බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයින් ඇඳුම් වල තියෙන රහස් ඉඟි මෙන්න

වචනයෙන් කියන්න බැරි බොහෝ දේවල්  අන් අයට හඟවන්න-සන්නිවේදනය කරන්න ඕන තරම් වෙනත් ක්‍රම ‍රැසක් තිබෙනවා. ඇඳුම් පැලඳුම් භාවිතයත් එවැනි ප්‍රබල සන්නිවේදන අවියක් කිව්වොත් නිවැරදියි. මේ දේ වඩාත් ප්‍රචලිත බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයින් අතරයි. මෙවැනි විශේෂ ඇඳුම් විලාසිතා අනුගමනය කරමින් බොහෝ අවස්ථාවල ඔවුන් තමන්ගේ සිතිවිලි , හැඟීම් සහ අත්දැකීම් ගැන ව්‍යංගයෙන් පිලිඹිබු කල බවයි පැවසෙන්නේ. රජ පවුලේ ඇඳුම් විලාසිතා භාවිතයේදී වර්ණ, අංග උපාංග භාවිතය සහ සියුම් අලංකරණ ආදිය යොදා ඇති විලාසයන් අනුව බොහෝ විට ප්‍රබල යමක් එතුලින්  සංකේතවත් කිරීම අදහස් කරන බවයි කියන්නේ. රාජකීය පවුලේ සාමාජිකයින් විසින් විවිධ අවස්ථාවක් කිහිපයකදී සැරසී සිටීවැනි කැපී පෙනෙන සංකේතාත්මක විලාසිතා කිහිපයක් ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ.

01. මේගන් මාර්කල් සහ හැරී කුමරු රජ පවුලේ වගකීම් අත්හරිමින් වෙනම ජීවත් වීමට තීරණය කිරීමත් සමඟ රජ පවුල අභ්‍යන්තරයේ වීවිධ වෙනස්කම් ‍රැසක් ඇතිවී තිබුණා. මෙම කාල වකවාණුවේදී කේට් සහ මේගන් ගේ ඇඳුම් විලාසිතා හිටි හැටියේම දුඹුරු පැහැයෙන් යුක්ත වූ ඒවා බව නිරික්ෂණය කරන්නට ලැබි තිබුණා. බ්‍රිතාන්‍ය මහ ‍රැජිණිය සාමාන්‍යයෙන් දීප්තිමත් වර්ණ ප්‍රියකරන්නියක් වුවද ඇයත් මේ දෙදෙනාට එක්වෙමින් දුඹුරු පැහැති ඇඳුම් වලින් සැරසෙන්නට පටන්ගෙන තිබුණා. මෙම සිදුවීම ඔවුන් අතරේ ඇති සමඟිය හුවාදැක්වීමේ සංකේතයක් දැයි බොහෝ දෙනා අතරේ කුතුහලයක් ඇති විය.

02. 2015 වසරේ පැවති යුධ පෙරට්‍ටු සංදර්ශණයක් අතරේදී කුඩා ජෝර්ජ් කුමරු නිල් පැහැති ඇඳුමකින් සැරසී තම පියා වන විලියම් කුමරුගේ අතේ සිටි ඡායාරූපයක් දක්නට ලැබුණා. වසර කිහිපයකින් අනතුර ඔහුගේ සොහොයුරා කුඩා ලුවීස් කුමරු එවැනිම සංදර්ශණයකට සහභාගි වි සිටියේ තම සොහොයුරා හැඳ සිටි ආකාරයේම නිල් පැහැති ඇඳුමකිනි. මෙම ඇඳුම් විලියම්  කුමරු සහ හැරි කුමරු කුඩා කල භාවිතා කල ඒවා ඔවුන් ඇඳ තිබුණේ 1986 දී පැවති  මෙවැනිම සංදර්ශණයකදීය.

