බ්‍රිතාන්‍යයේ කේට් කුමරිය කුඩා දරුවන් පාලනය කරන අපූරු මන්තරේ මෙන්න

කේට් මිඩ්ල්ටන් ආදිපාදවරිය තමන්ගේ දරුවන් සමඟ නිතරම කාලය ගත කරන ඡායාරූප අන්තර්ජාලය හරහා විවිධ පුවත් ඔස්සේ නිතරම දකින්නට ලැබෙනවා. රජ පවුලේ කුඩාම සාමාජිකයින් වන විලියම් කුමරුගේ සහා කේට් කුමරියගේ දරුවන් වන කුඩා ජෝර්ජ් කුමරු ,චාර්ලට් කුමරිය සහ ලුවි කුමරු යනු මුලු ලෝකයේම යොමුවී ඇති පොඩ්ඩෝ තුන්දෙනෙක්

සාමාන්‍ය පවුලක වුණත් රජ පවුලේ වුණත් කුඩා දරුවන් කුඩා දරුවන්මයි. ඉතින් දඟකාර වයසක ඉන්න ජෝර්ජ් කුමරුන්වයි චාර්ලට් කුමරියවයි ‍රැකබලාගැනීම සහ ඔවුන්ව ආම්බාන් කිරීම කොයි අම්මා කෙනෙක්ටත් වගේ කේට් කුමරියටත් අභියෝගයක්. හැබැයි, ඇය හොඳ මවක් වශයෙන් තමන්ගේ දරුවන්ට අවධානය ලබාදෙමින් තමන්ගේ දරුවන්ව මෙහෙයවන ආකාරය ගැන ප්‍රශංසාවට ලක් කෙරුණු පුවත් සමාජ ජාල ඔස්සේ කතාබහට ලක්වි තිබෙනවා. කුඩා දරුවන් එක තැනක තියාගන්න එක කරන්න අමාරු දෙයක්. ඉතින් කුඩා දරුවන් ඉන්න අම්මලාට කේට් කුමරියගේ චරිතයෙන් ගන්න පුලුවන් ආදර්ශ කිහිපයක් ගැනයි අද අපි කියන්න යන්නේ.

  • ආදරයෙන් හිස අතගෑම

කුඩා දරුවන් ඉක්මනින් තෙහෙට්‍ටුවට පත්වෙනවා වගේම එක තැනක ‍රැඳී සිටිම ඔවුන්ට අපහසු දෙයක්. ඒ නිසාම වරින් වර හඬමින් ඔවුන් කලබල ඇතිකරනවා. කේට් කුමරියගේ මේ  ඡායාරූපයෙන් ඔබට පෙනෙනවා ඇති ඇය දරුවන්ගේ හිස අතගාමින් ඔවුන්ව සනසවන ආකාරය.  ළමා සංවර්ධනය සහ දෙමාපිය උපාදේශක වෛද්‍ය රෙබේකා චිකොට් මහත්මිය පවසන ආකාරයට මෙය කේට් කුමරිය විසින් දරුවන්ව සන්සුන් කරමින් ඔවුන්ගේ යහපත් හැසිරීම පවත්වාගැනීමට ඇය භාවිතා කරන උත්සාහයක් බවයි. හිස ස්පර්ෂ කරමින් ඇය දරුවන්ට හැසිරිය යුතු ආකාරය කාරුණිකව පැහැදිලි කරන ආකාරය බොහෝ ඡායාරූප වල දැකිය හැකියි.

  • කතා කරන විට ඔවුන්ගේ ඇස් මට්ටමට පහළට නැවී දරුවන් සමඟ කතාකිරීම.

දරුවා සමඟ කතා කරන විට හෝ දරුවාව සන්සුන් කරන විට ඔවුන්ගේ ඇස් මට්ටමට වන සේ පහළට නැවී කතා කිරීමට උත්සහ කරන්න. විශේෂඥයින් විසින් පවසන්නේ මවගේ අවධානය සම්පූර්නයෙන් දරුවාට යොමුකිරීම සහ දරුවාට සවන්දීම තුලින් දරුවාත් මවත් අතර ඇති අන්තර්සබඳතාව සහ සන්නිවේදනය වඩාත් ඵලදායි එකක් වන බවයි. එය දරුවා තුල වඩාත් සුරක්ෂිත බවක් සහ මවගේ හෝ පියාගේ සෙනෙහස හොඳින් දැනෙන ආකාරයේ හැසිරීමකි.

  • දරුවන් හට කුඩා විවේකයන් ලබාදීම සහ ඔවුන්ගේ උද්යෝගිමත් ආකාරයේ දෙයක් වෙත  යොමුකිරීම.

දරුවන් නොසන්සුන්කාරි වන විට ඔවුන්ගේ අවධානය වෙනතාකට යොමුකිරීමට උත්සාහ කල යුතුයි.  එහිදි දරුවන් වඩාත් කැමති දෙයක් සිහිගැන්වීම හෝ කැමති දෙයක් සමඟ සෙල්ලම් කිරීමට ඉඩ හැරීම සිදුකල හැකියි.  කේට් කුමරිය එවැනි අවස්ථාවල දරුවන්ව සොබාදහම හා සම්බන්ධ දෑ වෙත ඔවුන්ගේ අවධානය යොමුකරවන්නීය. ඇය විශ්වාස කරන ආකාරයට සොබාදම සමඟ වැඩීම දරුවාගේ කායික මෙන්ම මානසික වර්ධනයට ද බෙහෙවින් වැදගත් වන දෙයක් බවයි.

දරුවන් සමඟ ඇවිදින්නට යාම වැනි සරල දේවල් තුලින් මාපිය දූදරු බැඳීම ශක්තිමත් වන බව ඇය පවසයි.  ‘මම කුඩා කාලයේදි ගත කල ආකාරය මට තවම මතකයි. දෙමාපියන් සමඟ ඇවිදින්න යාම අවෙනි සරල දේවල් වලින් මම විනෝද වුණා. මම උත්සාහ කරන්නේ මගේ දරුවන්ටත් ඒ වගේ ළමා කාලයක් ලබාදෙන්නයි. ඔවුන් සමඟ කාලය ගත කරන විට අපට තියෙන හැම කරදරයක්ම පීඩාවක්ම මනසින් ඉවත් වෙලා යනවා වගේ දැනෙනවා’, යැයි කේට් කුමරිය වරක් මාධ්‍යයට පවසා තිබුණි.

01.

02.

03.

04.

05.

06.

Britain’s Catherine, Duchess of Cambridge, looks on as Prince George plays with a bubble gun at a children’s party at Government House in Victoria, Thursday, September 29, 2016. THE CANADIAN PRESS/POOL-Chris Wattie

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.