‘පෙම්වතා මගෙ බොඩිගාඩ් වෙන්නත් ඕන’ ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ අනගි කියන කතාව චායාරූප 26ක් සහිතයි

‘අනගි’ කියන්නෙ අහිංසක, සුන්දර ගැමි යුවතියක්. ඒ වගේම ඉවසීමෙන් දුක් දරාගෙන තමන්ගේ නංගිවත් බලාගෙන ඉන්න තරුණියක්, ඉතින් ඇයගේ මේ අහිංසකකම නිසා හැමෝම ඇයට ගොඩක් ආදරෙයි. මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ‘ඉස්කෝලේ’ කතාවේ ‘අනගි’ කියන පාසල් යුවතියගේ චරිතයට පන පොවන්නේ නවක රංගන ශිල්පිනියක් වන හිරුෂි පෙරේරා විසින්. ටෙලිනාට්‍යට පාසල් ගියාට ඇය පාසල් ගමන නතර කරලා දැනට වසර හයක් පමණ වෙනවලු. ඒ වගේම නැවත පාසල් යන කෙල්ලෙක් විදියට රඟපාන්න ලැබුනම ඇය පුදුම වුනාලු.

හිරුෂි මීට පෙර ‘රාවන’ ටෙලිනාට්‍යයේ වගේම ‘දෙවෙනි ඉනිමෙ’ වෙද මහත්තයගෙ දුව තමිරගේ චරිතය රඟපෑවා. ඊට පස්සෙ තමයි ‘ඉස්කෝලෙ’ ටෙලි නාට්‍යයේ අනගිගේ චරිතය ඇයට ලැබුණේ. කොහම වුනත් හිරුෂ් වෘත්තීය නිලියක් වෙන්නේ නෑලු හැබැයි ඉඩ ලැබෙන විදිහට ලැබෙන චරිත භාරගන්නව කියලත් ඇය කියනවා. ඒ වගේම ආදරේ පිලිබඳ හිරුෂි කියන්නේ මේ වගේ කතාවක්. ”මෙහෙමයි මම ආදරය කරන කෙනා කවුරු වුණත් මට උදව් කරන කෙනෙක් වෙන්න ඕන. කලා ක්ෂෙත්‍රයේ වැඩ කරද්දි බොහෝ පිරිසක් එක්ක මුහුවෙලා කතාබහ කරලා වැඩ කරන්න වෙනව. ඒ දේවල් ගැන ඔහුට හොඳ අවබෝධයක් තියෙන මාත් එක්ක එකටම ඉන්න මට ගොඩාක් ආදරේ කරන මාව ආරක්ෂා කරන කෙනෙක් වෙන්නත් ඔන.” කියලයි. ඉතින් ඔයාලා ගොඩක් ආසාවෙන් නරඹන ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ ‘අනගි’ගේ අපූරු පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.