‘බුදු අම්මෝ මම නම් ආයේ දේශපාලනේට එන්නේ නෑ’ ජනප්‍රිය නිලි උපේක්ෂා ස්වර්ණමාලි කියන කතාව

අපේ කළා ලෝකයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ඇති දක්ෂ නිරුපිකාවක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ, ඇය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුනේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය ‘පබා’ ටෙලි කතා මාලාව හරහායි. පසුව ඇය සිංහල ගීත කීපයක රූප රචනා සඳහා පෙනී සිටියා. ඒ වගේම 2008 වසරේ පැවැති සිරස ඩාන්සින් ස්ටාර් තරඟයේදීද ඇය සිය නර්ථන හැකියාව ප්‍රදර්ශනය කරමින් තව දුරටත් ප්‍රේක්ෂක අවධානය දිනාගන්න සමත්වුනා. පසුව ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුන මෙගා ස්ටාර් රියලිටි වැඩසටහනටද ඇය එක්වුනා.

2010 වසරේදී උපේක්ෂා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඡන්ද 81350 ලබාගෙන ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වනවා. 1984 වසරේ ජුනි මස 26වන දින උපන් උපේක්ෂා මේවනවිට 37වන වියේ පසුවනවා. 2009 වසරේදී මහේෂ් චමින්ද වලවුගමගේ සමග විවාහ වන උපේක්ෂා 2013 වසරේදී එම විවාහයට සමුදී 2016 වසරේදී සමන්ත පෙරේරා සමග විවාහ ගිවිස ගන්නවා. කොහොම වුනත් උපේක්ෂාගේ දේශපාලන ගැන ඇය කියන්නේ මේ වගේ කතාවක් ”බුදු අම්මෝ මම නම් ආයේ දේශපාලනේට එන්නේ නෑ. ඇත්තටම දේශපාලනයට ඇවිත් මං කර ගත්තේ ජීවිතයේ ලොකු වැරද්දක්. ඒක ආයේ හදාගන්න බැරි වැරැද්දක්. ඇත්තටම මේ දේශපාලන ක්‍රමයේ වැරැද්දක් තියෙන්නේ. ගොඩක් අය කියලා තිබ්බා පබාලා වගේ අය පාර්ලිමේන්තු යවන්න එපා කියලා ඒ අය නොකියා කියන්නේ මම උගත් කෙනෙක් නෙවෙයි කියලා මම ඒලෙවල් වෙනකන් විතරයි ඉගන ගත්තේ, අපේ රටේ අය කොයිදෙටත් බනිව නේ” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන උපේක්ශාගේ සුන්දර චායාරූප එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.