බොලිවුඩයේ සුරූපීම නිලියන් 10 දෙනා මෙන්න

බොලිවුඩය කියන්නේ අපි කවුරුත් ආදරය කරන තැනක්.මායාවක් බඳු හින්දි සිනමාවේ අප සිත්ගත් නලු නිලියන් බොහෝ දෙනෙක් සිටිනවා. බොලිවුඩය විවිධ ආගම් සහ ජාතීන් නියෝජනය කරන තරු එකතුවක් කියලා කියන්න පුලුවන්. ආගමික පසුබිම  නිසාම ඇතැම් නලු නිලියන් හට විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් වලට පවා මුහුණ දීමට සිදුවූ පුවත් බොලිවුඩයෙන් අපට අසන්නට ලැබෙනවා.ක්ෂේත්‍රයේ සිටින බොහෝ නලු නිලියන් අතරින් බොහෝ දෙනෙක් උපතින් මුස්ලිම් ජාතිකයින්. ආගමික පසුබිම කොහොම වුණත්ත මන්ගේ රංගනයෙන් මුලු ලෝකයක් වසඟ කරගැනීමට සමත් වි සිටින බොලිවුඩ් තරු අතරේ තමන්ගේ සුන්දරත්වය සහ රංග පෞරුෂය නිසාම අතිශය ජනප්‍රියත්වයක් දිනාගෙන සිටින සුරූපීම මුස්ලිම් ජාතික නිලියන් 10 දෙනාගේ ලැයිස්තුවයි මේ.

10. Ayesha Takia

ඇය 1986 වසරේ අප්‍රේල් 10  ඉන්දියාවේ මහාරෂ්ට්‍ර හි උපත ලබා ඇත. ඇයගේ පියා ගුජරාටි ජාතිකයෙක් වන තර මව මුස්ලිම් ජාතික කාන්තාවකි.සුපිරි නලු සල්මන් ඛාන්ගේ ‘Wanted’ චිත්‍රපටය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට සමත් වූ ඇය තම වෘත්තිය ගමන ආරම්භ කලේ ‘Tarzan:The Wonder Car’ නම් චිත්‍රපටය හරහායි. එහි ඇගේ රංගනය සඳහා ඇය විසින් ‍ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ හොඳම නිලිය සම්මානයට පවා පාත්‍ර වුණා. ඇය මුස්ලිම් ආගම වැලඳගෙන තිබුණේ ඇගේ පෙම්වතා සමඟ විවාහ වීමත් සමඟයි.

09. Sana Khan

සුරූපී නිලි Sana උපත ලබා ඇත්තේ 1987 අගෝ. 21 මුම්බායි හීය. ඇය ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට පෙර අධ්‍යාපන කටයුතු  හදාරමින් සිට ඇති අතර පසුව ඇය නිරූපණය් ගැන හැදෑරීමට යොමුවිය. ‘Ye Hai Society’  නම් 2005 වසරේ තිරගත වූ චිත්‍රපටය හරහා ඇය සිනමාවට පිවිසියාය. ‘silambattam’ නම් දමිළ චිත්‍රපටය හරහා ඇය කොලිවුඩයට ද පිවිසියාය. ඒ වසරේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබූ එම චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිලියට හිමි සම්මානය දිනාගැනීමට ඇය සමත් වූවාය.

08. Zaira Wasim

කාශ්මීර සම්බවයක් ඇති Zaira මින් පෙර නිලියක් ලෙස  ඉන්දියානු චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වී කටයුතු කලාය. ඇයගේ රංගනය හරහා දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිකරගැනීමට ඇය සමත් වූවාය. ඇයගේ කැපී පෙනෙන ජයග්‍රහණය වෙනුවෙන් ‍ෆිල්ෆෙයාර් සම්මානයද, ජාතික චිත්‍රපට සම්මානය ද , 2017 වසරේදී ජාතික ළමා සම්මාන උළලේදී ජනාධිපතිවරයා අතින් ඇය සම්මානයට පාත්‍ර වූවාය. ආදායම් වාර්තා තැබූ ජනප්‍රිය චිත්‍රපටයක් වන 2016 වසරේ තිරගත වූ ‘Dangal’ චිත්‍රපටයේ ඇය රඟපෑ Geeta Phogat නම් මල්ලව පොර ශූරියගේ චරිතය වෙනුවෙන් ඇය සම්මාන ‍රැසක් හිමිකරගැනිමට ද සමත් වුණා. ‘Secret superstar’ චිත්‍රපටය හරහාත් ප්‍රේක්ෂකයින්ට ඇයව දැකගත හැකි වුණා.

