම ජීවිතයේ මූලිකම අරමුණ බවට පත්වී ඇති විසිඑක් වන සියවසේ මිනිස් සබඳතා අතර ආදරය හා ලෙන්ගතුකම වැනි මානුෂීය සිතුවිලි කෙමෙන් ඈත් වී යන බව පෙනේ.

4. ඉවසීමක් නොමැතිකම

ප්‍රේමය සම්බන්ධතාවක් ආරම්භ කල විගස පෙම්වතා/ පෙම්වතිය තමා ගැන හොඳින් දන්නා බව සිතමින් මුහුකුරා ගිය ස්වභාවයක් එක් වරම බලාපොරොත්තු වීම සුදුසු නැත. ඒ සඳහා යම් කාලයක් අවශ්‍යය වන අතර ඔබට හොඳ ඉවසීමේ ශක්තියක්ද තිබිය යුතුයි.

5. නිකරුණේ කාලය සහා ශක්තිය නාස්තිකිරීම

පැයක් එක් පුද්ගලයෙකු සමඟ ගතකරනවාට වඩා වෙනත් පුද්ගලයින් 100 ක් සමඟ ගතකිරීම කොතරම් විනෝදජනක දැයි ඔබට හැ‍ඟෙනවා වියහැකියි. වර්තමානයේ බොහෝ දෙනෙකු අලුතින් පුද්ගලයින් සමීපව දැන හඳුනාගැනීමට වඩා හුදෙක් විනෝදය පිණිස ඔවුන් හමුවී පැය කිහිපයක් සතුටින් ගත කර විසිර යාමට පෙලඹි සිටින ස්වභාවයක් දැකිය හැකියි. වර්තමාන ප්‍රේමය සම්බන්ධතා වලදී පෙම්වතාට/ පෙම්වතියට වඩා ආකර්ෂණීය කෙනෙකු දු‍ටු විට වහාම එම සම්බන්ධතාවයෙන් ඉවත් වී වෙනත් සම්බන්ධතාවක් ඇති කරගැනීම ඉතා සාමාන්‍ය දෙයක් තරමට පත්ව ඇත. අන් අයට ඔබගෙන් ඉ‍ටුවිය යුතුකම් ගැන නොසිතා සැම විටම ඔවුන්ගෙන් දේවල් පරිපුර්ණ ආකාරයෙන් බලාපොරොත්තු වීම සුදුසු නැති බව වටහා ගත යුතුයි. බොහෝ පුද්ගලයින් ඇසුරු කලත් ඉන් එක් අයෙකු සමඟ හෝ හදවතින් ලංවිමට උත්සාහ නොකිරීම වර්තමානයේ බහුලව දැකිය හැකි ලක්ෂණයකි.

6. තාක්ෂණය

තාක්ෂණය නිසා මිනිසුන් එකිනෙකාට බොහෝ සමීප වී ඇති බව පැවසේ. කෙටි පණිවිඩ, හඬ පණිවිඩ, සංවාද විඩියෝ ඇමතුම් වැනි බොහෝ තාක්ෂණික සන්නිවේදන ක්රවම නිසා මුහුණට මුහුණ සංවාද ක්රවමයෙන් ඈත්වී යන ස්වභාවයක් දැකිය හැකිය. එමඟින් එකිනෙකා සමඟ එක්ව සතුටින් කාලය ගත කිරීමට ලැබෙන ඉඩකඩ අවම වී ඇත. තාක්ෂණය නිසා අනෙක් පුද්ගලයා සමඟ කතාකිරීමට මාතෘකාවක් නොමැති තරමට ඔවුන්ගේ විස්තර අපට සමීප වී ඇත. ඇතැම් පුද්ගලයින් සමාජ ජාලා භාවිතයට ඇබ්බැහි වී සිටීම නිසා නිවැසියන් සමඟ ගතකරන කාලය ඉතා සීමිතව ඇතිබව ද නිරීක්ෂණය වේ.

7. දිගු කාලීනව ‍රැඳීසිටිමට ඇති අකමැත්ත

බොහෝ දෙනෙකු දිගු කාලීන සම්බන්ධතා වලට යොමුවීමට බිය වෙති. විශේෂයෙන්ම ස්ථීර ලෙස එකට ජීවත් වීමේ අදහස කෙරෙහි වර්තමානයේ බොහෝ දෙනා අකමැති ආකාරයක් දැකිය හැකියි. තවත් කෙනෙකු වෙනුවෙන් කැපකිරීම් සිදු කිරීමට හෝ කාලය වැයකිරීමට ඇති අකමැත්ත හේතුවෙන් ස්ථීර සබඳතාවලින් හැකි තාක් මිදී සිටීමට තැත් කරන ස්වභාවයක් දක්නට ලැබේ

8. ස්වාධීනත්වය


ප්‍රේමය සහා රාගය පටලවාගැනීම වර්තමාන පරපුරේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයකි. ප්‍රේමය සබඳතා තුල පළමුව අඹුසැමියන් ලෙස ජීවත් වීමට මුල්තැන දී ඉන් පසුව තවදුරටත් සම්බන්ධතාවය පවතවාගෙන යනවා දැයි තීරණය කිරීම නවීන ප්‍රවණතාවකි. විවාහ නොවි එකට ජිවත්වීම බොහෝ රටවල් වල සාමාන්‍යය දෙයක් බවට පත් වී ඇත..

9. තර්කානුකුල වීමට උත්සාහ කිරීම

එදිනෙදා ජීවිතයේ කාලය හා අවකාශය අතර ගැටලු අතරින් නිරායාසයෙන් මුළු හදවතින්ම ප්‍රේමය කිරීමට පෙලඹෙන්නේ ඉතා සුළුතරයකි.

10. අනවශ්‍ය බිය

නව සබඳතාවලට, සිත් රිදුම් වලට, දුක්ඛිත හැඟීම් හා සිතුවිලි වලට හා විරහා වේදනාවන්ට ඇති බිය නිසා බොහෝ දෙනෙක් අන් පුද්ගලයින් සමඟ විවෘත වීමට බියක් දක්වති.

11. සබඳතා සඳහා වටිනාකමක් නොදීම

ඇතැම් සිදුවීම් හා අත්දැකීම් නිසා අප අවට සිටින පුද්ගලයින් කෙරෙහි කලකිරීම, එපාවීම සහා පිළිකුල ඇති වීම නිසා සම්බන්ධතා වල වටිනාකමක් ලබාදීමට උත්සාහ කිරීම ප්‍රයෝජනවත් නොමැති දෙයක් බව හැඟි යාමට ඉඩ ඇත. වර්තමානයේ, ඇතැම් අයට තමන් ආදරය කල සහකාරිය/ සහකරු හෝ පෙම්වතා/ පෙම්වතිය තමා හැර යාම එතරම් ගැටලුවක් නොමැති බව ඔවුන්ගේ ඇතැම් හැසිරීම් වලින් පෙනි යයි. බොහෝ දෙනෙකු සම්බන්ධතා සඳහා වටිනාකමක් ලබා නොදීම අද සමාජයේ දැකිය හැකි සෘණාත්මක ලක්ෂණයකි.