03. ආචී කුමරුගේ උපත ප්‍රසිද්ධ කිරීමේ අවස්ථාවේදී මේගන් හැඳ සිටියේ ඉතා ආකර්ෂණීය සුදු ට්‍රෙන්ච් ගවුම් විලාසිතාවකි. ඇය මෙන්ම ඇයගේ විලාසිතා නිර්මාණ ශිල්පිණියද ද්විවාර්ගික සම්භවයක් ඇති අයෙක් වන අතර ඇයගේ මෙම නිර්මාණය ඇයගේ වාර්ගික උරුමයේ ලක්ෂණ පිලිඹිබු කරවන්නක් ලෙස හැඳින්විය. මෙම විලාසිතාවෙන් සැරසීම තුලින් මේගන් තමන්ගේ සහයෝගය සහ අභිමානය ඉස්මතු කල බව බොහෝ දෙනා පවසන්නේ.

04. 2018 වසරේ මැඩලෙයින් කුමරියගේ දියණිය වන ඒඩ්‍රියේන් ගේ භෞතිස්ම උළලේදී සිඟිත්තිය හැඳ සිටි ගවුම බොහෝ සැඟවුණු අරුත් ‍රැසක් ‍රැගත් නිර්මාණයක් බව පැවසේ. මෙම ගවුම 1996 සිට සෑම ස්වීඩන රජ පවුලේ සාමාජිකයෙකුම හැඳ ඇති විශේෂ භෞතිස්ම ගවුමකි. ඔවුන් සෑම දෙනාගෙම නම් මෙම ගවුමේ එම්බ්‍රොයිඩර් කර තිබීම ද විශේෂත්වයකි.

05. ඩයනා කුමරිය බ්‍රිතාන්‍ය රජ පවුලේ දැඩි නීති සහ සම්ප්‍රදා තුල හුදකලා වූ අහිංසකාවියක් ලෙසයි ලෝකයා බොහෝ විට ඇයව දු‍ටුවේ. බොහෝ අවස්ථා වල ඇය තමන්ගේ හැඟිම් සහ සිතිවිලි තමන්ගේ විලාසිතා තුලින් පිලිඹිබු කල බව ප්‍රකට කරුණකි. වරක් 1983 වසරේ පෝලෝ ක්‍රීඩා තරඟාවලියකට ඇය සහභාගී වී සිටියේ සුදු බැටලු රූප සහිත පුල් ඕවර් ඇඳුම් විලාසිතාවකිනි.එම ඇඳුමේ පපුව කොටසේ එකම එක කලු බැටලුවෙකු සිටින අයුරු දක්නට ලැබේ. මෙම ඇඳුම ඇය රජ පවුල තුල මුහුණ දෙමින් සිටින තත්වය සහ ඇයගේ සිතිවිලි සහ සිතේ කම්කටොළු ස්වභාවය ඉස්මතු කල-සංකේතවත් කල ඇඳුම් විලාසිතා ‍තෝරාගැනීමක් ලෙසයි බොහෝ පිරිස් විශ්වාස කරන්නේ.

06. විවාහයෙන් පසු මේගන් තම පළමු ස්කොට්ලන්ත සංචාරය සඳහා ඇය සැරසි සිටි ඇඳුම ස්කොට්ලන්ත ජාතින්ට ගෞරවය දැක්වීමක් ලෙස ‍තෝරාගත් ඇඳුම් විලාසිතාවක් විය. බ්ලැක් වොච් රටාවක් සහිත මෙම කබා විලාසිතාව ස්කොට්ලන්තයේ සුවිශේෂී ඓතිහාසික වැදගත්කමක්-අරුතක් නිරූපණය කරනකි. ඇය එම විලාසිතාව තවත් ආකර්ෂණීය බවට පත්කරගෙන තිබුණේ ස්කොට්ලන්තයේ ප්‍රසිද්ධ සන්නාමයක් වන Strathberry සමාගමේ නිෂ්පාදනයක් වන තද කොළ පැහැති හෑන්ඩ්  බෑග් විලාසිතාවකිනි.

