පොදු කතාවෙන් හැමෝගෙම ආදරේ දිනාගත්ත රන්දිකගේ සැබෑ ආදරයට මොකද වුනේ

රන්දික ගුණතිලක කියන්නෙ මේ දවස්වල ලංකාවේ කාගෙත් අවධානය දිනා ගත් සමාජ ජාල වලත් ගොඩක්ම කතා වෙන නවක රංගන ශිල්පියෙක් ලාංකික ටෙලිවිෂන් ප්‍රේක්ෂකයන් වෙත අලුත්ම අත්දැකීමක් ලබා දෙන “මම තමුසෙට ආදරෙයි මොඩියේ කියලා” කෑගහපු පොදු ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයෙන් ඔබ හමුවට එන රන්දික සමඟ අපි කතා කළා.

  • ඉතින් රන්දික මොකද වෙන්නේ කොහොමද මේ දවස්වල ජීවිතේ?
  • මේ දවස්වල නම් ඉතින් විශේෂ දෙයක් නෑ ගෙදරට වෙලා ඉන්නවා
  • “පොදු” ටෙලි නාට්‍යය පිලිබඳ අද වන විට හැම තැනකම වගේ කතා වෙනවා ඉතින් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
  • ඇත්තටම මම මෙච්චර කළේ මාව හඳුනගන්න බැරි වෙන චරිත. හැබැයි මට ලැබෙන චරිතය ලොකුද පොඩිද කියලා මම බැලුවේ නෑ ඒ වෙනුවෙන් උපරිමෙන්ම කැපවෙලා කොණ්ඩෙ, සිරුර රැවුලෙ ඉඳන් හැසිරීම දක්වා මගේ සියලුම දේවල් වෙනස් කරගෙන චරිතෙට අදාළ විදියට හැඩගැහුණා. එහෙම කැප කිරීමක් කරපු නිසා මිනිස්සු මාව හඳුන ගත්තේ නැහැ. ඒ විදියට වැඩේ කරලා පාඩුවේ ගෙදරට ඇවිත් ඉන්නවා පොදු නිසා ඒ හැම දෙයක්ම වෙනස් උනා ඒ ටෙලි නාට්‍යයටත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා ගොඩක් ය මට කතා කරනවා ඒ ගැන තියෙන්නේ වචනෙන් විස්තර කරන්න බැරි තරම් ලොකු සතුටක්.
  • පොදු කතාවේ ආදි කියන චරිතය මොන වගේද ? ඔබට කොහොමද ඒ චරිතය දැනුණේ?
  • මේ ෆීල්ඩ්ආ එකේ ධුනිකයෙක් විදිහට මට ලැබුණු ලොකු අභියෝගයක් මේ චරිතය ආදි කියන චරිතය එක තැනකට කොටු කරන්න බෑ ඒ චරිතය හරහා විවිධ පරාසයන් රාශියකට යන්න පුළුවන් මට මේ චරිතය හරහා එකිනෙකට වෙනස් අවධීන් තුනක් නිරූපණය කරන්න අවස්ථාව ලැබුනා. ඒ පාසල් කාලය, විශ්වවිද්‍යාල කාලය සහ රැකියාවක් කරන තරුණයකුගේ කාලය. ඒක ඇතුළේ දේශපාලනය එක්ක තියෙන ගැටුමක්, ආදරය එක්ක ඇතිවෙන ප්‍රශ්න ටිකක් ඇත්තටම පොදු කියන්නේ ගොඩක් සුන්දර කතාවක් කියලා මාතර විශ්වාසයි
  • පොදු කතාවේ විශ්වවිද්‍යාල කාලය තුළ හමුවෙන්නෙ ඔබ ගතකල සැබෑ විශ්වවිද්‍යාල කාලයමද?
  • ඇත්තටම මගේ විශ්වවිද්‍යාල ජීවිතය තුළදී මම කිසිම අවස්තාවක අරගලවලට ගිහිල්ලා නැහැ. මම නිතරම හිතුවේ අපිට පල්ලෙහා තැන ඉඳලා මේක වෙනස් කරන්න බැරි නම් උඩම තැනට ගිහින් මේ දේවල් වෙනස් කරන්න ඕනි කියන එක ගැන. මගේ ජීවිතේට සම්බන්ධ දේවල් තියෙනවා මගේ මූලික කාරණාව වුණේ රංගනය ඒ නිසා අනෙක් සියලු දේවල් අතහැරලා රංගනය කියන දේ විතරක්ම හැදෑරුවා. එතැනින් එහාට කිසිම දෙයක් මට අදාළ වුණේ නැහැ. අඩුම තරමේ කොටින්ම ආදරය පවා, මම ඒ කාලේ ආදරේ හොයනවට උනන්දු උනේ මගේ ඉගනීමට
  • රන්දික ගේ ඉදිරි වැඩ කටයුතු මොනවද?
  • හැපි බර්ත් ඩේ කියලා ෆිල්ම් එකක් එන්න තියෙනවා අරුණ ජයවර්ධන මහත්මයාගේ. මම සහ සජිත ඇන්තනී රඟපෑ සශික හේරත් අයියා අධ්‍යක්‍ෂණය කළ සිහින සමීකරණ කියන චිත්‍රපටයත් තිරගත වෙන්න සූදානමින් තියෙන්න වෙන වැඩ නෑ කොහොමත් මේ දවස් වල රටේ තත්ත්වෙත් එක්ක එලියට පහලියට බහින්න බෑ නේ
  • පවුලේ මොනවද?
  • මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියලා දෙන්නෙකුයි, නංගිලා දෙන්නෙකුයි. ටිකක් ලොකු පවුලක් හැබැයි එක නංගි කෙනෙක් මැරි කරලා දැන් වෙනම ඉන්නෙ. ගෙදර අයගෙනුත් මගෙ කලා කටයුතුවලට ගොඩක් හොඳ ප්‍රතිචාරය වගේම සහයෝගයක් ලැබෙනවා. ඇත්තටම මේ ගමන එන්න ඒ අය ලොකු හයියක් උණා