07. Dia Mirza

ඇය නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් මෙන්ම නිෂ්පාදකවරියකි. ඒය් 2000 වසරේ Miss India Asia Pacific කිරුළ දිනාගත්තාය. ඇයගේ සිනමාවට පිවිසියේ Rehna Hai Tere Dil Mein චිත්‍රපටය හරහායි. ඇයගේ පියා ජර්මන් ජාතිකයෙකු වූ අතර මව බෙංගාලි ජාතික කාන්තාවකි.  ඇයට වයස අවුරුදු 6 දි දෙමාපියන් දික්කසාද වී ඇති අතර ඇගේ මවගේ දෙවන කසාදයේ ස්වාමි පුරුෂයා මුස්ලිම් ජාතිකයෙකු විය. ඔහුගේ නම ඇයගේ නමට එක් කර  තිබු අතර ඉන් පසුව ඇය හැඳී වැඩුණේ මුස්ලිම් පවුල් පරිසරයක් තුල බව සඳහන් වේ. කෙසේ වෙතත් ඇය තමන් මුස්ලිම් ජාතික කාන්තාවක් නොවන බවත් ඇයගේ විශ්වාසය ගණ දෙවියන් පමණක් බවත් ඇය පවසයි.

06. Huma Qureshi

‘Gangs of Wasseypur 1  සහ 2’ යන චිත්‍රපට හරහා ඉමහත් ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රසාදයක් දිනාගත් ඇය බොලිවුඩයේ සිටින සුරූපී දක්Sඅ නිලියකි.1986 ජූලි 28 නව දිල්ලියේ උපත ලබා ඇති ඇය දිල්ලි විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ උපාධිධාරිණියකි. ඇයගේ පළමු සිනමා නිර්මාණය වූයේ ‘Billa II’ චිත්‍රපටයයි.

05. Zarine Khan

1984 වසරේ මැයි 14 වන දා මුම්බායිහි උපත ලැබූ ඇය බොලිවුඩයට පෑයු සුරූපී නිලියකි. ඇයට උර්දු, මරාති සහ ඉංග්‍රීසි බස චතුරව හැසිරවිය හැකිය. ඇය රිස්වි කොලේජයෙන් විද්‍යාව පිලිබඳව උසස් අධ්‍යාපනය හදාරා ඇත.ඇයව සිනමාවට හඳුන්වාදුන්නේ සල්මන් ඛාන් විසිනි. ඒ ‘Veer’ චිත්‍රපටය හරහායි. එම චිත්‍රපටය වෙනුවෙන් ඇය කල රංගනය බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණා. ආදායම් වාර්තා තැබූ ‘housefull 2’ චිත්‍රපටයට ද ඇය රංගන දායකත්වය ලබාදී තිබුණා. ඇය දමිළ සහ පන්ජාබ් සිනමාවට ද සම්බන්ධවී කටයුතු කරමින් සිටියි.

04. Hina Khan

රූපවාහිණි තිරයේ අතිශය ජනප්‍රිය තරුවක් වන  ඇය Star Plus නාලිකාවේ විකාශය වූ ‘Yeh Rishta Kya Kehlata Hai’ නම් ටෙලි කතාමාලාවේ Akshara චරිතය හරහා බොහෝ ජනප්‍රිය වූවා. ඇය ගුරුග්‍රම් ඇකඩමි පාසලේ කලමණාකරනය පිලිබඳ උසස් අධ්‍යාපනය හදාරා ඇත.  ‘Hacked’ චිත්‍රපටය හරහා ද ඇයගේ රංගනය ඔබට දැකගත හැකියි.

03. Fatima Sana Sheikh

ඇය නිලියක් , නිරූපණ ශිල්පිනියක් මෙන්ම වෘත්තීය ඡායාරූප ශිල්පිනියකි. ඇය 2016 වසරේ ආදායම් වාර්තා තැබූ ‘Dangal’ චිත්‍රපටයේ Geeta Phogat නම් ඉන්දියානු මල්ලවපොර ශූරියගේ චරිතය නිරූපණය කලාය. 1992 ජනවාරි 11 හයිඩ්‍රාබාද් හි උපත ලද ඇය මුම්බායි හි මිතිබායි කොලේජ් හි උපාධිධාරිනියකි. නර්තනය සහ ඡායාරූපකරණ යන ක්ෂේත්‍ර පිලිබඳව ද ඇය හදාරා ඇත. ක්ෂේත්‍රයේ සිටින දක්ෂතා ‍රැසකින් හෙබි නිලියකි.

02. Tabu

ඇය 1971 නොවැ. 4 උපත ලබා ඇති අතර Tabassum Fathima Hashmi ඇයගේ සම්පූර්ණ නාමයයි. බොලිවුඩයේ සිටින දක්ෂම නිලියක් ලෙස හඳුන්වන Tabu  දමිළ, ඉංග්‍රීසි,තෙලිඟු ආදි චිත්‍රපට වලටද තම රංගන දායකත්වය ලබාදී ඇත. ඇය රඟපෑ ‘kandukondain kandukondain’  දමිළ චිත්‍රපටය බොහෝ ජනප්‍රිය වූවකි. ‘The Namesake’, ‘The life of Pi’ වැනි ඉංග්‍රීසි චිත්‍රපට වලට ඇය තම රංගන දායකත්වය ලබාදී ඇත.

01. Sara Ali Khan

ඇය බොලිවුඩ් නලු Saif Ali Khan ගේ සහ නිලි Amritha singh දියණියයි. ‘kedarnaath’, ‘Love Aaj Kal tu’, ‘Simmba’ ආදි චිත්‍රපට හරහා ඇයව ප්‍රේක්ෂකයින් හට දැකගත හැකියි.