‘බඩගාන කාලේ ඉඳලා බෙර ගහපු එකෙක් මම’ ජනප්‍රිය ගායක වේරලියද්ද මහතා කියන කතාව

ගමේ කමට මුල් තැන දෙමින් කලාව හා බැදි සිටි මොහු නමින් සේනානායක වේරලියද්දයි. මේ දිනවල ගමට වෙලා ගමේ සුන්දරත්වය විදින මොහු ගැනයි මේ කතාව. කහටගස්දෙගිලිය ග්‍රාමිය රෝහලක ඉපදුන මොහු පවුලේ බඩ පිස්සා. සේනානයකගේ ළමා කාලය ගෙවි තිබුනේද ගමක. රට වෙද මහත්තයා නැතහොත් සේනානායකගේ පියා ගමේ ප්‍රසිද්ධ අයෙකු වුයේ ⁣ගමේ බොහෝ දෙනෙකුට වෙදකම් කළ නිසා. තවද ඔහු ගායනයට උපන් හැකියාවක් තිබුන කෙනෙක්. ඒ වගේම බෙරවාදනයට උපන් හැකියාවක් දක්වන වේරලියද්ද මහතා. ඒ හැකියාව ඔහු ගමේ අයටද ⁣කියා දි පොඩ් ළමයින්ට පුරුදු කළ බවද තව දුරටත් කියා සිටියා. ඒ සමඟම කලායතනයක් බිහි වු බවත් එය ‘සරසවි’ කලායතනය නමින් ප්‍රසිද්ධ වු බවත් කාලයත් සමඟ පියා “නටන වෙද මහත්තයා ලෙස ප්‍රසිද්ධ වු බවත්”ඔහු කිවේ අතිතය මනා ලෙස දිග හරිමින්.

සේනානායක මහතාගේ පාසල් කාලය පිලිබඳ ඔහු කිවුවේ මේ වගේ කතාවක් “ඇත්තටම මම ඉගෙන ගත්තේ අනුරාධපුර දුටුවැව මහ විද්‍යාලයෙන්. පාසල් යන්න පෙර ඉඳලම මට හොඳට බෙර වාදනය කරන්න පුළුවන්. බඩගාන කාලෙත් බෙර ගහපු එකෙක් මං. පාසල් කාලයේ මම සංගීත අංශයෙන් ගොඩක් ප්‍රසිද්ධයි. කාලයක් යද්දි අපේ ගෙදරට සර්පිනාවක් ගෙනාවා. අයියලා මට ඒක දුන්නේ නැති වෙද්දි හැමෝම නිදාගත්තාට පස්සේ මම ඒකත් වාදනය කළා. මම මාර කැප කිරිමක් කලා. එදා හැමෝම වගේ මාව වර්ණනා කළා. කාලයත් එක්ක අපේ කලායතනය සංස්කෘතික කලායතනයක් බවට පත් වුනා. ඉතිත් හැමදේම එක්ක තරඟ වලටද මම සම්බන්ධ වුනා. ඒවාගෙන් ජයග්‍රාහණ කළා. කියන්නම ඕනි මගේ තාත්තාට් හිටිවන කවි කියන්න පුළුවන්. ඉතින් ඒ හැකියාවද මට ලැබිලා තියෙනවා.” කියලයි.

ජයග්‍රාහණ රැසක් නිසාම සේනානායක මහතාට දක්ෂ කලාකරුවෙකු වන ‘ශ්‍රි ජයනා’ ගුරුතුමා හා සම්බන්ධ වෙන්න ඉඩකඩ සැලසුනා. සම්මුඛ පරික්ෂණ සියල්ලන්ගෙන්ම සමත්වු මොහුට කොළඹට එන්න මඟ සැලසෙනවා. කාලයත් එක්ක ඔහු කලායතනයෙන් ඉවත් වු බවත් පසු කාලිනව නැවතත් ගමෙන් කොළඹට 1983 රාජ්‍ය නැටුම් හා වාදක කණ්ඩායමට සම්බන්ධ වු බවත් එහිදි ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායකයෙක් ලෙස ඔහු තේරි පත් ව තිබුන බවත් පැවසුවා. ඉතින් අපි සේනානායක මහතාගේ⁣ගේ පියා ගැන තොරතුර අහන්ත් අමතක කලේ නෑ. “මගේ තාත්තා වෙද මහත්තයෙක් වුනේ අත්තාගේ ආභාෂය එක්ක. අනික මගේ තාත්තා මිලටරි ආමි එකට සම්බන්ධ කෙනෙක්. හැබැයි කාලයත් එක්ක ඔහු ආමි එකෙන්ද අයින් වුනා. පස්සේ ඔහු අත්තාගේ ආභාෂය එක්ක ලැබුන හැකියාවෙන් ඔහුගේ කටයුතු ආරම්භ කළා.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ජනප්‍රිය ගායක වේරලියද්ද මගතාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.