‘බිරිඳ කිවුව නිසා තමයි මම රැවුල වවන්නේ’ ලාබාල තරුණියන් පවා වශීවුන හෙක්ටර් ඩයස් කියන කතාව

ලංකාවේ කළා ලෝකය කියන්නේ පුදුම හිතෙන තැනක්. මොකද කියනවනම් නළුවන් විදියට ප්‍රසද්ධ වවන රංගන ශිල්පියන කාලයක් ගිහින් ගායකයන් විදියට ජනප්‍රිය වෙනවා. ගායකයන් විදියට ජනප්‍රිය වුන අය රංගන ශිල්පිනියන් බවට පත්වෙනවා, ඉතින් ඒ විදියට ගායනයෙන් කළා ක්ෂේත්‍රයට ඇවිත් මේ වනවිට නළුවෙක් විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි හෙක්ටර් ඩයස් කියන්නේ. ප්‍රේමකීර්ති ද අල්විස් ලියා ස්ටැන්ලි පීරිස් සංගීතවත් කරමින් ඩෙස්මන් ද සිල්වා ගැයූ ‘නිල්වන් මුහුදු තීරේ’ ගීතයේ කවර් ගීතය හෙක්ටර් ඩයස් ගායනා කිරීමත් එක්ක තමයි ඔහු ගැන හැමෝම කතාවෙන්න පටන් ගත්තේ, ඒත් එක්කම හෙක්ටර් ඩයස්ගේ කඩවසම් පෙනුම පිළිබඳත් ගොඩක් අය කතා වුනා.

මේ දවස්වල විකාශනය වන ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන අගස්ති කියන චරිතයට පන පොවන්නේ හෙක්ටර් ඩයස් විසින්. ‘දිවිතුරා’ කියන්නේ හෙක්ටර් ගේ පළමු ටෙලිනාට්‍ය. ඉතින් ඒ පිලිබඳ හෙක්ටර් කිවුවේ මේ වගේ කතාවක්. ”දිවිතුරා කියන්නේ මගේ පලවෙනි ටෙලිනාට්‍ය. ඇත්තටම මට ඒක හුරු නැති අත්දැකීමක්. කොහොම වුනත් මම මේ නාට්‍යට ආරාධනාව ආව ගමන් ඒක බාරගත්තේ නෑ. ටික දවසක් හිතලා තමයි මම මේකට කැමතිවුනේ නමුත් මේ සුළු කාලය තුළදී ලබපු මේ අත්දැකීම මගේ ජීවිතේට හරි අපූරුයි.” කියලයි. හෙක්ර්ට් විවාහ වෙලා ඉන්නේ පාඨලී සමග. ඇය තමයි හෙක්ටර්ගේ මේ වෙනස ඇතිකරලා තියෙන්නේ ඉතින් ඒ පිලිබඳ හෙක්ටර් අපිට කිවුවේ මේ වගේ කතාවක් ” ඇත්තටම මම කලින් රැවුල වවලා නෑ. රැවුල කැපුවම ටිකක් තරුණ පෙනුමක් ගන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා මම රැවුල කපලා හිටියේ. 2019 වසරේ අපි ප්‍රංශයට ගිය වෙලාවක මම රැවුල වැව්වා ඒ වෙලාවේ මගේ ආදරණීය බිරිඳ පාඨලී තමයි කිවුවේ ඔයා ඔහොම ලස්සනයි කියලා හැබැයි මේ විදියට මම ජනප්‍රිය වේවි කියලා හිතුවෙම නැහැ” කියලයි, ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න හෙක්ටර් ඩයස්ගේ අපූරු පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.