බර්මියුඩා ත්‍රිකෝණයට යන නැවු සහ ගුවන්යානා අතුරුදහන් වෙන්නේ ඇයි

ගුවන් යානා මෙන්ම නැව් දහස් ගණනින් අබිරහස් ලෙස අතුරුදහන් වන බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස අවසානයේ විසඳා ගැනීමට හැකිවී තිබෙනවා. මේ විධියට කියන්නේ එක්තරා විද්‍යාව සම්බන්ධ නාලිකාවක් විසින්. ඇමෙරිකාවේ කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සිදුකල චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබා ගත් කාලගුණ දර්ශන කිහිපයක් විශ්ලේෂණය කිරීමකදි  පෙර නොදු‍ටු අමුතු ආකාරයේ ෂඩස්‍රාකාර වළාකුලු (hexagonal clouds)එහි තිබෙනු දක ගත හැකිවිය. උල්කා විශේෂඥයින් පවසන ආකාරයට මෙවාට, විෂ ගෑස් වලාකුලු ඇති කරවන ගුවන් බෝම්බ (air bombs) ලෙස කටයුතු කිරීමේ හැකියාව තිබෙන බවයි. පැයට සැතපුම් 170 කට වඩා ඉක්මවන විනාශකාරි සුලං ඇති වීමට මේවා ප්‍රධාන වශයෙන් හේතු වන බව සොයාගන්න ලදි. එය සැඩ කුණා‍ටු ඇති වීමෙන් දැඩි ලෙස සුලං කැලඹීම නිසා අඩි 45 ක් පමණ උසට ජල තරංග ඇති වේ.

කිසිඳු නැව් යානාවකට හෝ ගුවන් යානාවකට එවැනි සුලි කුණා‍ටුවකට ඔරොත්තු දීමේ හැකියාවක් නොමැත. වලාකුලු සෘජු රේඛා සහිත කොන් වලින් යුක්ත නොවේ. නමුත්, බර්මියුඩා හි චන්ද්‍රිකා ඡායාරූප මෙම න්‍යාය ට වඩා හාත්පස වෙනස් බව පෙනී යන්නට විය. එම නිසාම මේ සම්බන්ධ පරියේෂණ බොහෝමයක් ආරම්භ කරන ලදි. ලොව පුරා බොහෝ විද්‍යාඥයින් විසින් මේ වෙනස ඇති වූයේ කෙසේදැයි හේතු සෙවීමට උත්සුක වූහ. බර්මියුඩා ත්‍රිකෝණය යනු අත්ලාන්තික් සාගරයේ පිහිටි ෆ්ලොරිඩා, Puerto Rico සහා බර්මියුඩා යන ස්ථාන අතර පවතින ප්‍රදේශය්යි. එම ප්‍රදේශය වඩාත් ප්‍රචලිතව ඇත්තේ එහි සිදුවන අභිරහස් සිදුවීම් නිසාමය.

එසේ සිදු වූ මුල් සිදුවීමක් ලෙස 1945 දී ඇමෙරිකානු බෝම්බකරුවන් පස් දෙනෙකු ‍රැගත් ප්ලේන් යානයක් කිසිඳු තොරතුරක සේයාවක් වත් ඉතිරි නොකර අතුරුදහන් වීම ප්‍රචලිත පුවත් අතරින් එකකි. මෑත කාලයේ එසේ වාර්තා වූ පුවත් අතර 2015 වසරේ වෙලඳ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වූ ‘El Faro’ නම් නෞකාව බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වීම දැක්විය හැකිය.

01.

02.

03.

04.

05.