07. බියෙට්‍රිස් කුමරිය එක් කුඩා කළු හෑන්ඩ් බෑගයක් අතේ දරාගෙන විවිධ උත්සව අවස්ථාවන් හට සහභාගි වි සිටි අයුරු අවස්ථා කිහිපයකදීම කැමරා කාචයේ සටහන් වි තිබුණා. මෙම බෑග් විලාසිතාව සුවිශේෂී එකක් වන්නේ එහි ‘BE COOL BE NICE’ යනුවෙන් වදනක් සටහන් කර තිබෙන නිසයි. මෙය ඇය සක්‍රීයව දායක් වී සිටින සයිබර් හිරිහැර විරෝධි (anti-cyber bullying) සමාජ ව්‍යාපාරයේ නිල තේමා පාඨය විම ද විශේෂත්වයකි.

08. සෞඛ්‍යය විශේෂඥයින් සමඟ ඇය පවත්වන Zoom ඇමතුම් වලදි ඇය විවිධ අලංකාර වර්ණ වල ඇඳුම් වලින් සැරසී සිටි අවස්ථාවන් කිහිපයක්ම දක්නට ලැබුණා.තැඹිලි, කහ, නිල්, කොළ සහ සුදු වැනි වර්ණ වල ඇඳුම් ඇය ‍තෝරාගෙන තිබුණා. එරට ජාතික සෞඛ්‍යය සේවයේ නිල සංකේතය වන්නේ දේදුන්නයි. කේට් කුමරිය මෙම අවස්ථාවන් වලදි දේදුනු පැහැයේ ඇඳුම් වලින් සැරසි සිටිම ඇය සෞඛ්‍යය අංශ වල පුද්ගලයින් සඳහා ඇයගේ ගෞරවය, සහයෝගය සහ ඇගයුම පළ කර සිටීමක් ලෙස බොහෝ දෙනා අර්ථකතනය කරති.

09. හැරි කුමරුගේ සහ මේගන් මාර්කල් ගේ රාජකීය විවාහය දා මහා ‍රැජිණිය සැරසී සිටියේ දීප්තිමත් දෙහි පැහැයට හුරු කොළ පැහැයක් ගන්නා මල් මුද්‍රිත ඇඳුම් විලාසිතාවකිනි. මනෝවිද්‍යාවට අනුව මෙම වර්ණ ‍තෝරාගැනිම එම යුවළට යම් සැඟවුණු අර්ථයක් -පණිවුඩයක් සංකේතවත් කිරිමක් විය හැකි බව අදහස් පළ වි තිබිණි. සාමාන්‍යයෙන් කොළ පැහැය ගෞරවය සහ යහපත් අනාගතයක් යන්න පිලිඹිබු කරවයි. දම් පැහැය මඟින් ‍රැජිණ මෙම විවාහය පිළිගත් බව සංකේතවත් කරන ඉඟියකි.

10. 2019 වසරේ මේගන් මාර්කල් අන්තර්ජාතික කාන්තා දින සැමරුම වෙනුවෙන් පැවැත්වූ කිංස් කොලේජ් මාණ්ඩලික සාකච්ඡා වටයට සහභාගී වී සිට්යේ සෆ්‍රගෙට් සුදු  පැහැති ඇඳුම් විලාසිතාවකිනි. මෙම වර්ණය බොහෝ රටවල කාන්තාවාදී සමාජ ව්‍යාපාර  වල භාවිතා වූ කැපීපෙනෙන සංකේතාත්මක වර්ණයකි. ලිංගික සමානාත්මතාව සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියාකාරී මත දරන්නියක් ලෙස ඇය මෙම අවස්ථාව සඳහා තම සහයෝගය පළ කිරීම සකේතවත් කරමින් මෙම විශේෂ සුදු පැහැයේ අලංකාර ගවුම් විලාසිතාවකින් සැරසී සිටියාය.