‘බිරිඳක් වුණාම සැමියගෙ වැඩ ඔක්කොම කරන්න ඕන’ ජනප්‍රිය නිලි නදුනි කියන කතාව

අද වන විට ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ දවසින් දවස හැමෝගෙම ආදරේ දිනාගන්න චරිතයක් තමයි නදුනි කරුණාතිලක කියන්නේ. මේ දිනවල නැගී එන රංගන ශිල්පිනියන් අතරින් උඩින්ම ඉන්නේ ඇය. කාලයක් නිරූපිකාවක ලෙස සිටි ඇය හැමෝම අතර ජනප්‍රිය වෙන්නේ ‘පාවෙලා වලාකුලේ ඒවිද අම්මා’ ටෙලිනාට්‍යයේ නිරාශා ලෙසින්. ඇය එම චරිතයට කොතරම් සාදාරණයක් ඉටු කලාද කියනවනම් තවමත් බොහෝදෙනා ඇයට කතා කරන්නේ නිශාරා කියලලු. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නිශාරා අයගේ රංගන දිවිය ආරම්භ කල විදිය පිලිබඳ අපිට කිවුවේ මෙහෙමයි ”මට මුලින්ම රඟපාන්න අවස්තාවක් ලැබුනේ දෙවෙනි ඉනිමේ මාලිකා කියන චරිතය. ඊට පස්සේ තමයි ‘පාවෙලා වලාකුළේ’ ටෙලි නාට්‍යයේ රඟපාන්න ලැබුනේ” කියලයි.

ඉතින් මේ හැමෝගේම ආදරේ දිනාගෙන ඉන්න නදුනි විවාහකයි ඇය විවාහ වෙලා ඉන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන දිනූෂ දිසානායක සමග. අවුරුදු හතරක් ආදරේ කරලා තමයි මේ දෙන්නා විවාහ වෙලා තියෙන්නේ. ඉතින් නදුනි ඇයගේ විවාහය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි බිරිඳක් වුණාම තමන්ගේ සැමියගෙ වැඩයි ගෙදර වැඩයි අනිවාර්යෙන් කරන්න ඕනනේ. විවාහයට කලින් නම් මගේ අම්මයි, ආත්තම්මයි දෙන්නම හිටිය නිසා මම ලොකුවට ගෙදර වැඩ කළේ නෑ. දැන් නම් මම මගේ ගෙදර වැඩ කර ගන්නවා. අපි දෙන්නම ගෙදර ඉන්න කාලය ගොඩක් අඩුයි.” කියලයි. ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කරන නදුනිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.