‘පොඩිකාලේ ඉඳන්ම මම ගොඩක් හැඩයි කියලා හැමෝම කියනවා’ ජනප්‍රිය නිලි පබෝදා කියන කතාව

එදා මෙදා තුළ සිනමාවේ රූපවාහනියේ ජනප්‍රිය ඇය පබෝධා සංදීපනි. අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඇය සමඟින් පබෝධා එන්න එන්න තවත් සුන්දර වෙනවා කියන්න සැකයක් නෑ.ඔබ හිතන විදිහකට කාත්තාවකට ලස්සන කියන දේ වැදගත්ද,? “අනිවාර්යෙන් ම ඔව් කාන්තාවක් වුනහම ලස්සනට ඉන්න ඕනි. කාන්තාවක් කියද්දිම අපේ මතකයට එන්නේ සුන්දර කෙනෙක්. මම පෞද්ගලිකව හිතන දේ තමා කාන්තාවක් පිරිසිදුව පිළවෙලට ඉන්නවනම් ඒ කාත්තාව සුන්දර කෙනෙක්. අනික ඕනිම කාන්තාව⁣කගේ හදවත චේදනා පිරිසිදුනම් ඒ කාන්තාව සුන්දරයි.”

පබෝධා ලස්සන වුනේ තරුණකාලේ ද? “නෑ පොඩි කාලේ ඉදන් ම මම ලස්සනයි කියලා හැමෝ්ම කිවා. ම⁣ගේ හමේ පැහැය වුනත් කහ පාටයි ඒ කාලේ. යාළුවෝ වුනත් මට කිවේ මම හරි ලස්සනයි කියලා. මගේ ෆොටෝ පවා එයාලා ලග තියෙනවා කියනවා. ඉතින් ඒවා අහද්දි මට තවත් ලස්සනට ඉන්න හිතෙනවා.”

පබෝධා ලස්සන එක විදිහකටම තියාගන්න මොකද කරන්නේ? “දැන්නම් ඇත්තටම එහෙම විශේෂ දෙයක් කරන්න තරම් වෙලාවක් නෑ. ඉදලා හිටලා සැලුන් එකකට යනවා. හැබැයි මම ගොඩක් තරුණ කාලේ ලස්සන තියාගන්න ගොඩක් දේවල් කලා. මගේ අත්තා වෙදමහත්තයෙක්. ඒ නිසාම එයා දේශිය දේවල් හදලා දුන්නි ස්වාභාවික දේවල් වලින් මගේ ලස්සන තියාගන්න.”

පබෝධා කියන සැනින් අපිට මතක් වෙන්නේ හරි කර්ලි සුන්දර කොණ්ඩයක අයිතිකාරියක්. ඔබේ කොණ්ඩය සුන්දරව පවත්ව ගන්න ඔබ මොකද කරන්නේ, “ඒකනම් ගොඩක් මේන්ටේන් කලේ මගේ අත්තම්මා තමයි. මොකද එයා ඖෂධ පාවිච්චි කරලා හොදට ⁣පීරලා පොඩි කාලේ හොදට මගේ කොණ්ඩය බලාගත්තා. ඇත්තටම දැන්නම් එහෙම සත්තකාර කරනවා අඩුයි.”

ඔබ සුන්දර මෙන්ම දක්ෂ නිළියක්. ඔබ වැඩිපුරම ජනප්‍රිය වුනේ, “මාව වැඩියෙන් ජනතාව අතර ප්‍රසිද්ධ වුනේ බහුභූතයෝ, ගින්දරී සිනමා කෘතිවල ටිකිරි නැත්නම් ගින්දරි විදිහට. ඒ ලැබුන රසික ආදරේට අදටත් මම ගොඩක් කැමතියි.”

අවුරුදු හතරේ සිට කලාවට සම්බන්ධ වෙන පබෝධා නර්ථනයට දක්ෂ වෙද්දි ඒ ගැනද අපි ඇයගෙන් අහන්න හිතුවා. “මම පාසල් කාලේ ඉදන්ම නර්ථනය ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා මගේ සුන්දරත්වය පවත්ව ගන්න අදටත් නර්ථනය කියන දේ මට වැදගත් වෙනවා. අනික වි⁣ශේෂනම දේ මගේ අම්මාටත් නර්ථනය පුළුවන්. ඒ නිසාම ඒ හැකියාව මට ලැබිලා තියෙනවා.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන පබෝදාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.