‘බැඳපු මුල් කාලේ මම බිමල්ට දුන්නේ බෙරි බත්’ ජනප්‍රිය නිලි සුජානි කියන කතාව

සුජානි මේනකා බොහෝ දෙනෙක් ආදරය කරන ගෞරවය කරන සුන්දර චරිතයක්. කිසිවෙකුගෙන් විවේචන එල්ල නොවෙන ලෙස තම පවුල් ජිවිතේ ගත කරන සුන්දර බිරිඳක්. මේ කතා බහ ඇය සමඟයි. අවුරුදු දෙකක පමණ දැඩි නිහඩතාවයකින් සුජානි නැවතත් කලාවට එන්නේ වෙනස්ම චරිතයකින්. ඉතින්ඒ නිසාම ඇය⁣ගේ නිහඩ බවත් නැවත කලාවට පිවිසිම ගැනත් ඇයගෙන්ම අහන්න හිතුවා.

ඉතින් අපි අහපු පැනට ඇය දුන්නේ මේ වගේ පිළිතුරක් “ඇත්තටම මම කලාවෙන් නිහඩ වුනේ මට ටික කාලයක විවේකයක් ඕනි වුනා. බිමල් මට කිසි වෙලාවකට කිසි බලපෑමක් කලේ නෑ. මොකද අදටත් මට හොද නරක කියලා දිලා ගමනක් යන්න හයියක් වෙන්න ඔහුට පුළුවන්. ඔහු මාව විස්වාස කරනවා ඔහු මම ගැන දන්නවා. ඉතින් ඒ නිහඩබවට මගේ පවුල් ජිවිතේ සම්බන්ධ නෑ. නිහඩ තාවයට පස්සේ මම ආයේත් රංගනය එන්නේ සාලින්ද රත්නාය⁣කගේ ආරාධනයකට. ඒ පෝක් විදියේ නුවංගි ටිච හරහා. ඇත්තටම පිටපතේ ඉදන්ම මම කතාවට ආස වුනා. රංගනයෙන් දායක වෙන අයට පවා මම කැමති වුනා. ඉතින් මම මගේ දායකත්වය දෙන්න දෙපාරක් හිතුවේ නෑ.” කියලයි.

සුජානි කියන්නේ රසට කෑම හදන්න පුළුවන් කෙනෙක් කියලයි ආරංචි ඉතින් අපි ඒ ගැන ඇයගෙන්ම ඇසුවා. “එහෙම නෑ කියන්නේ නෑ. හැබැයි මට ඉස්සර උයන්න බෑ. මම උයන බත් මම කෑවේ අකමැත්තෙන්. මොකද ඒක බෙරි බතක්. බිමල්ට දුන්නෙත් බේරී බත්ම තමා. හැබැයි බිමල් කවදාවත් මට කිසි දෙයක් කියලා නෑ. කාලයත් එක්ක මම තනියම උයන්න පුරුදු වුනා. මගේ අම්මා, බිමල්ගේ අම්මා මට හැමදේම කියලා දුන්නා. අද මම උයන කෑම කන්න පිට රට වල ඉන්න අපේ යාළුවෝ පවා කැමතියි. වෙලාවකට අපේ ගෙදරට එන අය කෑම එකේ නම කියාගෙන තමා එන්නේ.

මම තනියම කෑම හැදුවේ කිසිම දවසක යුටියුබ් එකක්වත් බැලුවේ නැතුව. අනික මම හැමදේම අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නේ. වැරදි වැරදි තමා හරියන්නේ කියනවනේ. ඒ වගේ අද මට කෑම හරියට රසට හදන්න පුළුවන්. ඉගෙන ගත්තොත් කාට වුනත් කරන්න බැරි දෙයක් නෑ. ඉතින් මගේ කෑම පිසිම ඉස්සරට වඩා දැන් දියුණුයි.” කියලයි.

බිමල් ජයකොඩිගේ ජිවිතේ ආදරණිය බිරිද වන සුජානි කලා ලෝකයේ බොහෝ දෙනෙකුගේ ගෞරවයට පත්ව අවසන්. විවේචන කට කතා ගැන නොසිතා ඇය සිය පවුල රැක වෘත්තීය ජිවිතය ගෙනියන්නේ කිසිවෙකුට වචනයක් කියන්න බැරි තරම් කැපවිමෙන්. ඇය ඉදිරියේදි නව නිර්මාණ තුළින් දැක ගත හැකි බව අපට පැවසුවේ විටෙක දැන් බිහිවන නිර්මාණ කෙරෙහි කලකිරිමක්ද සිතේ ⁣තබාගෙන.